බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ සරණාගත රැඳවුම් මධ්‍යස්ථානයකින් පලා යා හැකි උමගක් හමුවෙයි (SBS සිංහල/ වාර්තා)

මීට ප්‍රථම 2001 වසරේ ජූලි 19 වන දින සිඩ්නි හි Villawood රැඳවුම් මධ්‍යස්ථානයේ උමගක් හාරා සරණාගතයින් 23 දෙනෙකු පැන ගොස් තිබෙන අතර එම සිද්ධියෙන් වසර 20 කට පසුව මෙවැනි සිදුවීමක් වාර්තා වීම සුවිශේෂී සිදුවීමකි.

20120826000562593906-original_0.jpg

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ සරණාගත රැඳවුම් මධ්‍යස්ථානයක මීටර් 20 ක් දිගැති පලා යා හැකි උමගක් හමු වී ඇතැයි වාර්තා වේ.

පර්ත් නගරයට ඊසාන දෙසින් මෙම සරණාගත රැඳවුම් මධ්‍යස්ථානය පිහිටා තිබේ.


Highlights

  • බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ Yongah Hill රැඳවුම් මධ්‍යස්ථානයට සම්බන්ධව පිහිටි මෙම උමග මැයි 10 වන දින පෙරවරු 10 ට පමණ සොයාගෙන තිබේ.
  • මීටර් 20 ක් දිගැති මෙම උමග මීටර් 3 ක් පමණ උස බව වාර්තා වේ.
  • මෙම උමග හෑරීමට භාවිතා කරන ලද්දේ කුමන උපකරණද යන්න තවමත් පැහැදිලි කරගත නොහැකි බව Refugee Action Coalition (RAC) හි ක්‍රියාකාරීන් පවසයි.

රැඳවුම් මධ්‍යස්ථානයේ පිහිටි පලා යා හැකි උමග

මීටර් 20 ක් දිගැති මෙම උමග මීටර් 3 ක් පමණ උස බව වාර්තා වේ.

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ Yongah Hill රැඳවුම් මධ්‍යස්ථානයට සම්බන්ධව පිහිටි මෙම උමග මැයි 10 වන දින පෙරවරු 10 ට පමණ සොයාගෙන තිබේ.

මෙම උමග හෑරීමට භාවිතා කරන ලද්දේ කුමන උපකරණද යන්න තවමත් පැහැදිලි කරගත නොහැකි බව Refugee Action Coalition (RAC) හි ක්‍රියාකාරීන් පවසයි.

නමුත් එය මාස තුනක පමණ කාලයක් තුළදී නිර්මාණය කරන ලද්දක් බවට ඔවුහු විශ්වාස කරති.

මෙම උමග රැඳවුම් මධ්‍යස්ථානයේ අභ්‍යන්තර වැටවල් දෙකට ඔබ්බෙන් පිටත පරිමිතියේ වැටෙන් මීටර් පහක් ඇතුළත දක්වා ඇති බවට ගණන් බලා තිබේ.

"වහලවල් කැබලි හෝ පයිප්ප කැබලි මේ සඳහා යොදාගන්නට ඇති, අතීතයේ දී ද මීට සමාන දේ සඳහා භාවිතා කර තිබෙනවා." යනුවෙන් RAC හි නියෝජිතයෙකු පැවසීය.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

මෙම උමග හමුවූයේ Yongah Hill රැඳවුම් මධ්‍යස්ථානයේ 6F කාමරයට පහතින් බවත් එය රැඳවුම් භාරයේ සිටින 501 නමැති පුද්ගලයෙකුගේ කාමරයක් බවත් RAC හි නියෝජිතයා පැවසීය.

"ඔස්ට්‍රේලියානු සංක්‍රමණ පනතේ 501 කොටස යටතේ ඔවුන්ට ඔස්ට්‍රේලියාවට ඇතුළුවීම අවලංගු කර ඇති නිසා ඔවුන්ව 501 ලෙස හැඳින්වෙනවා. මේ පිළිබඳ පොලීසියට ඊයේ (10/05) පැමිණිලි කළ නමුත් අදාළ පුද්ගලයාව අත්අඩංගුවට ගත්තාද යන්න මම දන්නේ නැහැ." යනුවෙන් ද ඔහු පැවසීය.

මීට ප්‍රථම 2001 වසරේ ජූලි 19 වන දින සිඩ්නි හි Villawood රැඳවුම් මධ්‍යස්ථානයේ උමගක් හාරා සරණාගතයින් 23 දෙනෙකු පැන ගොස් තිබෙන අතර එම සිද්ධියෙන් වසර 20 කට පසුව මෙවැනි සිදුවීමක් වාර්තා වීම සුවිශේෂී සිදුවීමකි.


Share

2 min read

Published

By Madhura Seneviratne

Source: AAP, SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now