SKIP TO MAIN CONTENT

Facebook නැවතත් අමාරුවේ : ඕස්ට්‍රේලියාවේ සිටින බහුතරයකගේ Facebook ගිණුම් වලින් පුද්ගලික දත්ත ගත්තේ කවුද?

Facebook CEO Mark Zuckerberg
Facebook CEO Mark Zuckerberg Source: AAP

1 min read

Published

Updated

Source: SBS News


Skip to article content

චීනයේ මහාපරිමාණ ජංගම දුරකථන නිපදවන ආයතනයක් ඕස්ට්‍රේලියාවේ Facebook භාවිතාකරන්නන්හේ පුද්ගලික දත්ත භාවිත කර ඇති බවට තොරතුරු අනාවරණය වෙයි. 'හුවාවී' නම් වන මෙම චීන තාක්ෂණික ආයතනය Facebook හි දත්ත ලබාගත්තේ කෙලෙසින්ද යන්න පිළිබඳව Facebook ප්‍රධානී මාර්ක් සකර්බර්ග් ගෙන් ප්‍රශ්න කලයුතු බවට පාර්ලිමේන්තු ආරක්ෂණ  සහ බුද්ධි අංශ උප සභාපති, කම්කරු පක්ෂ මන්ත්‍රී ඇන්තනි බර්න් පවසයි. මෙරට Facebook ග්‍රහකයින්ගේ පුද්ගලික දත්ත තෙවන පාර්ශවයකට යාමට ඉඩ සැලසුනේ කෙසේද යන්න පිළිබඳව Facebook ප්‍රධානී මාර්ක් සකර්බර්ග් මෙරට ජනතාවට කරුණු පැහැදිලි කල යුතු බව ඔහු පවසයි. ඒ නුව ඉදිරියේදී මාර්ක් සකර්බර්ග් මහතා මෙඅර්ටට කැඳවීම පිළිබඳව කරුණු සලකා බැලෙන බවද පාර්ලිමේන්තු ආරක්ෂණ  සහ බුද්ධි අංශ උප සභාපති, මන්ත්‍රී ඇන්තනි බර්න් වැඩිදුරටත් පවසා තිබේ.

මේ අතර ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් පවසා ඇත්තේද මාර්ක් සකර්බර්ග් කැඳවා ප්‍රශ්න කලයුතු බවයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now