SKIP TO MAIN CONTENT

ABC මාධ්‍ය ආයතනයට එරෙහිව ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැති නඩු දමයි.

Kevin Rudd has launched legal action against the ABC
Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය Kevin Rudd, ABC මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය පියවර ගනී.

තමා අගමැතිවරයා ව සිටි සමයට අදාළ රහස්‍ය කැබිනට් තොරතුරු ද ABC මාධ්‍ය ආයතනය ප්‍රචාරය කර  තිබීම ඊට හේතුව ලෙස ඔහු දක්වා ඇත.

එවකට කම්කරු පක්ෂ රජය විසින් ආරම්භ කරන ලද "නිවාස පරිවරණ ක්‍රමෝපා වැඩසටහන" හෙවත් "home insulation scheme" පිළිබඳ රහස්‍ය ලිපි ලේඛන වල තොරතුරු මෙසේ ප්‍රචාරය කරන ලද ඒවා අතර විය.

එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුළින් රජයට  අත්විය හැකි මුල්‍යමය පාඩු හා පරිපාලන ගැටළු පිළිබඳ එම කැබිනට් පත්‍රිකා වල අඩංගු වී තිබු බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ස්වාධීන සෙනට් සභික Andrew Wilkie, ABC පුවත් සේවයට පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now