ඔස්ට්‍රේලියාවේ ගංවතුරට හසුවූ පුද්ගලයින්ට ලබාදෙන ආපදා ප්‍රතිසාධන ගෙවීම ලබන්නේ මෙහෙමයි (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආපදා ප්‍රතිසාධන ගෙවීම සැලසුම් කර ඇත්තේ ආපදාවලින් සෘජුව විපතට පත් පුද්ගලයන්ට සහ පවුල්වලට ආහාර සහ ඇඳුම් පැළඳුම් මෙන්ම කෙටි කාලීන නවාතැන් පහසුකම් වැනි අවශ්‍යතා සඳහා ගෙවීමට ක්ෂණික අරමුදල් සැපයීම සඳහාය.

People watch on as debris carried by floodwater in the swollen Hawkesbury river in Sydney.

People watch on as debris carried by floodwater in the swollen Hawkesbury river in Sydney. Source: AAP

මේ වන විට ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තවල ඇතිවී ඇති ගංවතුර හේතුවෙන් විශාල පිරිසක් විපතට පත්ව තිබේ.

එලෙස ගංවතුරෙන් විපතට පත් පිරිස සඳහා රජයෙන් ලබදෙන Disaster Recovery Payment හෙවත් ආපදා ප්‍රතිසාධන ගෙවීම ලබන්නේ කෙසේදැයි මෙම ලිපියෙන් විස්තර කෙරේ.


Highlights

  • වැඩිහිටියන් සඳහා $1000 ක්ද යැපෙන දරුවන් සඳහා $400 බැගින්ද මේ අනුව ලබාගත හැකිය.
  • මෙය එකවරක් පමණක් ගෙවන දීමනාවක් වේ.
  • ඔබ Richmond Valley, Lismore හෝ Clarence Valley නගර සභා කලාපවල වෙසෙන අයෙක් නම් වැඩිහිටි ඔබට තවත් අමතර $1000 ක්ද දරුවෙක් සඳහා $400 ක්ද ලබාගැනීමට අවස්ථාව තිබේ.


ආපදා ප්‍රතිසාධන ගෙවීම

මෙය එකවරක් පමණක් ගෙවන දීමනාවක් වේ.

වැඩිහිටියන් සඳහා $1000 ක්ද (යුවළ සඳහා එක් අයෙකුට $1000 ක් බැගින් ලබාගත හැකිය.) යැපෙන දරුවන් සඳහා $400 බැගින්ද ඔබගේ myGov ගිණුම හරහා සුදුසුකම් ඇති අයට ලබා ගත හැකිවේ.

ඔබ Richmond Valley, Lismore හෝ Clarence Valley නගර සභා කලාපවල වෙසෙන අයෙක් නම් වැඩිහිටි ඔබට තවත් අමතර $1000 ක්ද දරුවෙක් සඳහා $400 ක්ද ලබාගැනීමට අවස්ථාව තිබේ.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආපදා ප්‍රතිසාධන ගෙවීම සැලසුම් කර ඇත්තේ ආපදාවලින් සෘජුව විපතට පත් පුද්ගලයන්ට සහ පවුල්වලට ආහාර සහ ඇඳුම් පැළඳුම් මෙන්ම කෙටි කාලීන නවාතැන් පහසුකම් වැනි අවශ්‍යතා සඳහා ගෙවීමට ක්ෂණික අරමුදල් සැපයීම සඳහාය.

නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත දෙකෙහිම ගංවතුරට හසුවූ ප්‍රදේශවල පිහිටි නිවාස හා දේපළවලට දැඩි හානි සිදුවී ඇති අතර එම සුන් බුන් පවිත්‍ර කර එම ස්ථානවල යළි වාසස්ථාන හා ව්‍යාපාරික ස්ථාන පිහිටුවීමට සැලකිය යුතු කාලයක් යනු ඇත.

  • මෙම ආපදා ප්‍රතිසාධන ගෙවීම සඳහා සුදුසුකම් ලැබීමට:
  • ඔබ ගංවතුරෙන් බරපතළ ලෙස තුවාල ලබා තිබිය යුතුය;
  • ගංවතුර හේතුවෙන් මියගිය හෝ අතුරුදහන් වූ කෙනෙකුගේ ආසන්නතම පවුලේ සාමාජිකයෙකු විය යුතුය;
  • ඔබේ නිවසට විශාල හානියක් සිදුවී තිබිය යුතුය
විශාල හානියක් සිදු වී ඇති බවට තහවුරු කිරීම පිණිස ඔබේ වාසස්ථානය පහත සඳහන් තත්වවලින් එකක හෝ තිබිය යුතුය:

  • විනාශ වී හෝ කඩා දැමිය යුතු වීම
  • ව්‍යුහාත්මකව ප්‍රමිතියක් නැති බව ප්‍රකාශ කිරීම
  • අභ්‍යන්තරයට විශාල හානියක් සිදු වී තිබීම
  • අපද්‍රව්‍ය නිවාසය තුළට පැමිණ තිබීම
  • දේපලෙහි හෝ එහි ඇති ප්‍රධාන වත්කමකට හෝ වත්කම් වලට හානි වී තිබීම
ආපදාවට පත් පුද්ගලයන්ට තමන් ක්වීන්ස්ලන්තයේ සිටී නම් මේ සඳහා අයදුම් කිරීමට 2022 අගෝස්තු 28 දක්වා ද NSW හි සිටී නම් සැප්තැම්බර් 1 දක්වා ද කාලය තිබේ.

එමෙන්ම ඔබ ඔස්ට්‍රේලියානු ස්ථිර පදිංචිකරුවෙකු හෝ සුදුසුකම් ලත් වීසා හිමියෙකු වීමට ද අවශ්‍ය වනු ඇත.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


පහත පියවර අනුගමනය කිරීමෙන් ආපදා ප්‍රතිසාධන ගෙවීම ලබාගත හැකිය:

  • ඔබේ myGov ගිණුමට log වී එහි link කර ඇති ඇති Centrelink ගිණුම තෝරන්න. ඔබ ඔබේ  myGov ගිණුම Centrelink Customer Reference Number (CRN) හරහා Centrelink වෙත link කළ යුතුවේ. ඔබට CRN එකක් නොමැති නම්, ඔබගේ නිල ලේඛන සැපයීමෙන් ඔබේ අනන්‍යතාවය ඔප්පු කළ හැක.
  • අනතුරුව “Make a Claim හෝ View Claim Status” යන්න තෝරන්න.
  • “Help in an Emergency” දක්වා පහළට ගොස් “Get Started” යන්න තෝරන්න.
  • “Apply for Disaster Recovery Payment” යන්න තෝරන්න.
  • පසුව “Begin” යන්න තෝරන්න.
  • ගංවතුර හානිය පිළිබඳ සාක්ෂි ආශ්‍රිතව ඔබට සැපයිය හැකි ඡායාරූප, ලියකියවිලි සහ/හෝ වෙනත් ද්‍රව්‍ය ඔබ සතුව ඇති බවට සහතික කර ගනිමින් සුදුසුකම් සහ හිමිකම් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
  • “Submit” බොත්තම ඔබා ඔබේ අයදුම්පත්‍රය යොමු කරන්න.


Share

Published

Updated

By Shirley Glaister, Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියාවේ ගංවතුරට හසුවූ පුද්ගලයින්ට ලබාදෙන ආපදා ප්‍රතිසාධන ගෙවීම ලබන්නේ මෙහෙමයි (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala