ඔස්ට්‍රේලියාවේ දැවැන්ත ලෙස ගොඩගැසී ඇති වීසා අයදුම්පත්වලට මොකද වෙන්නේ? මධ්‍යම රජයේ අලුත්ම හෙළිදරව්ව මෙන්න

සලකා බැලීමට ඉතිරිව ඇති වීසා අයදුම්පත් ප්‍රමාණය දැන් අයදුම්පත් 880,000 ක් පමණ වන බව පසුගිය බදාදා Hobart හි ඔස්ට්‍රේලියානු සංක්‍රමණ ආයතනයේ ජාතික සම්මන්ත්‍රණයේ දේශනයකදී අමාත්‍ය Giles හෙළිදරව් කළේය.

Immigration Department

The Australian Department of Immigration and Border Protection. Source: AAP

පසුගිය රජය සමයේ සිට ඔස්ට්‍රේලියානු වීසා අයදුම්පත් සලකා බැලීමේ ප්‍රමාදය හේතුවෙන් විශාල අයදුම්පත් සංඛ්‍යාවක් ගොඩ ගැසී ඇති බව වාර්තා වේ.

මෙම බරපතල ගැටලුව විසඳීමේදී වත්මන් කම්කරු රජය ප්‍රගතියක් ලබා ඇති බවත් ගෝලීය පරිමාණයෙන් තරඟකාරීව සිටිය හැකි බව සහතික කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ වීසා අයදුම්පත් සලකා බැලීමේ ප්‍රමාදය අඩු කළ යුතු බවත් ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Andrew Giles පවසයි.


සලකා බැලීමට ඉතිරිව ඇති වීසා අයදුම්පත් ප්‍රමාණය දැන් අයදුම්පත් 880,000 ක් පමණ වන බව පසුගිය බදාදා Hobart හි ඔස්ට්‍රේලියානු සංක්‍රමණ ආයතනයේ ජාතික සම්මන්ත්‍රණයේ දේශනයකදී අමාත්‍ය Giles හෙළිදරව් කළේය.

එය මැයි මාසයේ පැවති ෆෙඩරල් මැතිවරණයට පෙර ගොඩ ගැසී තිබුණු වීසා අයදුම්පත් ප්‍රමාණයෙන් අයදුම්පත් මිලියනයකට ආසන්න ප්‍රමාණයක අඩුවීමක් බවද වාර්තා වේ.

මේ අතර පුහුණු ශ්‍රමික වීසා බලපත්‍රයක් සඳහා සුදුසුකම් ලැබීමේ අවම වැටුප ඉක්මනින් වෙනස් විය හැකි බව ද ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Andrew Giles සිය කතාවේදී ප්‍රකාශ කළේය.

Immigration Minister Andrew Giles
Immigration Minister Andrew Giles Source: AAP / LUKAS COCH/AAPIMAGE

වීසා අයදුම්පත් සලකා බැලීමේ ප්‍රමාදය ඉවත් කිරීමට රජය කටයුතු කරන්නේ කෙසේද?

ඔස්ට්‍රේලියාවේ පුහුණු ශ්‍රමිකයින් හිඟ වීමේ අර්බුදයට පිළියම් යෙදීමේ අරමුණින් මෙම වීසා අයදුම්පත් ගොඩ ගැසීම අඩු කිරීමට තීරණය කර ඇති බව පසුගිය ජූලි මාසයේදී මධ්‍යම රජය ප්‍රකාශ කළේය.

එම මාසයේම තමන් අමතර මානව සම්පත් ගොඩ ගැසී ඇති වීසා අයදුම්පත් සලකා බැලීමේ පිණිස යොදවා ඇති බවත් මෙම ගැටලුව විසඳීම සඳහා තවත් අමතර කාර්ය මණ්ඩලයක් ගෙන එන බවත් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව SBS පුවත් සේවයට පැවසුවේය.


ඒ අනුව වීසා සැකසීමේ කාලය අඩු කිරීම සඳහා මාස නවයක් පුරා අමතර කාර්ය මණ්ඩලය 500ක් බඳවා ගැනීමට ඩොලර් මිලියන 36ක් වැය කරන බව මධ්‍යම රජය නිවේදනය කළේය.

වීසා අයදුම්පත්‍ර සලකා බැලීම සඳහා දැන් අමතර කාර්ය මණ්ඩලය 260 ක් සිටින බව ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Andrew Giles සිය කතාවේදී ප්‍රකාශ කළේය.

තවත් 260 දෙනෙකු පුහුණු කරමින් සිටින බවද ඔහු පැවසීය.

