ඔස්ට්‍රේලියාවේ දින 5 ක් වෙනුවට දින 4 ක රාජකාරී සතියක් අත්හදා බැලීම අරඹයි, ඔස්ට්‍රේලියවටම මෙම විධානය ලැබෙයිද?

නවසීලන්තයේ මාස 18ක සාර්ථක අත්හදා බැලීමකින් පසුව, පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන Unilever ANZ සිය ඔස්ට්‍රේලියානු සේවකයින්ට දින හතරක් අඩංගු රාජකාරී සතියක් අත්හදා බලන බව නොවැම්බර් 02 වනදා නිවේදනය කළේය.

Flexible working

Advocates say workplaces can still meet targets on a four-day working week. Source: Getty / Maskot/Getty Images/Maskot

කොවිඩ් වසංගතය අතරතුර ඔස්ට්‍රේලියාව පුරා සිටින සේවකයින්ට සහ ව්‍යාපාර යන දෙකටම ඔවුන් රාජකාරී කරන ආකාරය වෙනස් කිරීමට සිදුවිය.

කොවිඩ් අවදානම බොහෝ දුරට අඩුවී ජීවිත දැන් සාමාන්‍ය අතට හැරෙමින් තිබියදී ඇතැම් සේවා ස්ථාන තම සේවකයින්ට දෙමුහුම් ආකාරයට එනම් රාජකාරී කරන දිනවලින් කිහිපයක් සේවා ස්ථානයට පැමිණ රාජකාරී කිරීමටත් සෙසු දිනවල නිවසේ සිට රාජකාරී කිරීමටත් ඉඩ සලසා තිබේ.

ඇතැම් ව්‍යාපාර පූර්ණ කාලීන සේවකයින්ට රාජකාරී කළ හැකි පැය ගණනේ නම්‍යශීලී බව හඳුන්වා දීමෙන් මෙය තවත් පියවරක් ඉදිරියට ගෙන යයි.

නවසීලන්තයේ මාස 18ක සාර්ථක අත්හදා බැලීමකින් පසුව, පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන Unilever ANZ සිය ඔස්ට්‍රේලියානු සේවකයින්ට දින හතරක් අඩංගු රාජකාරී සතියක් අත්හදා බලන බව නොවැම්බර් 02 වනදා නිවේදනය කළේය.

දින පහක් නොව දින හතරක රාජකාරී සතියක් ක්‍රියාත්මක වන්නේ කෙසේද? මෙම ක්‍රමය පුළුල් ලෙස ක්‍රියාත්මක කළ යුතුද? ඔස්ට්‍රේලියාව මෙයට සූදානම්ද? මෙම ලිපියෙන් ඒ ගැන විමසා බලමු.

Fewer hours, same pay: Is Australia ready for a four-day working week?
Fewer hours, same pay: Is Australia ready for a four-day working week? Source: AAP / AAP Image/Tracey Nearmy

දින හතරක රාජකාරී සතියක් ක්‍රියාත්මක වන්නේ කෙසේද?

සේවාවේ ප්‍රතිඵලය හෝ වැටුප් අඩු නොකර රාජකාරී කරන කාලය අඩු කිරීම දින හතරක රාජකාරී සතියක් යන සංකල්පයට ඇතුළත් වේ.

Unilever Australia සමාගමේ අත්හදා බැලීම හරහා එම කාර්ය මණ්ඩලයට ඔවුන් වැඩ නොකරන දිනය තෝරා ගැනීමට හෝ සතිය පුරා අඩු කරන ලද පැය ගණන බෙදාගැනීමට හැකි වනු ඇත.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————
මෙහිදී සිදු කෙරෙන්නේ අගය එකතු කළ වියදම් ඉවත් කිරීම, ව්‍යාපෘති හෝ ක්‍රියාවලි සහ සහභාගී වන රැස්වීම් ගැන වෙනස් ලෙස සිතීම, වඩා හොඳින් සන්නිවේදනය සහ සහයෝගයෙන් කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව වෙනස් ලෙස සිතීමක් බව Unilever ANZ ප්‍රධාන විධායක Nicky Sparshott, AAP වෙත පැවසුවාය.

