SKIP TO MAIN CONTENT

COVID-19 එන්නත් පිළිබඳ වැරදි තොරතුරු Facebook හරහා පැතිරීම වැළක්වීමට Facebook සමාගම වැඩ අල්ලයි (SBS සිංහල/ වාර්තා)

COVID-19 ආසාදනය වීම COVID-19 එන්නත ලබා ගැනීමට වඩා ආරක්ෂිතය, COVID-19 එන්නත් විෂ සහිත හෝ ඔටිසම් රෝගයට හේතු වේ යන දේවල් තහනම් කරන ලද වැරදි තොරතුරු ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

Facebook is ramping up its efforts to curb coronavirus misinformation.
Facebook is ramping up its efforts to curb coronavirus misinformation. Source: BBC

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: AFP, Reuters, SBS



Skip to article content

COVID-19 එන්නත් පිළිබඳ වැරදි තොරතුරු තම සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ පැතිරීම වැළැක්වීමේ උත්සාහයන් වේගවත් කරන බව Facebook සමාගම ඊයේ (08/02) ප්‍රකාශ කළේය.

මෙම පියවරට COVID-19 වයිරසය සහ පොදුවේ COVID-19 එන්නත් පිළිබඳ වැරදි තොරතුරු සහ වැරදි ප්‍රකාශයන් නැවත නැවත පතුරවන කණ්ඩායම් තහනම් කිරීම ඇතුළත් වේ.

එලෙස COVID-19 වයිරසය සහ COVID-19 එන්නත් පිළිබඳ වැරදි තොරතුරු Facebook මාධ්‍ය ඔස්සේ පතුරුවාහරින කණ්ඩායම් මෙන්ම, Facebook පිටු සහ Facebook ගිණුම් Facebook සමාජ මාධ්‍ය ජලයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවද Facebook සමාගම පැවසුවේය.


Highlights

  • COVID-19 පිළිබඳ වැරදි තොරතුරු Facebook මාධ්‍ය ඔස්සේ පතුරුවාහරින කණ්ඩායම්, Facebook පිටු සහ Facebook ගිණුම් Facebook සමාජ මාධ්‍ය ජලයෙන් ඉවත් කෙරේ.
  • COVID-19 පිළිබඳ වැරදි තොරතුරු Facebook ජාලය තහනම් කරනු ලබන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද සහය ඇතිවය.
  • Facebook විසින් ප්‍රමුඛ පෙළේ COVID-19 තොරතුරු මධ්‍යස්ථානයක් පිහිටුවා ඇත.

Facebook සමාජ ජාලය මාස ​​ගණනාවක පටන් විශ්වසනීය ආයතනවල සෞඛ්‍ය උපදෙස් ඉස්මතු කර දැක්වීම සහ COVID-19 වැරදි තොරතුරු තම මාධ්‍යයෙන් ඉවත් කිරීම සිදුකරගෙන පැමිණි අතර ඊයේ (08/02) සිට එම වැඩසටහන තවත් පුළුල් කළේය.

COVID-19 වයිරසය සහ COVID-19 එන්නත් පිළිබඳ වැරදි තොරතුරු Facebook ජාලය තහනම් කරනු ලැබුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද සහය ඇතිව බව සඳහන්.

A picture taken on October 1, 2019 in Lille shows the logos of mobile apps Facebook and Google displayed on a tablet
Source: DENIS CHARLET/AFP via Getty Images

COVID-19 වයිරසය සහ COVID-19 එන්නත් පිළිබඳ වැරදි තොරතුරු

COVID-19 වයිරසය සහ COVID-19 එන්නත් පිළිබඳ පහත සඳහන් වැරදි තොරතුරු Facebook ජාලය තහනම් කර තිබේ.

  • COVID-19 මිනිසුන් විසින් නිර්මාණය කරන ලද්දකි.
  • COVID-19 එන්නතට වඩා COVID-19 වයිරසය ආසාදනය වීම වඩා ආරක්ෂිතය.
  • COVID-19 එන්නත් විෂ සහිතය.
  • එය ඔටිසම් රෝගයට හේතු වේ.

Facebook හි COVID-19 තොරතුරු මධ්‍යස්ථානය

Facebook විසින් ප්‍රමුඛ පෙළේ COVID-19 තොරතුරු මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති අතර COVID-19 සම්බන්ධ ඕනෑම මාතෘකාවක් පිළිබඳ ලැබෙන විමසීම් වලට ප්‍රතිඵල දැක්වීමේදී විශ්වාසදායක ප්‍රභවයන් ඇතුළත් කිරීමට ප්‍රමුඛතාවයක් ලබා දෙයි.

Facebook ජාලයේ කණ්ඩායම් භාරව සිටින පුද්ගලයින්ට COVID-19 එන්නත් හෝ වසංගතය පිළිබඳ ව්‍යාජ තොරතුරු පතුරුවා හැරීමට ඉඩ ඇති සාමාජිකයින්ගේ posts බෙදා ගැනීමට පෙර අනුමත කරන ලෙසද Facebook සමාගම ඉල්ලා සිටියේය.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW 

නැතිනම්  රූපවාහිනියේ channel 38 


Facebook සතු Instagram හි, COVID-19 එන්නත් කිරීම අධෛර්යමත් කරන පුද්ගලයින්ගේ ගිණුම් ස්වයංක්‍රීය සෙවුම් මෙවලම් භාවිතා කිරීම හරහා  සොයා ගැනීම දුෂ්කර කර ඇති බවද සඳහන්.

COVID-19 එන්නත ලබා ගත හැක්කේ කොතැනින්ද සහ කවදාද යන්න සොයා ගැනීමට Facebook පරිශීලකයින්ට Facebook සමාජ ජාලය හරහාම සහය දක්වන බව Facebook සමාගම පවසයි.

SBS සිංහල Facebook පිටුවට පිවිස ඔස්ට්‍රේලියාව පිළිබඳ නවතම තොරතුරු දැනගන්න.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now