ජුනි 1 වැනිදා සිට ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තුව විසින් සංචාරක, ශිෂ්‍ය සහ temporary skilled workers සඳහා වීසා මිලියන 1.35ක් ඇතුළුව තාවකාලික සහ ස්ථිර පුහුණු වීසා අයදුම්පත් මිලියන 2කට අධික ප්‍රමාණයක් සලකා බලා ඇති බව ඔහු පැවසීය.

මෙය විසඳීමට රජය මෙතරම් උනන්දු ඇයි?

මෙම පසුබෑම වීසා අයදුම්කරුවන් සඳහා අඛණ්ඩ අවිනිශ්චිතතාවයක් ඇති කළ අතර එය ඔවුන්ට පමණක් නොව ව්‍යාපාර සඳහා ද දුෂ්කර වූ බව ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Andrew Giles සඳහන් කළේය.

ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් bridging වීසා මත සිටීම බුද්ධිමත් නොවන බවත්, පුද්ගලයෙකුගේ සැලකිය යුතු වීසා බලපත්‍රය කල් ඉකුත් වූ විට සහ ඔවුන් නව අයදුම්පත සලකා බලා එහි තීන්දුව පිළිබඳ බලා සිටින විට මෙය එතරම් පිළිගත හැකි දෙයක් නොවන බවත් ඔහු පැවසීය.


වත්මන් මුල්‍ය වර්ෂය සඳහා ස්ථිර වීසා කෝටාව 160,000 සිට 195,000 දක්වා වැඩි කිරීමෙන් පසුව, ස්ථිර පදිංචිය ලබා ගැනීම සඳහා මාර්ග වැඩිදියුණු කිරීමට මධ්‍යම රජයට ඇති කැමැත්ත ඔහු නැවත අවධාරණය කළේය.

ස්ථිර පදිංචියේ ප්‍රතිලාභ සහ මිනිසුන් තාවකාලික වීසා මත කොටු කර තැබීමේ අනතුරුදායක බව තම රජය තේරුම් ගෙන ඇති බවද අමාත්‍ය Andrew Giles පැවසීය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

සංක්‍රමණිකයින්ගේ වැටුප් වැඩි කිරීම

Temporary Skilled Migration Income (TSMIT) හෙවත් තාවකාලික වීසා මත සිටින පුහුණු ශ්‍රමිකයින්ගේ ආදායම සීමාව වැඩි කිරීමට කම්කරු පක්ෂය මීට පෙර ප්‍රතිඥා දී ඇත.

TSMIT යනු තාවකාලික පුහුණු සංක්‍රමණිකයෙකුට අනුග්‍රහය දැක්වීමේදී පිරිනැමිය යුතු අවම වැටුප වන අතර එය දැනට $53,900 ලෙස සකසා ඇත.

දශකයකට ආසන්න කාලයක් එය එම අගයේම තිබේ.

පූර්ණ කාලීන රැකියාවලින් 80% කට වඩා වැඩි වැටුප් මෙම අගයට වඩා වැඩි බව ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Andrew Giles සඳහන් කළේය.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයට අනුව ඔස්ට්‍රේලියාවේ පූර්ණ කාලීන වැඩිහිටි සේවකයෙකුගේ බදු අඩු කිරීමට පෙර සාමාන්‍ය ඉපැයීම සතියකට ඩොලර් 1,769.80 ක් හෝ වසරකට ඩොලර් 92,029.60 කි.

“මෙම වැටුප නවීන ශ්‍රම වෙළඳපොලේ නිපුණතා සංක්‍රමණය සඳහා ඇති ස්ථානය පෙන්නුම් නොකරයි. එය ඉතා අඩු වන අතර කම්කරු රජය එය වැඩි කරනු ඇති ” යනුවෙන් අමාත්‍ය Andrew Giles පැවසුවේය.

මධ්‍යම රජය විසින් එය කොපමණ ප්‍රමාණයක් වැඩි කරන්නේද යන්න ඔහු නිශ්චිතව ප්‍රකාශ නොකළේය.

මේ අතර ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලය TSMIT ඩොලර් 90,000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා ඇත.

එය ඩොලර් 60,000 දක්වා ඉහළ දැමිය යුතු බව ඔස්ට්‍රේලියානු වානිජ හා කර්මාන්ත මණ්ඩලය පවසයි.

Share

Published

By David Aidone, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියාවේ දැවැන්ත ලෙස ගොඩගැසී ඇති වීසා අයදුම්පත්වලට මොකද වෙන්නේ? මධ්‍යම රජයේ අලුත්ම හෙළිදරව්ව මෙන්න | SBS Sinhala