නව ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම්වරයා නිල වශයෙන් පත්කෙරේ

Shantha Kottegoda _ New Sri Lankan defense secretory

Shantha Kottegoda _ New Sri Lankan defense secretory

නව ආරක්ෂක ලේකම්වරයා වශයෙන් හිටපු යුද හමුදාපති විශ්‍රාමික ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (29) පත්කොට තිබේ.

 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම තමන් භාර ගන්නා බව අවධාරණය කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඉකුත් 25 වැනි දින ඉල්ලා අස්විය.

 එම පුරප්පාඩුවට පත්කරන ලද ශාන්ත කෝට්ටේගොඩ මහතා සිය පත්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ලබාගන්නා ලදී.

 මේ අතර වැඩබලන පොලිස්පතිවරයා වශයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පත් කිරීමත් සමග හිටපු පොලිස් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට යවන ලද අනිවාර්ය නිවාඩු කැපීමේ ලිපිය ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.


1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now