ඔස්ට්‍රේලියාවේ පළතුරු සහ එළවළු මිල යළි ඉහළ යන බව රජය පවසයි. හේතු සහ බලපෑම ගැන සම්පුර්ණ විස්තරය මෙන්න

ප්‍රධාන වශයෙන් පලතුරු වගා කරන ප්‍රදේශයක් වන උතුරු වික්ටෝරියා ප්‍රදේශයට මෑත කාලීන ගංවතුර විශේෂයෙන් බලපා ඇත.

AUSTRALIA-ECONOMY

People shop for fruit and vegetables at Melbourne's Victoria Market on 5 July 2022. The government estimates prices will rise due to recent floods in south-east Australia. Source: Getty / AFP

ගිනිකොනදිග ඔස්ට්‍රේලියාව පුරා සිටින ප්‍රජාවන්ට දිගින් දිගටම එල්ලවී ඇති ගංවතුර බලපෑම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ පළතුරු සහ එළවළු මිල ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Jim Chalmers පවසයි.

වික්ටෝරියා, නිව් සවුත් වේල්ස් සහ ටස්මේනියාවේ මෑත කාලීන ගංවතුර ව්‍යසනය නිසා ඉදිරි කාර්තු දෙක තුළ පළතුරු සහ එළවළු මිල ගණන් 8% කින් පමණ ඉහළ යනු ඇතැයි ඔහු පැවසීය.

මේ අතර ගංවතුර නිසා පාරිභෝගික භාණ්ඩවල මිල වෙත කෙරෙන බලපෑම පිළිබඳ අනාවැකි කීමට ඉක්මන් වැඩි බව ඔස්ට්‍රේලියානු එළවළු වගා කරන්නන්ගේ ප්‍රමුඛතම සංවිධානය වන AUSVEG පැවසුවේය.

නමුත් ග්‍රීෂ්ම කාලයේදී ලැබෙන ඇතැම් බෝග ලබා ගැනීමේ හැකියාව කෙරෙහි මධ්‍යම හා දිගු කාලීන බලපෑම් සමඟ කෙටි කාලීන ප්‍රවාහණ අභියෝග පවතිනු ඇති බව ඔවුන් සඳහන් කළේය.

JIM CHALMERS INFLATION PRESSER
Australian Treasurer Jim Chalmers. Source: AAP / LUKAS COCH/AAPIMAGE

ගංවතුර බලපෑමට ලක්විය හැකි ආහාර නිෂ්පාදන මොනවාද?

ගංවතුර වැනි කාලගුණික සිදුවීම් තක්සේරු කිරීම බලපෑමට ලක් වූ කලාපයක වගා කරන බෝග පිළිබඳ සොයා බැලිය යුතු බව AUSVEG හි ප්‍රකාශක Shaun Lindhe, SBS වෙත පැවසීය.

"අපි වසර මුල දෙස ආපසු හැරී බැලුවොත්, සාමාන්‍යයෙන් දකුණු ක්වීන්ස්ලන්ත ප්‍රදේශයෙන් පැමිණෙන එළවළු භාණ්ඩ සඳහා යම් මිල වැඩිවීමක් අපි දුටුවා. එම ප්‍රදේශ ගංවතුර බලපෑමට ලක් වූ ස්ථාන" යනුවෙන් ඔහු SBS වෙත පැවසීය.

ප්‍රධාන වශයෙන් පලතුරු වගා කරන ප්‍රදේශයක් වන උතුරු වික්ටෝරියා ප්‍රදේශයට මෑත කාලීන ගංවතුර විශේෂයෙන් බලපා ඇති බව ඔහු පැවසීය.

එම කලාපයේ ඇපල්, පෙයාර්ස්, ප්ලම්ස්, නෙක්ටාරීන්න්, පීච් වැනි පළතුරු වර්ග වගා කෙරෙන බව සඳහන්.

"එය වික්ටෝරියා ප්‍රාන්තය සඳහා පලතුරු වගා කරන ප්‍රධාන කලාපයක් වන අතර නැගෙනහිර වෙරළ තීරය සහ ඔස්ට්‍රේලියාවේ සෙසු ප්‍රදේශ හරහා ද පලතුරු සැපයීමක් සිදුවෙනවා," යනුවෙන්ද Shaun Lindhe පැවසීය.

එනිසා එම කලාපයෙන් යම් ආකාරයක ලබා ගත හැකි බෝගවල නිෂ්පාදන සැපයුමට ගංවතුර තත්ත්වය බලපානු ඇත.

එළවළු සහ පළතුරු නිෂ්පාදන අංශයේ සැපයුම සහ ඉල්ලුමේ ස්වභාවය ඒවායේ මිලට බලපානු ඇත.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

මෙය පළතුරු සහ එළවළු මිලට බලපානු ඇතිද?

ගංවතුර බලපෑමට ලක් වූ ප්‍රදේශවල ඇතැම් ගොවිපලවල් තවමත් ජලයෙන් යටව ඇති නිසා ඒවායේ අස්වැන්න සහ මිල ගණන් තවමත් තක්සේරු කළ නොහැකි බව Shaun Lindhe පැවසීය.

කෙටි කාලීනව, මාර්ග වසා දැමීම් වැනි සිදුවීම් නිසා සැපයුම් දාම අවහිර වීම් වැනි ප්‍රවාහන අභියෝග පාරිභෝගිකයින් වෙත නිෂ්පාදන ලබා ගැනීමට බලපානු ඇතැයි ඔහු පැවසීය.

නමුත් මධ්‍ය කාලීනව විවිධ නිෂ්පාදන බෝග ලබා ගැනීමේ හැකියාව අනුව මිල ගණන්වලට සිදුවන බලපෑම් දෙස මේ මොහොතේ මදක් බලා සිටීම වැදගත් බව ද ඔහු පැවසීය.

විවිධ නිෂ්පාදන කලාපවල බෝගවලට බලපාන වෙනත් කාලගුණික සිදුවීම් ද තිබිය හැකි බව ඔහු සඳහන් කළේය.

"මේ මොහොතේ, ගංවතුර සහ වර්ෂාව තවමත් සිදුවෙමින් පවතින තත්ත්වයක්, අපට තවමත් ගංවතුරෙන් යටවූ ගොවිපලවල් දක්නට ලැබෙනවා, එනිසා පාරිභෝගිකයින්ට එළවළු සහ පළතුරුවල මිල කෙරෙහි ඇති ගංවතුරේ බලපෑම සම්බන්ධයෙන් අනාවැකිය ලබා දීමට තවම ටිකක් කල් වැඩියි." යනුවෙන් ද ඔහු පැහැදිලි කළේය.


Share

3 min read

Published

By Emma Brancatisano, Madhura Seneviratne

Source: SBS, AAP




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now