ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක තවදුරටත් නොසන්සුන් තත්ත්ව. පුද්ගලයෙකු මරුට.

Tense Situation in Sri Lanka

Source: SBS

ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ ඊයේ (13/05) සිදුවූ කලබලකාරී තත්ත්වය හේතුවෙන් සමස්ත ශ්‍රී ලංකාවටම බල පැවැත්වෙන ලෙස පොලිස් ඇඳිරි නීතිය පැනවීය.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කය හැරුණු කොට අනෙක් ප්‍රදේශ වල ඇඳිරි නීතිය ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම 4 තෙක් බල පැවැත්වුණු අතර ගම්පහ දිස්ත්‍රික්කය සඳහා පැනවූ ඇඳිරි නීතිය ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 6 දක්වා ක්‍රියාත්මක වේ.

මුස්ලිම් විරෝධී පිරිස් ඇති කළ ගැටුම් හේතුවෙන් මේ වන විට එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. 45 හැවිරිදි එම පුද්ගලයා මාරවිල රෝහලට ඇතුළත් කිරීමනේ අනතුරුව මියගොස් ඇති බව වාර්තා වේ.

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවට එල්ලවූ බෝම්බ ප්‍රහාර වලින් අනතුරුව හටගත් කලබලකාරී තත්ත්ව වලදී වාර්තාවූ පළමු මිය යාම මෙය වේ.

Tense Situation in Sri Lanka
Source: SBS

දිස්ත්‍රික්ක තුනක කලබල

ඊයේ සහ පෙරේදා දින වලදී ශ්‍රී ලංකාවේ පුත්තලම, කුරුණෑගල සහ ගම්පහ දිස්ත්‍රික්ක වල නොසන්සුන්කාරී තත්ත්ව හටගත් බව වාර්තා වේ.

පෙරේදා රාත්‍රියේ හලාවත ප්‍රදේශයේ මුස්ලිම් ව්‍යාපාරිකයෙකු ගේ Facebook සටහනක් නිසා ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් අනතුරුව කුලියාපිටිය ප්‍රදේශයේද එවැනිවූ කලබලකාරී තත්ත්වයක් හටගත්තේය.

එහිදී යම් කලහකාරී පිරිසක් විසින් මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන කිහිපයකට ගල් සහ වෙනත් දෑ වලින් පහර දී දේපල හානි සිදු කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම මුස්ලිම් පල්ලි කිහිපයකටද මෙලෙස ප්‍රහාර එල්ල කිරීම නිසා හානි සිදුව ඇත.

මිනුවන්ගොඩ ප්‍රදේශෙය් මුස්ලිම් පල්ලියකට සහ හෝටලයකට ගල් ප්‍රහාර එල්ලවී ඇති බවද සඳහන්.

මේ තත්ත්වය සමනය කිරීම සඳහා ප්‍රථමයෙන් වයඹ පලාතට මෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට බලධාරීන් කටයුතු කළේය.

නමුත් අනතුරුව සමස්ත ශ්‍රී ලංකාවටම බල පැවැත්වෙන ලෙස පොලිස් ඇඳිරි නීතිය පැනවූ බව වාර්තා වේ.

Tense Situation in Sri Lanka
Source: Daily News

සංවිධානාත්මක ප්‍රහාරක කල්ලි

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වල මෙලෙස කලහකාරී සිදුවීම් ඇතිකරන්නේ හඳුනා නොගත් කණ්ඩායම් කිහිපයක් බවත් ඒවා වළක්වාලීමේ අරමුණින් ඇඳිරි නීතිය පැනවූ බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

වයඹ පළාතේ ස්ථාන කිහිපයක එවැනි පිරිස් කලබල ඇතිකර දේපළ වලට හානි සිදුකර ඇති බව අගමැතිවරයා රූපවාහිනිය ඔස්සේ ජතිය අමතමින් ප්‍රකාශ කර තිබේ.

නොසන්සුන්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා මේ වන විට පොලීසිය සහ ආරක්ෂක හමුදා යොදවා ඇති නමුත් මෙම හඳුනානොගත් කල්ලි තවමත් රටේ කලබල ඇතිකිරීමට උත්සාහ දරන බව ද අගමැතිවරයා පැවසීය.

කලබල ඇති නොකර සන්සුන්ව නිවෙස් වල රැදී සිටින ලෙස පොලීසිය සහ ආරක්ෂක හමුදා ශ්‍රී ලංකා ජනතාවට පවසා තිබේ.

නීතියට අවනත නොවන කිසියම් පුද්ගලයෙකු වෙතොත් එම පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතා පැවසීය.

Tense Situation in Sri Lanka
Source: AAP

සමාජ ජාල තුන්වන වරටත් අවහිර කරයි

ශ්‍රී ලංකාවේ ඇතිවී ඇති නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ 3 වන වරටත් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ප්‍රධාන සමාජ ජාල මාධ්‍ය අවහිර කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන තිබේ.

මැයි 12 වන දින රාත්‍රියේ පටන් මෙම අවහිර කිරීම සිදුකර ඇති බව වාර්තා වේ.

ඒ අනුව Facebook, Viber, WhatsAPP, IMO, Snapchat, Instagram සහ Youtube වැනි සමාජ මාධ්‍ය මෙලෙස අවහිර කර ඇත.

සමාජ ජාල අවහිර කිරීමට තීරණය කරනු ලැබුවේ ඇතිවී ඇති තත්ත්වය පිළිබඳ අසත්‍ය සහ ජනතාව කුපිත කරවන තොරතුරු හුවමාරු වීම වළක්වාලීමට බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

හලාවත ප්‍රදේශයේ මුස්ලිම් ව්‍යාපාරිකයෙකු සිය ෆේස්බුක් ගිණුමේ යොදා තිබුණු ප්‍රකාශයක් හේතුවෙන් නොසන්සුන් වූ පිරිසක් මැයි 12 වන දින හලාවත ප්‍රදේශයේ ඇතිකළ කලබලකාරී තත්ත්වය මීට ආසන්නතම හේතුව බව පැවසේ.

හම්සාර් හමීඩ් නැමැත්තා විසින් සිය Facebook ගිණුමේ තැබූ එම සටහන පහත පරිදි වේ.

Tense Situation in Sri Lanka
Source: Facebook

----------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

පෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP  (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

----------------------------------------------------------------------------------------------------


3 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now