ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය Kevin Rudd, ABC මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය පියවර ගනී.
තමා අගමැතිවරයා ව සිටි සමයට අදාළ රහස්‍ය කැබිනට් තොරතුරු ද ABC මාධ්‍ය ආයතනය ප්‍රචාරය කර තිබීම ඊට හේතුව ලෙස ඔහු දක්වා ඇත.
එවකට කම්කරු පක්ෂ රජය විසින් ආරම්භ කරන ලද "නිවාස පරිවරණ ක්‍රමෝපා වැඩසටහන" හෙවත් "home insulation scheme" පිළිබඳ රහස්‍ය ලිපි ලේඛන වල තොරතුරු මෙසේ ප්‍රචාරය කරන ලද ඒවා අතර විය.
එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුළින් රජයට අත්විය හැකි මුල්‍යමය පාඩු හා පරිපාලන ගැටළු පිළිබඳ එම කැබිනට් පත්‍රිකා වල අඩංගු වී තිබු බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ස්වාධීන සෙනට් සභික Andrew Wilkie, ABC පුවත් සේවයට පැවසීය.
Share


