SKIP TO MAIN CONTENT

අවහිර කර තිබූ ඔස්ට්‍රේලියාවේ ප්‍රවෘත්තිමය Facebook පිටු යථා තත්ත්වයට, SBS සිංහල Facebook පිටුවත් යළි ඔබ අතරට

Facebook restores the pages of Australian news organisations
Source: SBS Sinhala

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

Facebook ඔස්සේ ඔස්ට්‍රේලියානු ප්‍රවෘත්ති පළ කිරීම අවහිර කිරීම නවතා ඔස්ට්‍රේලියාවේ සියළුම ප්‍රවෘත්ති සංවිධාන සහ සමාගම් වල Facebook පිටු යථා තත්ත්වයට පත් කිරීමට Facebook සමාගම පියවර ගෙන තිබේ.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයත් සමග ඇති කරගත් එකඟතා ගිවිසුමක් මත Facebook සමාගම මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව SBS, ABC, Seven සහ Nine මාධ්‍ය ජාල ඇතුළු ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතන වල Facebook පිටු අද (26/02) උදෑසන සිට යථා තත්ත්වයට පත් කොට තිබේ.

මේ අනුව SBS සිංහල Facebook පිටුව ද යළි ඔබ වෙතට සමීප වී ඇත.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

ඔස්ට්‍රේලියානු ප්‍රවෘත්ති, Facebook ඔස්සේ පළ කිරීම උදෙසා අදාළ මාධ්‍ය ආයතන වලට ගෙවීමක් කරන ලෙස දක්වමින් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ආචාර ධර්ම පද්ධතියක් සකස් කොට තිබේ.

ඒ සඳහා Facebook සමාගම එකඟ නොවීම මත මෙම අවහිර කිරීම් සිදු කිරීමට පසුගිය සතියේ බ්‍රහස්පතින්දා ඔවුන් තීරණය කළේය.

නමුත් අදාළ ආචාර ධර්ම පද්ධතිය සංශෝධනය කිරීමෙන් පසුව Facebook සමාගම ඊට එකඟ වී ඇති බව පසුගිය අඟහරුවාදා දිනයේදී වාර්තා විය. 

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now