SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ප්‍රවෘත්ති Facebook ඔස්සේ share කරගැනීම Facebook සමාගම විසින් අවහිර කරයි

gettyimages-85595131.jpg

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: AAP, Reuters, SBS



Skip to article content

ඔස්ට්‍රේලියාවේ Facebook ප්‍රකාශකයන්ට සහ පරිශීලකයින්ට ඔස්ට්‍රේලියානු සහ ජාත්‍යන්තර ප්‍රවෘත්ති Facebook ඔස්සේ share කරගැනීම හෝ නැරඹීම Facebook සමාගම විසින් අද (18/02) උදෑසන සිට අවහිර කර ඇත.

ඔස්ට්‍රේලියානු ප්‍රවෘත්ති Facebook හා Google ඔස්සේ පළ කිරීමේදී අදාළ ඔස්ට්‍රේලියානු ප්‍රවෘත්ති ආයතන වලට ගෙවිය යුතු බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය Facebook හා Google සමාගම් වෙත සිදුකළ දැනුම් දීමට ප්‍රතිචාරයක් ලෙස මෙම පියවර ගත් බව ඔවුන් පවසයි.

Facebook සමාගමේ මෙම තීරණය නිසා ඔස්ට්‍රේලියානු Facebook ප්‍රකාශකයින්ට තම Facebook පිටුවල අන්තර්ගතය share කරගැනීමට හෝ පළ කිරීමට නොහැකි වනු ඇත.

ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින Facebook පරිශීලකයින්ට ද ඔස්ට්‍රේලියානු ප්‍රවෘත්ති Facebook හෝ ඔස්ට්‍රේලියානු ප්‍රවෘත්ති Facebook පිටුවල අන්තර්ගතය බැලීමට හෝ share කරගැනීමට හෝ නොහැකි වේ.

කෙසේ වෙතත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සිය ස්ථාවරය පවත්වාගෙන යන බව සන්නිවේදන අමාත්‍ය පෝල් ෆ්ලෙචර් 2GB ගුවන් විදුලියට පැවසීය.

SBS සිංහල ගුවන් විදුලියේ සියලුම podcast මෙම link එක හරහා https://podfollow.com/sbs-sinhala නොමිලයේ ශ්‍රවණය කළ හැකිය.

 


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now