ඔස්ට්‍රේලියාවේ රැකියා සුරක්ෂිතභාවය වැඩි කිරීමට සහ ඉහළ වැටුප් ලබා දීමට කම්කරු රජය නීතිය වෙනස් කිරීමට මුල පුරයි

මෙම ප්‍රතිසංස්කරණ සැලසුම් කිරීමේදී කම්කරු රජය අඩු වැටුප් ලබන සහ කාන්තා ආධිපත්‍ය සහිත ශ්‍රම බලකායේ අවශ්‍යතා කෙරෙහි හිතාමතාම අවධානය යොමු කර ඇත.

Labor is changing the law to promote job security and get better pay

Source: Getty / Getty Images

ඔස්ට්‍රේලියාවේ රැකියා සුරක්ෂිතභාවය ප්‍රවර්ධනය කිරීම, ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය වසා දැමීම, සේවා ස්ථානවල ශ්‍රමිකයින් හට කේවල් කිරීමේ ක්‍රමය නවීකරණය කිරීම සහ වැටුප් වර්ධනය සඳහා වන නීති කම්කරු පක්ෂ රජය විසින් වෙනස් කිරීමට අදාළ යෝජනා මධ්‍යම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

මෙම 2022 Fair Work නීති සංශෝධන පනත් කෙටුම්පත සේවා ස්ථාන සම්බන්ධතා නීති සම්පාදනයේ පළමු පියවර වන අතර මෙය පසුගිය මහ මැතිවරණයේදී සහ රැකියා සහ නිපුණතා සමුළුවේදී කම්කරු පක්ෂය දුන් පොරොන්දුවක් ඉටු කිරීමක් බව රැකියා සහ සේවා ස්ථාන සබඳතා පිළිබඳ අමාත්‍ය Tony Burke නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

පහුගිය රජය යටතේ හිතාමතාම වැටුප් අඩු මට්ටමක පවත්වාගෙන ගිය අතර අනාරක්ෂිත රැකියා සඳහා අනුබල දීමක් සිදුවුණු බව ඔහු සඳහන් කළේය.

ඔස්ට්‍රේලියාවේ වත්මන් workplace relations framework හෙවත් සේවා ස්ථාන සම්බන්ධතා රාමුව ශ්‍රමිකයින්ට රැකියාවක් කිරීම උදෙසා සාධාරණ පරිසරයක් ලබා දීමට හෝ සේවා යෝජකයින් සඳහා ඵලදායිතාවකින් යුතු වාසි ලබා දීමට ක්‍රියා නොකරන බවද අමාත්‍ය Tony Burke පැවසුවේය.


සියලුම ඔස්ට්‍රේලියානුවන් සඳහා හිමිවන ශක්තිමත් ආර්ථිකයක් අපට අවශ්‍ය බවත් සුරක්ෂිතභාවය ඇති සාධාරණ වැටුප් ඇති හොඳ රැකියාවල ශ්‍රමිකයින් නිරතවනු දැකීම අවශ්‍ය බවත් ඔහු පැහැදිලි කළේය.

මෙම ප්‍රතිසංස්කරණ සැලසුම් කිරීමේදී කම්කරු රජය අඩු වැටුප් ලබන සහ කාන්තා ආධිපත්‍ය සහිත ශ්‍රම බලකායේ අවශ්‍යතා කෙරෙහි හිතාමතාම අවධානය යොමු කර ඇත.

Workers finalize the new walk bridge
Construction Workers Source: AAP
———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

මෙම සංශෝධන පනත් කෙටුම්පතේ අරමුණු

මෙම 2022 Fair Work නීති සංශෝධන පනත් කෙටුම්පතේ මූලික අරමුණු පහත පරිදි වේ.

  • ඔස්ට්‍රේලියාවේ දැනට පවතින 14.1% ක ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය පියවීමට සහ රැකියා ස්ථානයේ කාන්තාවන් ආරක්ෂා කිරීමට සහය වීම.
  • ස්ථාවර කාලීන කොන්ත්‍රාත්තු ආරම්භ කිරීම සඳහා නව සීමාවන් පැනවීමෙන් රැකියා සුරක්ෂිතභාවය වැඩි දියුණු කිරීම, එවිට සේවකයන්ව සීමාවක් නැති පරිවාස කාලයකට (probation period) හාම්පුතුන්ට හිතාමතා පත් කළ නොහැක.
  • Fair Work small claims ක්‍රමය යටතේ නොගෙවූ හිමිකම් අයකර ගැනීමේ හැකියාව ශක්තිමත් කිරීම, අදාළ අවම වැටුප් අනුපාතයට වඩා අඩුවෙන් ප්‍රචාරණය කරන රැකියා දැන්වීම් තහනම් කිරීම සහ ගිනි නිවන භටයින් ආරක්ෂා කිරීම සඳහා එම පද්ධතියේ අඩුපාඩු නැති කිරීම හරහා සේවකයින් ආරක්ෂා කිරීම.
  • දේශපාලනීකරණය වූ, අපකීර්තියට පත් වූ සහ අනවශ්‍ය ඔස්ට්‍රේලියානු ගොඩනැගිලි සහ ඉදිකිරීම් කොමිෂන් සභාව සහ ලියාපදිංචි සංවිධාන කොමිසම අහෝසි කිරීමෙන් සේවා ස්ථාන සඳහා සාධාරණත්වය නැවත ලබා දීම.
  • Enterprise bargaining සහ multi-employer bargaining සඳහා ප්‍රවේශය පුළුල් කිරීම මගින් ශ්‍රමිකයින්ට සේවාස්ථානයේ කේවල් කිරීමේ පද්ධතිය නවීකරණය කිරීම.

Share

Published

Updated

By Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියාවේ රැකියා සුරක්ෂිතභාවය වැඩි කිරීමට සහ ඉහළ වැටුප් ලබා දීමට කම්කරු රජය නීතිය වෙනස් කිරීමට මුල පුරයි | SBS Sinhala