කම්කරු රජයේ මංගල අය-වැයෙන් ඔස්ට්‍රේලියානු වීසා සඳහා සිදුකළ සංශෝධන මෙන්න (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියාවේ skilled වීසා සහ family වීසා අඩංගු වාර්ෂික සංක්‍රමණික කෝටාව 160,000 සිට 195,000 දක්වා වැඩි කෙරේ.

Visas have been part of the second federal budget of the year

A large increase in the number of visas to be issued is a key part of the second federal budget of the year. Credit: Karin Zhou-Zheng

ඔස්ට්‍රේලියාවේ වත්මන් පාලනය හොබවන කම්කරු පක්ෂ රජයේ මංගල ෆෙඩරල් අය-වැය ඔක්තෝබර් 25 වනදා ඉදිරිපත් කෙරුණි.

මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Jim Chalmers විසින් ඉදිරිපත් කළ මෙම අය-වැය හරහා ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු සහ වීසා සඳහා ප්‍රකාශ කෙරුණු නව සංශෝධන මොනවාදැයි මෙම ලිපියෙන් විමසා බලමු.

මෙවර අය වැයේ ඔස්ට්‍රේලියානු වීසා ගැන කම්කරු පක්ෂ රජය පැවසුවේ කුමක්ද?

දැනට විශාල කාලයක් බලා සිටීමට සිදුවී ඇති වීසා අයදුම්පත් සලකා බැලීමේ පොරොත්තු කාලය අඩු කිරීම පිණිස තවත් කාර්ය මණ්ඩලයක් බඳවා ගැනීම සඳහා අමතර ඩොලර් මිලියන 36.1ක් යොදවන බව කම්කරු පක්ෂ රජය මීට පෙර නිවේදනය කර තිබුණි.

එමෙන්ම skilled වීසා සහ family වීසා අඩංගු වාර්ෂික සංක්‍රමණික කෝටාව 160,000 සිට 195,000 දක්වා වැඩි කරන බව ද මීට පෙර ඔවුන් පවසා තිබුණි.

මේ අතර කම්කරු පක්ෂ රජය, පැසිෆික් දූපත් රටවල සහ Timor-Leste ජාතිකයින් සඳහා නව Pacific Engagement වීසා බලපත්‍රයක් හඳුන්වා දෙනු ඇත.

ලබන වසරේ සිට සෑම වසරකම මේ සඳහා 3,000 ක් දක්වා කෝටාවක් වෙන් කෙරෙන අතර, මෙය ඔස්ට්‍රේලියානු ස්ථිර වීසා ලබාදෙන වාර්ෂික සංක්‍රමණික කෝටාව වන 195,000 ට අමතරව වේ.

එමෙන්ම ඔස්ට්‍රේලියාව නිකුත් කරන වාර්ෂිකskilled වීසා සංඛ්‍යාව 79,600 සිට 142,400 දක්වා සැලකිය යුතු ලෙස වැඩි කෙරෙනු ඇත.

එයට employed sponsored, skilled independent, regional මෙන්ම ප්‍රාන්ත සහ ටෙරිටරිවලින් නිර්දේශ කරන වීසා ඇතුළත් වේ.
A breakdown of the skilled visas available in the 2022-23 budget
A breakdown of the skilled visas available in the 2022-23 budget.

වීසා ලබාදෙන ප්‍රමුඛත්වය සහ වැඩිපුර දෙමාපිය වීසා

family වීසා සම්බන්ධයෙන් ගත් කල, තවත් වැඩිපුර දෙමාපිය වීසා (parent visa) ඉදිරියේදී නිකුත් කෙරෙනු ඇත.

ඒ අනුව 2021-22 දී 4,500 ක් වූ නිකුත් කරන දෙමාපිය වීසා මෙම වසරේ 8,500 දක්වා වැඩි කර තිබේ.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————

Partner සහ child වීසා බලපත්‍ර සඳහා සීමාවක් නොමැතිව ඉල්ලුම මත රඳා පවතිනු ඇති බව ද මධ්‍යම රජය ප්‍රකාශ කළේය.

තවත් family වීසා 500 ක් පමණ ද, special eligibility visas හෙවත් විශේෂ සුදුසුකම් වීසා 100 ක් ද වාර්ෂිකව ලබා දීමට නියමිතව ඇත.


මේ අතර මානුෂීය වීසා වැඩසටහන යටතේ 2022-23 වර්ෂයේදී ලබා ගත හැකි වීසා ප්‍රමාණය 3,750 ක් සහ වසර හතරක් පුරා ඇෆ්ගන් සරණාගතයින් සඳහා අමතර 16,500 ක වීසා ප්‍රමාණයක් ලබාදීම එලෙසම පවතිනු ඇත.

විදේශයන්හි වෙසෙන පුද්ගලයින්ට skilled වීසා සඳහා ප්‍රමුඛත්වය දෙනු ලබන අතර වසර ගණනාවක් ඔස්ට්‍රේලියාවේ ජීවත් වූ නවසීලන්ත ජාතිකයින්ට ද ස්ථිර වීසා ලබාදීමේදී ප්‍රමුඛත්වය ලබාදෙනු ඇත.

මිලියන ගණනක අමතර බදු ආදායමක්

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ වැඩසටහනේ සිදුකළ මෙම වෙනස්කම් මගින් ඉදිරි වසර හතර තුළ අමතර ඩොලර් මිලියන 935 ක බදු ආදායමක් ගෙන එනු ඇතැයි අපේක්ෂා කරන බව මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Jim Chalmers පැවසීය.

මේ අතර පාසල් හෝ භාෂා වැඩසටහන් වැනි අමතර සේවාවන් සැපයීම සඳහා ඩොලර් මිලියන 487 ක් පමණ වැය වනු ඇතැයි ගණන් බලා ඇත.

සංක්‍රමණිකයින් වැඩි වීම ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා උදුරා ගන්නා බව ඇතැම් ඔස්ට්‍රේලියානුවන් සිතන බවද වාර්තා වේ.

1970 ගණන්වල අගභාගයේදී විවාහක කාන්තාවන් ශ්‍රම බලකායට ඇතුළු වීම සම්බන්ධයෙන් ද එම තර්කයම ඉදිරිපත් වූ බව ස්වාධීන ආර්ථික විද්‍යාඥ Chris Richardson පැවසුවේය.

"සංක්‍රමණය මූලික වශයෙන් ඔස්ට්‍රේලියාව පුළුල් කරයි" යනුවෙන් ඔහු SBS පුවත් සේවයට පැවසීය.

Share

Published

Updated

By Charis Chang, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service