සුදුසුකම් ලත් නිපුණතා සංක්‍රමණිකයින් හට දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ Skilled Migration වැඩසටහනට අද (08/02) පෙරවරු 8 සිට අයදුම් කිරීමට හැකියාව ලැබේ.
මේ සඳහා දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ state nomination අවශ්‍යතා සැපිරිය යුතු වේ.
යම් පුද්ගලයෙකු මේ වන විට ඔස්ට්‍රේලියාවෙන් පිටත හෝ දකුණු ඔස්ට්‍රේලියාව හැර වෙනත් ප්‍රාන්තයක හෝ ටෙරිටරියක සිටී නම් මේ සඳහා අයදුම් කිරීමට සුදුසුකම් නොලබන බවද දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ නිල සංක්‍රමණික වෙබ් අඩවිය වාර්තා කරයි.
Highlights
- ඔස්ට්‍රේලියාවෙන් පිටත හෝ වෙනත් ප්‍රාන්තයක හෝ සිටී නම් මේ සඳහා අයදුම් කිරීමට නොහැකිය
- දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ප්‍රමුඛ කර්මාන්ත අංශවලට දායක විය හැකි පුද්ගලයින්ට මේ හරහා අවස්ථා සැපයේ
- පෙර වසර වලට සාපේක්ෂව මෙවර දකුණු ඔස්ට්‍රේලියා නිපුණතා රැකියා ලැයිස්තුවේ විවිධ ක්ෂේත්‍ර වල රැකියා විශාල ප්‍රමාණයක් ඇතුළත් කර තිබීම විශේෂත්වයකි
දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ Skilled Migration වැඩසටහන
දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ Skilled Migration වැඩසටහන පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කර තිබේ:
කුසලතා සහ නවෝත්පාදක වැඩසටහන
දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ වර්ධනය වන ප්‍රමුඛ කර්මාන්ත අංශවලට දායක විය හැකි පුද්ගලයින්ට මේ හරහා අවස්ථා සහ මාර්ග සැපයේ. වැඩි විස්තර මෙතනින්.
දිගු කාලීන පදිංචිකරුවන් ද ඇතුළුව දැනට දකුණු ඔස්ට්‍රේලියාවේ සේවය කරන්නන්
ඔබ ජීවත් වන්නේ දකුණු ඕස්ට්‍රේලියාවේ පිටත කලාපයේ නම් හෝ දකුණු ඔස්ට්‍රේලියාවේ දිගු කාලීනව වාසය කරමින් රැකියාවක යෙදී සිටිනවානම් හෝ skilled work experience හෙවත් නිපුණතා රැකියාවේ පළපුරුද්ද සම්බන්ධව ඇති අවශ්‍යතා අතහැර දැමීම හෝ අඩු කිරීම සඳහා ඔබ සුදුසුකම් ලබයි. වැඩි විස්තර මෙතනින්.
SBS සිංහල සේවය
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
දකුණු ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය නිමා කළ ජාත්‍යන්තර සිසුන්
දකුණු ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය නිමා කළ ජාත්‍යන්තර සිසුන් පසුගිය මාස 3 ක කාලය තුළ දකුණු ඔස්ට්‍රේලියාව තුළ nominated හෝ closely related occupation හෙවත් තමන්ගේ Assessment එකට සෘජුව හෝ සමීපව සම්බන්ධයක් ඇති රැකියාවක් කරයි නම් ඔවුන්ට ද දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ Skilled Migration වැඩසටහන සඳහා අයදුම් කළ හැකිය. වැඩි විස්තර මෙතනින්.

දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ නිපුණතා රැකියා ලැයිස්තුව
2020/21 මුල්‍ය වර්ෂය සඳහා දකුණු ඔස්ට්‍රේලියාවේ Skilled Occupation List හෙවත් නිපුණතා රැකියා ලැයිස්තුව පසුගිය සිකුරාදා (04/02) නිකුත් කෙරුණි.
පෙර වසර වලට සාපේක්ෂව මෙවර රැකියා ලැයිස්තුවේ විවිධ ක්ෂේත්‍ර වල රැකියා විශාල ප්‍රමාණයක් මීට ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.
2020/21 මුල්‍ය වර්ෂය සඳහා දකුණු ඔස්ට්‍රේලියාවේ නිපුණතා රැකියා ලැයිස්තුව මෙතැනින් ලබාගත හැකිය.

