ඕස්ට්‍රේලියාවට නැවත පැමිණෙන ජාත්‍යාන්තර සිසුන්ට පහසුකම් සලසන ක්‍රම සකසන ලෙස මධ්‍යම රජය ප්‍රාන්ත රජයන්ට පවසයි (SBS සිංහල/ වාර්තා)

Minister for Education Dan Tehan at the National Press Club in Canberra, Friday, June 19, 2020. (AAP Image/Mick Tsikas) NO ARCHIVING

Minister for Education Dan Tehan at the National Press Club in Canberra, Friday, June 19, 2020. Source: AAP

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඔස්ට්‍රේලියාවෙන් පිටත සිරව සිටින ඕස්ට්‍රේලියානුවන් මෙරටට ගෙන්වා ගැනීම මේ වනවිට මධ්‍යම රජයේ ප්‍රමුඛතම කාර්යය වේ. නමුත් මේ හා සමගාමීව ප්‍රාන්ත රජයන් සමඟ එක්ව ජාත්‍යන්තර සිසුන් නැවත මෙරටට ගෙන්වාගැනීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන ලෙසට ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය අධ්‍යාපන අංශය වෙත සඳහන් කොට තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය Dan Tehan සඳහන් කොට සිටියේ, මෙලෙස නැවත ගෙන්වාගැනීමට නියමිත ජාත්‍යන්තර සිසුන් සඳහා නවාතැන් සහ සෙසු පහසුකම් සැපයීම සම්බන්ධයෙන් වන සැලසුම් නිර්මාණය කරන ලෙසට අධිකරණ බලය ඉල්ලා ඇති බවයි.


 SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා


සජීවීව සහ පසුව online අහන්න -www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


Sky News වෙත අදහස් පළකරමින් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කොට සිටියේ විශේෂයෙන්ම නත්තලට පෙර ඕස්ට්‍රේලියානුවන් නැවත මෙරටට ගෙන්වාගැනීම ඕස්ට්‍රේලියානු රජයේ ප්‍රමුඛතාවය වන බවයි. එසේ නමුත් ජාත්‍යන්තර සිසුන් මෙරටට නැවත ගෙන්වා ගැනීම සඳහාද සැලසුම් ඉදිරිපත් කරන ලෙසට ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන්ගෙන් මධ්‍යම රජය මේ වනවිටත් ඉල්ලා ඇතැයිද අමාත්‍යවරයා පවසා තිබේ.

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඩොලර් බිලියන 40ක් පමණ වන විදේශීය ශිෂ්‍ය අධ්‍යාපන කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වූ අතර මේ හේතුවෙන් එම කර්මාන්තය තුල රැකියා 10,000ත් 12,000ත් අතර සංක්‍යාවක් මේ වනවිට අහිමිව තිබේ.

කෙසේ නමුත් රැකියා අහිමි වීම අවම කිරීම සඳහා මධ්‍යම රජය හැකි සෑම පියවරක්ම ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය Dan Tehan පවසයි.

මේ අතර තම ප්‍රාන්තයට ගෙන්වා ගන්නා, වෙනත් රට වල සිරව සිටි ඔස්ට්‍රේලියනුවන්ගේ සංඛ්‍යාව ඉහල දැමීම සඳහා ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය එකඟ වූ බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison පසුගිය සිකුරාදා නිවේදනය කළේය.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA

නැතිනම් රූපවාහිනියේ channel 38


එමෙන්ම මෙරටින් පිටත සිරව සිටින ඕස්ට්‍රේලියානුවන් නැවත ගෙන්වාගැනීම මෙම වැඩසටහනේ ප්‍රමුඛස්ථානය වන අතර මීට පෙර ප්‍රකාශයට පත් කරන ලද, නියමු වැඩසටහන් තුලින් බැහැරව ජාත්‍යන්තර ශිෂ්‍යයින් හට මෙම අවස්තාවේදී ඕස්ට්‍රේලියාවට නැවත පැමිණීමට නොහැකි බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.


එමෙන්ම මේ වන විට ඕස්ට්‍රේලියානුවන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ කාර්යයේදී අභියෝග රැසක් පවතින අතර ඒ හේතුවෙන් නිරෝධායන විධිවිධාන තුළින් ඔස්සේ ජාත්‍යන්තර සිසුන් ආපසු ගෙන්වාගැනීමට ඇති හැකියාව නොපෙන්වන බවද ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

අතිරේක වාර්තාකරණය - Evan Young


Share

Published

By Nipuna Dodangoda
Source: AAP, SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඕස්ට්‍රේලියාවට නැවත පැමිණෙන ජාත්‍යාන්තර සිසුන්ට පහසුකම් සලසන ක්‍රම සකසන ලෙස මධ්‍යම රජය ප්‍රාන්ත රජයන්ට පවසයි (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala