SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවට බාරගන්නා සංක්‍රමණිකයින් 80,000 කින් අඩු කිරීමට හිටපු අගමැති ටෝනි ඇබට් ගෙන් යෝජනාවක්.

Former PM Tony Abbott calls for reduced immigration
Source: SBS

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවේ වැටුප් සහ නිවාස මිල ගණන් සම්බන්ධ පීඩනය සමනය වන තෙක් සහ පැමිණ සිටින සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියානු ජන සමාජයත් සමග හොඳින් බද්ද වන තෙක් ඔස්ට්‍රේලියාවට බාරගන්නා සංක්‍රමණිකයින් ප්‍රමාණය දැඩි ලෙස අඩු කළ යුතු බවට ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය Tony Abbott ඉල්ලා සිටියි.

මේ වන විට ඔස්ට්‍රේලියාවට වාර්ෂිකව සංක්‍රමණිකයින් 190,000 ක් බාරගන්නා අතර එය 110,000 කට අඩු කිරීම Tony Abbott ගේ අපේක්ෂාව වේ.

එමෙන්ම මේ කරුණ මීළඟ මැතිවරණයේදී සෑම ඡන්ද කොට්ටාසයකටම ගෙන යාමට ඔහු අගමැති මැල්කම් ටර්න්බුල් හට දන්වා සිටියි.

ඔස්ට්‍රේලියාවේ වැටුප් වර්ධනයට මෙන්ම නිවාස මිල ගණන් වඩා දැරිය හැකි මට්ටමකට ගෙන ඒමට සංක්‍රමණික කප්පාදුව ඉවහල් වන අයුරු පිළිබඳ Tony Abbott අද (20/02) පස්වරුවේ සිඩ්නි ආයතනයේදී විශේෂ කතාවක් කිරීමටද සූදානම් වන බව News Corp Australia වාර්තා කරයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now