ඔස්ට්‍රේලියාවේ මුදල් අනුපාතිකය 2.85% දක්වා ඉහළ දැමේ, මෙය ඔබට බලපාන්නේ කෙසේද? (SBS සිංහල/ වාර්තා)

මෙතෙක් 2.6% ක්ව තිබූ ඔස්ට්‍රේලියාවේ මුදල් අනුපාතිකය 2.85% දක්වා ඉහළ දමා තිබේ.

Mortgage holders brace for higher repayments as Reserve Bank lifts cash rate to 2.85 per cent

Mortgage holders brace for higher repayments as Reserve Bank lifts cash rate to 2.85 per cent Source: AAP

ඔස්ට්‍රේලියාවේ cash rate හෙවත් මුදල් අනුපාතිකය 0.25% කින් ඉහළ දැමීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව අද (නොවැම්බර් 01) තීරණය කළේය.

ඒ අනුව මෙතෙක් 2.6% ක්ව තිබූ ඔස්ට්‍රේලියාවේ මුදල් අනුපාතිකය මෙම තීරණයත් සමග 2.85% දක්වා ඉහළ දැමේ.

මුදල් අනුපාතිකය වාර්තාගත අඩු මට්ටමක පැවති මැයි මාසයේ සිට අඛණ්ඩව සිදු කරන ලද හත්වන ඉහළ යාම ලෙස මෙය වාර්තා වේ.

මෙම පොලි අනුපාතික වැඩිවීම ඔස්ට්‍රේලියාවේ විශාල බැංකු හතරෙන් බහුතරයක් පුරෝකථනය කළ දෙයක් විය.

A man in glasses and a suit
Philip Lowe is the governor of the Reserve Bank of Australia (RBA). Source: AAP / Dan Himbrechts

උද්ධමනය අඩු කිරීම මූලික අරමුණයි

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය එහි ඉලක්කගත පරාසයට වඩා ඉහළින් පිහිටා ඇති බැවින් මුදල් අනුපාතිකය මෙලෙස වැඩි කිරීමට තීරණය කළ බව මධ්‍යම බැංකුව පවසයි.

පසුගිය සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ කාර්තුව සඳහා වූ ඔස්ට්‍රේලියාවේ උද්ධමනය 7.3% කි.

මධ්‍යම බැංකුව වානිජ බැංකුවලට ඔවුන්ගේ පොලී අනුපාත වැඩි කිරීමට මග පාදමින් නිල මුදල් අනුපාතිකය 0.25% කින් ඉහළ දැමූ බැවින් උද්ධමනය මුලින් පුරෝකථනය කළ මට්ටමට වඩා ඉහළ මට්ටමකට යනු ඇතැයි අපේක්ෂා කරයි.

උද්ධමනය, භාණ්ඩ හා සේවාවල මිලෙහි පුලුල් වැඩිවීමක් ඇතිකරනු ඇති බවත් එය පහත වැටීමට පෙර දෙසැම්බර් මාසයේදී 7% දක්වා ඉහල යනු ඇති බවත් පසුගිය ජූලි මාසයේදී මධ්‍යම බැංකුවේ අධිපති ආචාර්ය Philip Lowe අනාවැකි පළ කළේය.

නමුත් ඔස්ට්‍රේලියාවේ උද්ධමනය මේ වසර අගදී 8% කට පමණ ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව අද (නොවැම්බර් 01) නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

නවතම මුදල් අනුපාතික ඉහළ දැමීම නිවාස ණය සඳහා බලපාන්නේ කෙසේද?

0.25% ක මුදල් අනුපාතික ඉහළ යාමක් මඟින් නිවාස ණය හිමියෙකුට වසර 25 ක් ගෙවීමට ඇති ඩොලර් 500,000 ක ණයක් සඳහා මාසික ආපසු ගෙවීම ඩොලර් 74 කින් ඉහළ යනු ඇති බව RateCity විශ්ලේෂණය පෙන්වා දෙයි.

මැයි මාසයේ පොලි අනුපාත ඉහළ දැමීමට පෙර පැවති අගයන් හා සසඳන විට එම නිවාස ණය හිමියා දැන් මසකට ඩොලර් 760 ක අමතර ගෙවීමක් ගෙවනු ලබයි.

මෙම නවතම අනුපාත වැඩිවීම සාමාන්‍යයෙන් කාර්යබහුල නත්තල් සමයේදී පාරිභෝගික වියදම් මන්දගාමී වීමට හේතු වනු ඇති බව CreditorWatch ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Anneke Thompson පැවසුවාය.

මෙම නවතම මුදල් අනුපාතික වැඩිවීම ඔස්ට්‍රේලියානුවන්ට දුෂ්කර සිදුවීමක් ලෙස විස්තර කළ භාණ්ඩාගාරික අමාත්‍ය Jim Chalmers උද්ධමනය ආර්ථිකයේ විශාලතම අභියෝගය බව පැවසීය.


Share

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now