අගමැති පොරය අවසන් කරමින් ඔස්ට්‍රේලියාවේ නව අගමැති පත්වෙයි. (SBS සිංහල/වාර්තා)

මේ අනුව Scott Morrison ඔස්ට්‍රේලියාවේ 30 වන අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිත අතර පසුගිය වසර 11 ඇතුළත පත්වූ 7 වන ඔස්ට්‍රේලියානු අගමැතිවරයා ලෙසද ඔහු වාර්තාපොත් අතරට එක්වෙයි.

ustralian Prime Minister

Source: AAP

ඔස්ට්‍රේලියාවේ නව ලිබරල් පක්ෂ නායකයා ලෙස ඔස්ට්‍රේලියාවේ හිටපු භාණ්ඩාගාරික කටයුතු පිළිබඳ අමාත්‍ය Scott Morrison පත්වූ බව ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් අද (24/08) පස්වරු 1 ට නිවේදනය කෙරිණි.

ඒ අනුව Scott Morrison, ඔස්ට්‍රේලියාවේ නව අගමැතිවරයා ලෙස ද තේරී පත්විය.

හිටපු අග්‍රාමත්‍ය මැල්කම් ටර්න්බුල් ගේ ලිබරල් පක්ෂ නායකත්වයට සහ අගමැති ධුරයට Peter Dutton විසින් දෙවැනි වරට සිදු කළ අභියෝගය හේතුවෙන් අද දහවල් කැන්බරා නුවරදී පැවැත්වූ ලිබරල් පක්ෂ මන්ත්‍රීවරුන් ගේ රැස්වීමේ පැවති ඡන්ද විමසීමෙන් අනතුරුව මෙම ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කෙරිණි.

හිටපු ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton, භාණ්ඩාගාරික අමාත්‍ය Scott Morrison සහ ඔස්ට්‍රේලියාවේ හිටපු නියෝජ්‍ය අගමැතිනී ජූලි බිෂොප් මෙම නායකත්ව සටනට ඉදිරිපත්වූ ප්‍රධාන අපේක්ෂකයින් විය.

මෙහිදී ජූලි බිෂොප් සහ Scott Morrison එක් පාර්ශවයක් ලෙස කටයුතු කළ බව සඳහන්.

එහිදී ඡන්ද 45 - 40 ක් ලෙස ජයගැනීමට Scott Morrison සමත් විය.

මේ අනුව Scott Morrison ඔස්ට්‍රේලියාවේ 30 වන අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිත අතර පසුගිය වසර 11 ඇතුළත පත්වූ 7 වන ඔස්ට්‍රේලියානු අගමැතිවරයා ලෙසද ඔහු වාර්තාපොත් අතරට එක්වෙයි.

මේ තේරී පත්වීමත් සමග මැල්කම් ටර්න්බුල්, ලිබරල් පක්ෂ නායකත්වයෙන් සහ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

මෙම දේශපාලන බල පෙරළියත් සමග ඔස්ට්‍රේලියානු රජයේ කැබිනට් මණ්ඩලයද සංශෝධනය කිරීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Share

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now