ඔස්ට්‍රේලියාවේ ඉහළම සහ අඩුම ආදායම් ලබන පිරිස් සිටින postcodes පිළිබඳ ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය නවතම හෙළිදරව්වක් සිදුකර තිබේ.
වඩාත් හොඳින් ගෙවන රැකියා සහ බදු ගෙවීමට අසමත්වූ අය පිළිබඳවද එම දත්තවලින් අනාවරණය වී තිබේ.
ඔස්ට්‍රේලියාවේ වැඩිම ආදායමක් ලබන වෘත්තීන් 10 අතරින් අඩක්ම ඇත්තේ සෞඛ්‍ය සම්බන්ධ වෘත්තීන් බව සඳහන්.
2020-2021 සිට මිලියන 15 කට වඩා වැඩි tax returns මත පදනම් වූ මෙම සංඛ්‍යාලේඛනවලට අනුව ශල්‍ය වෛද්‍යවරුන් උපරිම ආදායමක් ලබන වෘත්තීය ලෙස සටහන් වී ඇති අතර සාමාන්‍යයෙන් ඔවුන්ගේ වාර්ෂික ආදායම ඩොලර් 457,281 ක් ලෙස වාර්තා වේ.
ඩොලර් මිලියනයකට වඩා උපයන පුද්ගලයින් 66 දෙනෙකු කිසිදු බද්දක් නොගෙවා ඇති බව ද මෙම දත්ත හරහා පෙන්වා දී ඇත.
ඇතැම් ප්‍රදේශවල සාමාන්‍ය ඉපැයීම් $266,000 ඉක්මවන බව මෙම postcode දත්ත හෙළිකරයි.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉහළම ආදායමක් ලබන පිරිස සිටින ප්‍රදේශය වන්නේ postcode 2028 වන අතර ඔවුන්ගේ සතියක සාමාන්‍ය ආදායම $3,080 ක් ලෙස අදාළ දත්ත වාර්තා කරයි.
ඔවුන්ගේ සාමාන්‍ය වාර්ෂික බදු සහිත ආදායම (taxable income) $266,381 ක් ලෙසද වාර්තා වේ.
මේ අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අඩුම වාර්ෂික බදු සහිත ආදායමක් ලබන පිරිස වාසය කරන ප්‍රදේශය ලෙස postcode 2408 වාර්තා වේ.


වික්ටෝරියා ප්‍රාන්තය
වික්ටෝරියා ප්‍රාන්තයේ 3142 යන postcode එක යටතේ ඇති Toorak සහ Hawksburn යන ප්‍රදේශවල වික්ටෝරියා ප්‍රාන්තයයේ වැඩිම ආදායම් ලබන පිරිස වෙසෙන බව වාර්තා වේ.
ඔවුන්ගේ බදු සහිත සාමාන්‍ය වාර්ෂික ආදායම $223,000 කි.
නමුත් වික්ටෝරියා ප්‍රාන්තයේ අඩුම සාමාන්‍ය වාර්ෂික ආදායම ලබන පිරිස 3432 යන postcode එක හෙවත් Bolinda ප්‍රදේශයෙන් වාර්තා වේ.


———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය
4007 දරන postcode එක යටතේ ඇති Ascot සහ Hamilton ප්‍රදේශවල ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ධනවත්ම පිරිස සිටින බව වාර්තා වේ.
එම ප්‍රදේශවල වෙසෙන ජනතාවගේ බදු සහිත සාමාන්‍ය වාර්ෂික ආදායම $119,605 ක් ලෙස වාර්තා වේ.
මේ අතර අඩුම සාමාන්‍ය වාර්ෂික ආදායමක් ඇති Postcodes Greater Brisbane වලින් පිටත පිහිටා තිබේ.


දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ බදු සහිත ඉහළම වාර්ෂික ආදායමක් ලබන පිරිස් වෙසෙන Postcode එක 5061 ලෙස වාර්තා වේ.
ඔවුන්ගේ බදු සහිත සාමාන්‍ය වාර්ෂික ආදායම $113,000 කි.
රටේ අනෙකුත් ප්‍රදේශ මෙන්ම, අඩුම ඉපැයීම් ලබන postcodes 10 දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපවල පිහිටා ඇති බවද අනාවරණය වේ.


බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඉහළම ආදායමක් ලබන පිරිස සිටින ප්‍රදේශය වන්නේ postcode 6011 වන අතර ඔවුන්ගේ සාමාන්‍ය වාර්ෂික බදු සහිත ආදායම $229,805 ක් ලෙසද වාර්තා වේ.
මේ අතර බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ අඩුම වාර්ෂික බදු සහිත ආදායමක් ලබන පිරිස වාසය කරන ප්‍රදේශය ලෙස postcode 6445 වාර්තා වේ.


ටස්මේනියා ප්‍රාන්තය
ටස්මේනියා ප්‍රාන්තයේ 7258 යන postcode එක යටතේ ඇති Breadalbane, Relibia සහ White Hills යන ප්‍රදේශවල ටස්මේනියා ප්‍රාන්තයයේ වැඩිම ආදායම් ලබන පිරිස වෙසෙන බව වාර්තා වේ.
ඔවුන්ගේ බදු සහිත සාමාන්‍ය වාර්ෂික ආදායම $120,700 කි.
නමුත් ටස්මේනියා ප්‍රාන්තයේ අඩුම ඉපැයීම් ලබන postcodes 10 ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපවල පිහිටා ඇත.


ACT සහ NORTHERN TERRITORY
2603 දරන postcode එක යටතේ ඇති Forrest, Griffith, Manuka සහ Red Hill ප්‍රදේශවල ACT හි ධනවත්ම පිරිස සිටින බව වාර්තා වේ.
එම ප්‍රදේශවල වෙසෙන ජනතාවගේ බදු සහිත සාමාන්‍ය වාර්ෂික ආදායම $130,993 ක් ලෙස වාර්තා වේ.
කැන්බරා නගරයට මිනිත්තු 30ක් පමණ උතුරින් පිහිටි Gungahlin ACT හි අඩුම සාමාන්‍ය ආදායමක් ලබන පිරිස් සිටින ප්‍රදේශය ලෙස වාර්තා වේ.
ඔවුන්ගේ බදු සහිත සාමාන්‍ය වාර්ෂික ආදායම $64,972 ක් ලෙස සඳහන්.
මේ අතර 811දරන postcode එක යටතේ ඇති Casurina ප්‍රදේශය NORTHERN TERRITORY හි ධනවත්ම පිරිස සිටින බව වාර්තා වන අතර ඔවුන්ගේ බදු සහිත සාමාන්‍ය වාර්ෂික ආදායම $96,057 කි.
එමෙන්ම ප්‍රදේශ 50 ක් පමණ ආවරණය කරන 852 දරන postcode එකේ වෙසෙන පිරිස් NORTHERN TERRITORY හි අඩුම ආදායමක් ලබන බව හෙළිවී ඇති අතර ඔවුන්ගේ සාමාන්‍ය වාර්ෂික ආදායම $45,509 ක් ලෙසද වාර්තා වේ.
සමස්ත ඔස්ට්‍රේලියාවේම අඩුම වාර්ෂික ආදායමක් ලබන පිරිස් වෙසෙන postcode එකද 852 ලෙස හෙළිවී තිබේ.


