ඔස්ට්‍රේලියානු බුද්ධි අංශ ABC මාධ්‍ය කාර්යාල හදිසියේ වටලයි. රජයට අයත් රහස් ලිපි ගොනු රැසක් අත් අඩංගුවට.

ASIO officers have secured thousands of sensitive government cabinet documents at ABC offices

Source: AAP

ඔස්ට්‍රේලියානු රජයේ රහස්‍ය හා සංවේදී කැබිනට් ලිපි ලේඛන තොගයක් ABC මාධ්‍ය ආයතනයේ කැන්බරා හා බ්‍රිස්බන් කාර්යාල වල තිබී අත් පත් කරගැනීමට ඔස්ට්‍රේලියානු බුද්ධි අංශ (ASIO) නිලධාරීන් අද (01/02) සමත් විය.

අද අලුයම 1 ට පමණ ඔස්ට්‍රේලියානු බුද්ධි අංශ නිලධාරීන් ABC මාධ්‍ය ආයතනයේ කැන්බරා හා බ්‍රිස්බන් කාර්යාල වල සිදු කළ හදිසි වැටලීමකදී මෙම රහස්‍ය ලිපි ලේඛන තොගය සොයාගෙන තිබේ.

පසුගිය දශකය පුරාවට පැවති රජයන්ගේ කැබිනට් රැස්වීම් වල තොරතුරු අඩංගු සංවේදී ලිපි තොගයක් මෙසේ බුද්ධි අංශ නිලධාරීන් විසින් අත්පත් කරගෙන ඇත.

පසුගිය රජයන්හි භාවිතා කළ කාර්යාල භාණ්ඩ කැන්බරා හි පිහිටි භාවිතා කරන ලද භාණ්ඩ  අලෙවි කරනු ලබන වෙළෙඳ සැලක් වෙත අලෙවි කිරීමේදී මෙම ලිපි ලේඛන ද ඊට  ඇතුළත් වී ඇති බව මේ වන විට අනාවරණය වී ඇත.

මෙම ලිපි ලේඛන වල අඩංගු රහස්‍ය තොරතුරු ABC මාධ්‍ය තුළින් ප්‍රචාරය කිරීම ආරම්භ කිරීමත් සමග ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය කාර්යාලය සහ කැබිනට් මණ්ඩලය ඒ පිළිබඳ සොයා බැලීමට වහාම කටයුතු කළේය.

මේ අතර රජය සතු රහස්‍ය කැබිනට් වාර්තා අඩංගු ලිපි ලේඛන භාවිතා කරන ලද භාණ්ඩ නැවත අලෙවි කරන සාප්පුවකට ගියේ කෙලෙසද යන්න සොයා බැලීමට ඔස්ට්‍රේලියානු රජය විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇත.

කාලාන්තරයක් පුරාවට මෙවැනි රහස්‍ය ලිපි ලේඛන ඉතා ආරක්ෂිතව තිබිය යුතු නමුත් මේ සිද්ධියෙන් පසුව එවැනි ඇතැම් ලිපි ලේඛන මාධ්‍ය මගින් අනාවරණය වීමක් සිදුව තිබේ.

තොරතුරු ආරක්ෂණය පිළිබඳ ඇති ආකල්ප පිළිබඳ මෙවන් සිදුවීම් වලින් නැවත සිතීමට අවස්තාවක් සපයන බවත් ඔස්ට්‍රේලියානු රජය තම රහස්‍ය තොරතුරු ආරක්ෂා කර ගැනීමට ඇති ක්‍රමෝපායන් හා නීති පිළිබඳ නැවත සිතිය යුතු බවත් ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ ආරක්ෂාව පිළිබඳ විශ්ලේෂක Rory Medcalf  පවසයි.


2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now