ශ්‍රී ලංකාවේ ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකික ඕස්ට්‍රේලියානු මවක් හා 10 හැවිරිදි දියණියත් මරුට (SBS සිංහල/ වාර්තා)

sbs

Mrs Suriyaaratchchi and daughter Source: SBS

ඊයේ ශ්‍රී ලංකාවේ සිදුවූ ප්‍රහාරයෙන් ඕස්ට්‍රේලියානුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison මහතා ප්‍රකාශ කොට තිබේ.

ප්‍රහාරයෙන් මිය ගිය අය වෙනුවෙන් මෙල්බන් නුවර පැවති සමරුමකදී ෆාහිම් මව්ජූඩ් මහතා SBS පුවත් සේවයට පවසා ඇත්තේ ඔහුගේ හිතවතුන් වන මීට පෙර මෙල්බන් නුවර වාසය කල මැණික් සුරිආරච්චි මහත්මිය සහ ඇගේ  10 හැවිරිදි දියණිය Alexandria ද මීගමුවේ ප්‍රහාරයෙන් මිය ගිය බවයි. එම අවස්ථාවේ ඇගේ සැමියා වාහනය නවත්වමින් සිට ඇත.

ඔවුන් මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට ගොස් ඇත්තේ පවුලේ සාමාජිකයෙකු රැක බලා ගැනීම සදහායි. 

සුරියආරච්චි මහත්මිය මෙල්බන් නුවර Omega Global නම් ආයතනයේ ආරම්භක අධ්‍යක්ෂකවරිය වූ අතර එම සමාගමේ ශාකාවන් කොලඹ හා සින්ගප්පුරුවේද ඇති අතර එම ආයතනය නව වෙළද නාම වෙළද පොළ වෙත ගෙන යාමේ සමාගමක් වේ.

ඇගේ හා දියණියගේ නම් හෙළි කිරීමට ඇගේ සැමියා SBS වෙත අවසරය ලබා දී තිබේ.

තවමත් ඕස්ට්‍රේලියානු රජය විසින් මිය ගිය ඕස්ට්‍රේලියානුවන් දෙදෙනාගේ අනන්‍යතාවය නිල වශයෙන් හෙළි කොට නොමැත.

අග්‍රාමාත්‍ය Scott Morrison ප්‍රකාශ කොට ඇත්තේ එම පවුල වෙත සංවේගය පල කරන ලෙසයි

sbs
Source: SBS

එසේම තවත් ඔස්ට්‍ර්ලියානුවන් දෙදෙනෙකු , එනම් වයස අවුරුදු 50 ක හා 20 ක කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවද හෙළි ව තිබේ

එසේම ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ හා විදෙස් අමාත්‍ය තිලක් මාරපන යන අමාත්‍යවරුන් සමග සිය සංවේගය පල කල බවයි. මෙම ම්ලේච්ච ප්‍රහාරය ඕස්ට්‍රේලියානු රජය හෙලා දකින බවද ඔහු ප්‍රකාශ කොට තිබේ.

එසේම විපක්ෂ නායක Bill Shorten මහතාද විපතට පත් පවුල් වෙත සංවේගය පල කොට ඇති අතර පක්ෂ නොසලකා මෙහිදී ඕස්ට්‍රේලියානුවන් ලෙස සහය දක්වන බවත්, තව දුරටත් මෙවන් සංවේදී පුවත් අසන්නට නොලැබේවායි ඔහු ප්‍රාර්ථනා කරන බවද පැවසීය.

ඉරිදා ප්‍රහාරයෙන් මේ වන විට 290 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 500 දෙනෙකු පමණ තුවාල ලබා ඇත

මේ වන විටත් ශ්‍රී ලංකා පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයන්ගේ සම්පුර්ණ විස්තර හෙළි කිරීම ප්‍රතික්ෂේප කොට ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වේ. 

 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

 


2 min read

Published

Updated

By Charitha Adikari

Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now