ශ්‍රමිකයින්ට ඔවුන්ගේ දින හතර නිවස සහ කාර්යාලය අතර බෙදා ගැනීමටද හැකි වනු ඇත.

මෙයින් ලැබෙන ප්‍රතිලාභ මොනවාද?

ලාභ නොලබන 4 Day Week Global හි පර්යේෂණයන්ට අනුව, සේවකයින්ගේ රාජකාරී කරන පැය ගණන අඩු කිරීමෙන් ඵලදායිතාව වැඩිදියුණු කළ හැකි අතර පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට එය ප්‍රයෝජනවත් වේ

නවසීලන්තයේ Unilever හි මාස 18 ක නියමු ව්‍යාපෘතියේදී ආදායම් වර්ධනය ඇතුළු ව්‍යාපාරික ඉලක්ක සම්බන්ධව ප්‍රබල ප්‍රතිඵල පෙන්වූ අතර, සේවක කණ්ඩායම නියමිත වේලාවට සහ උසස් ප්‍රමිතීන්ට අනුව වැඩ නිම කිරීමට එකඟ විය.

සේවයට නොපැමිණීම සහ ආතතිය පිළිවෙලින් 34% සහ 33% කින් පහත වැටුණු අතර, රැකියාවේදී ශක්තිය පිළිබඳ හැඟීම් 15% කින් වැඩි විය.

රැකියාව සහ ජීවිතය අතර ගැටුම 67% කින් අඩු විය.

පැය කිහිපයක් රාජකාරී කිරීම ස්නායු ජීව විද්‍යාත්මක ප්‍රතිලාභ ඇතිකරන බව ඩිජිටල් කාර්ය සාධන පර්යේෂක සහ කතුවරියක් වන ආචාර්ය Kristy Goodwin ප්‍රකාශ කළාය.

සේවාස්ථානයේ අඩුවෙන් රැස්වීම් පැවැත්වීමේ ධනාත්මක ප්‍රතිලාභ ද පර්යේෂණ මගින් සොයාගෙන ඇත.

සේවා ස්ථානයේ රැස්වීම් 40% කින් අඩු කිරීමෙන් පසු ඵලදායිතාව 71% කින් වැඩි වූ අතර රැස්වීම්වලින් 60% ක් ඉවත් කිරීමෙන් සහයෝගිතාව වැඩි වූ අතර සේවකයින්ගේ ආතති මට්ටම් අඩුවී සහ යහපැවැත්ම වැඩිදියුණු වූ බව එක්සත් රාජධානියේ University of Reading හි අධ්‍යයනයකින් හෙළි වූයේය.

කෙටි රාජකාරී සතියක් දිගු රාජකාරී දින හතරක සතියක් නොවිය යුතු අතර, පූර්ණ කාලීන සේවකයින් තමා වැඩකරන සම්පුර්ණ පැය ගණන අඩු කිරීමට මෙය හේතු විය යුතු බව ආචාර්ය Kristy Goodwin ප්‍රකාශ කළාය.

අනෙක් රටවල තත්ත්වය

දින හතරක රාජකාරී සතියක් ක්‍රියාත්මක කිරීම ගැන සලකා බලන පළමු රටවල් ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය නොවේ.

මෙම වසර මුලදී, බෙල්ජියම මේ සම්බන්ධයෙන් නව නීති හඳුන්වා දුන් අතර එමඟින් පූර්ණ කාලීන සේවකයින්ට සතියේ අමතර නිවාඩුවක් ලබා ගැනීම සඳහා දින හතරක් පුරා පැය 10 ක් රාජකාරී කිරීම පිණිස ඉල්ලීමක් කළ හැකි වේ.

අයිස්ලන්තය, ඇමෙරිකාව, කැනඩාව සහ ජපානය ඇතුළු ලොව පුරා රටවල ව්‍යාපාර ද මේ සම්බන්ධයෙන් අත්හදා බැලීම් සිදු කර ඇත.

උපරිම සතිපතා වැඩ කරන පැය 48 සිට 32 දක්වා අඩු කිරීමට ඔක්තෝබර් මාසයේදී කම්කරු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී Peter Dowd විසින් එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කළේය.

Share

Published

Updated

By Jessica Bahr, Madhura Seneviratne
Source: SBS, AAP

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service