ව්‍යාපාර සදහා අවශ්‍ය ශ්‍රමිකයින් ලබාගැනීමේදී, තාවකාලික පදනම යටතේ ඕස්ට්‍රේලියාවට පැමිණෙන්න සංක්‍රමණිකයින්ගෙන් වැඩි දායකත්වයක් ලබාගැනීමේ වැඩසටහනක් හදුන්වාදීමට නවතම වාර්තාවක් මගින් යෝජනාවක් ඉදිරිපත්ව තිබේ . guest worker migration program නම් මෙම වැඩසටහන මගින් ව්‍යාපාර සදහා අවශ්‍ය අඩු කුසලතා සහිත ශ්‍රමිකයින්ගේ අවශ්‍යතාවයන් සපුරා ගැනීමට බලාපොරොත්තු වන බව සදහන්. මෙය ඕස්ට්‍රේලියාව තුල ස්ථිර වශයෙන් වාසය කරන සංක්‍රමණික ප්‍රජාවන්ට අහිතකර අයුරින් බලපෑ හැකි බව සංක්‍රමණික ප්‍රජාවන් නියෝජනය කරන සංවිධාන කීපයක් පවසයි. CEDA (Committee for Economic Development of Australia) මගින් නිකුත් කර ඇති මෙම වාර්තාවට අනුව සදහන් වන්නේ ඕස්ට්‍රේලියානු සංක්‍රමණ ප්‍රතිපත්තිය යල් පැන ගිය එකක් බැවින් එය සංශෝධනය කල යුතු බවයි.
ඕස්ට්‍රේලියානු ප්‍රජා කවුන්සිල එකමුතුවේ සභාපති Joe Caputo ද මේ සදහා විරෝදය පල කර ඇති අතර, CEDA (Committee for Economic Development of Australia) මගින් නිකුත් කර ඇති මෙම වාර්තාවට අනුව සදහන් වන්නේද නිවාඩු සදහා පැමිණෙන අයට රැකියාවල නිරතවීමට අවස්ථාව ලබාදෙන වීසා (working holiday visa) සදහා සීමාවක්ද පැනවිය යුතු බවයි. තාවකාලික පදනමක් යටතේ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණිකයින් රැගෙන ඒම දිරිමත් නොකළ යුතු ක්‍රියාවක් බවත් , මීට පෙර ඕස්ට්‍රේලියාව සිදු කල ආකාරයට ස්ථිර පදිංචිය සදහා සංක්‍රමණිකයින් මෙරටට රැගෙන එම දිරිමත් කල යුතු බවත් Joe Caputo මහතා වැඩිදුරටත් පවසයි.
guest worker program නම් නව යෝජිත වැඩසටහනට අනුව, නියමිත කාලවකවානුවක් තුල යම් කේෂ්ත්‍රයක, රැකියාවක් නිරතවීමට විදේශීය ජාතිකයින්ට අවස්ථාව ලැබෙන අතර එම කල සීමාව ඉකුත් වීමෙන් අනතුරුව නැවතත් ඔවුන් තම මව් රට බලා පිටත්ව යා යුතු වනවා.
මෙම නවතම CEDA වාර්තාවට අනුව අවශ්‍යතාවය මත පදනම් ව තාවකාලික පදනම මත සංක්‍රමණිකයින් මෙරට රැගෙන එන වැඩසටහනක (“purpose built” guest worker program) අවශ්‍යතාවය ඇති බව යෝජනා කර තිබේ. තවද රජය නිවාඩු සදහා පැමිණ ශ්‍රම බලකායට දායකත්වය ලබාදෙන පිරිස අමතක කොට ඇතිබවද මෙම වාර්තාව පෙන්වා දෙන කාරණයක්. එමෙන්ම working holiday visa ඇතුළු, ශ්‍රම බලකායට තාවකාලික පදනම යටතේ එක වීමට අවස්ථාව ලබාදෙන වීසා වැඩසටහන් විමර්ශනය කලයුතු බව මෙම වාර්තාව පෙන්වා දෙන තවත් වැදගත් කරුණක්.
මේ කාරණය පිලිබදව අදහස් දක්වන ඕස්ට්‍රේලියානු සංක්‍රමණ කටයුතු දෙපාර්තමේන්තුවේ ලේකම් Mike Pezzullo පවසන්නේ, ස්ථිර සංක්‍රමණය පිළිබද ප්‍රතිපත්ති සම්පාදකයින් ඒ පිළිබද තීරණ ගැනීමේදී සංව්දී නොවිය යුතු බවයි.
මෙම යෝජිත නව guest worker migration වැඩසටහන පිළිබද අවසන් තීරණයක් ගැනීමට පෙර තාවකාලික කුසලතා වීසා වැඩසටහනට (skilled temporary visas ) යම් සිමාවන් පැනවිය යුතු බව CEDA සංවිධානයේ ප්‍රධාන විධායක Stephen Martin පවසයි. තවද guest worker migration වැඩසටහන මගින් මෙරට ශ්‍රම බලකායට හානියක් සිදුවේදැයි සොයා බැලීමද වැදගත් කාරණයක් බව ඔහු වැඩි දුරටත් සදහන් කරයි.