කොරෝනා වෛරසයට එන්නතක් මෙම වසර අවසානයට පෙර ලබාදියහැකි බවට යුරෝපා කොමිසමෙන් අනාවැකි පළවේ.

Nurses pray before applying vaccines against flu at a church in Buenos Aires, Argentina, 11 April 2020.

Nurses pray before applying vaccines against flu at a church in Buenos Aires, Argentina, 11 April 2020. Source: AAP

COVID-19 හෙවත් කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා එන්නතක් මෙම වසර අවසානයට පෙර නිපදවිය හැකි බවට විශ්වාස කරන බව යුරෝපා කොමිසම් සභාපතිනිය සඳහන්කොට තිබේ. ජර්මනියේ ඉරිදා පුවත්පතක් වන Bild am Sonntag පුවත්පත සඳහා අදහස් දක්වමින් යුරෝපා කොමිසම් සභාපතිනි Ursula von der Leyen මහත්මිය විසින් මේ පිළිබඳව හෙළිකොට තිබේ. එමෙන්ම දැඩි විශ්වාසයක් තැබිය හැකි පර්යේෂණ කණ්ඩායම් යුරෝපය සතුවන බවද ඇය පුවත්පතට සඳහන් කොට තිබේ.

ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම එන්නත, භාවිතය සඳහා අවසර ලබාගැනීම සඳහාත්, විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට සහ හැකි ඉක්මනින් භාවිතයට ගැනීමටත් පියවර රැසක් ගතයුතුව ඇති බවයි. නමුත් මෙම එන්නත ගෝලීය වශයෙන්  නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් මේවනවිටත් යුරෝපා සංගමය තුළ සාකච්චා සිදුවන බවද ඇය පුවත්පතට සඳහන්කොට තිබේ.

“වැඩිහිටි පුද්ගලයින්ගේ ජීවිතාවධානම සැලකිල්ලට ගනිමින් ශික්ෂණයෙන් සහ ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න”

පවතින ව්‍යසනකාරී වසංගත තත්වය හමුවේ වැඩිහිටි පුද්ගලයින් දැඩිලෙස ආරක්ෂා වියයුතු අතර සෙසු පුද්ගලයින් මෙම කාලසීමාව තුලදී, වැඩිහිටි පුද්ගලයින් ආශ්‍රය කිරීමෙන්හැකිතාක් වළකින ලෙසද යුරෝපා කොමිසම් සභාපතිනිය අවධාරණය කොට තිබේ. එසේ සිදුකිරීම මානුෂික වශයෙන් අපහසු කාර්යයක් වුවද වැඩිහිටි පුද්ගලයින්ගේ ජීවිතාවධානම සැලකිල්ලට ගනිමින් ශික්ෂණයෙන් සහ ඉවසීමෙන් යුතුව කටයුතු කරන ලෙස ඇය ජනතාවගෙන් ඉල්ලා තිබේ.

ව්‍යසනකාරී වෛරසය මැඩපැවැත්වීමට තවත් මාස ගණනක් ගතවියහැකි අතර, එසේ නමුත් පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන හැකි ඉක්මනින් විවෘත කිරීමට හැකිවෙතැයි තමන් බලාපොරොත්තු වන බව සභාපතිනි Ursula von der Leyen මහත්මිය පුවත්පතට පවසා තිබේ.

වැඩිහිටි පුද්ගලයින්ට සහ පූර්ව ආබාධ සහිත පුද්ගලයින්ට වඩා අඩුකාලයක් තුළදී දරුවන්ට සහ තරුණ පරපුරට තම යථා ජීවිතයට එළැඹිය හැකිවෙතැයි තමන් විශ්වාස කරන බව යුරෝපා කොමිසම් සභාපතිනිය තවදුරටත් පවසා තිබේ.

එසේම කොරෝනා වෛරසය හේතුවෙන් පැනවූ සීමා ක්‍රමයෙන් ඉවත් කිරීමේ උපායමාර්ගයන් පිළිබඳව සිය තොරතුරු ඉදිරිපත් කිරීමට යුරෝපා සංගමය බලාපොරොත්තුවන බවද වාර්තාවේ.

SBS Sinhala Radio
Source: SBS Sinhala Radio

2 min read

Published

By Nipuna Dodangoda




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now