ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ 49,439 ක් හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් 4 දෙනෙකු හමුවී තිබේ.
ඒ අනුව මේ වන විට මෙල්බර්න් කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 65 දක්වා වැඩිවී ඇති අතර ප්‍රාන්තය තුල සිටින සක්‍රීය කොරෝනා ආසාදිතයින්ගේ ගණන 72ක් ලෙස වාර්තා වේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනකු ප්‍රාන්ත හෝටල් නිරෝධායනයේ සිටියදී හඳුනාගෙන තිබේ.
එමෙන්ම ඊයේ දිනයේදී (03/06) කොරෝනා එන්නත් මාත්‍රා 24,169 ක් වික්ටෝරියා ප්‍රාන්ත වැසියන්ට ලබා දීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කොට තිබේ.

