Explainer

ඔක්තෝබර් 25 ගෙනෙන කම්කරු පක්ෂ රජයේ මංගල අය-වැය ඔස්ට්‍රේලියාවේ වීසාවලට බලපාන්නේ කොහොමද? (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියාවේ වීසා අයදුම්පත් සලකා බැලීමේ කාල සීමාව වේගවත් කිරීමට සහ මානුෂීය වීසා වැඩසටහන සංශෝධනය කිරීමට කම්කරු පක්ෂය සූදානම් වන අතරේ ඒවායේ සම්පුර්ණ සැලැස්ම ඔක්තෝබර් 25 වන දින ඉදිරිපත් කිරීමට නියමිත කම්කරු පක්ෂ රජයේ පළමු අය වැයේ දී ප්‍රකාශ කිරීමට නියමිතය.

Composite graphic art of immigration stamps and a man holding a laptop under his arm

All eyes are on the October budget for changes to Australia's visa program. Source: SBS

දැනට හෙළිවී ඇති තොරතුරු

ඔස්ට්‍රේලියාවේ පැවති පසුගිය මොරිසන් රජය වසර හතරක් පුරාවට සංක්‍රමණ වැඩසටහන ආශ්‍රිත ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ අරමුදල් ඩොලර් මිලියන 875 කින් කපා හැරියේය.

එමෙන්ම ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණ කෝටාව 160,000 සීමාවේම තබාගත්තේය.

එම කාලය තුළ ඔස්ට්‍රේලියාවේ වීසා අයදුම්පත් සලකා බැලීමේ කාල සීමාව විශාල වශයෙන් දිග් ගැස්සෙන්නට වූ අතර ව්‍යාපාර සහ කර්මාන්තවලට පුහුණු ශ්‍රමිකයින්ව සොයා ගැනීමට ඉතා අපහසු තත්ත්වයක් ඇතිවීමට පටන් ගත්තේය.

මේ අතර ඔස්ට්‍රේලියාවේ වීසා අයදුම්පත් සලකා බැලීමේ කාලය වේගවත් කිරීම උදෙසා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට අමතර ඩොලර් මිලියන 36.1 ක මුදල් ප්‍රතිපාදන වෙන් කරන බවත් මාස 9 ක් පුරාවට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට අමතර සේවකයින් 500 ක් බඳවා ගැනීමට කටයුතු කරන බවත් වත්මන් කම්කරු පක්ෂ රජය පසුගිය මාසයේ පැවති රැකියා සහ නිපුණතා සමුළුවේදී පැවසුවේය.

කම්කරු පක්ෂය පසුගිය මැයි මාසයේදී ආණ්ඩුව බාර ගන්නා විට වීසා අයදුම්පත්‍ර මිලියනයක් පමණ සලකා බැලීමට තිබුණු බව ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Andrew Giles එම සමුළුවේදී පැවසුවේය.
A woman in a white jacket sits at a conference table with a man in a blue suit
Home Affairs Minister Clare O’Neil and Immigration Minister Andrew Giles at the Jobs and Skills Summit on September 2. Source: AAP / Mick Tsikas
තාවකාලික පුහුණු වීසා බලපත්‍රයක් (temporary skilled visa) සඳහා අයදුම්පත් සලකා බැලීමේ සාමාන්‍ය කාලය මැයි මාසයේදී දින 53 ක්ව පැවති අතර ජූලි මාසයේදී එය දින 42 දක්වා අඩු වී ඇත.


2022 ජූනි 1 සිට නව වීසා අයදුම්පත් මිලියන 2.22 කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බවද ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Andrew Giles සඳහන් කළේය.


———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

වීසා අයදුම්පත් සලකා බැලීම සඳහා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනටමත් අමතර කාර්ය මණ්ඩලය 260ක් බඳවාගෙන ඇති බවත්, ඉදිරි මාසවලදී තවත් පිරිසක් බඳවාගෙන පුහුණු කරන බවත් ඔහු පැවසීය.

A sign on a building which reads: "Australian Government. Department of Home Affairs."
The Department of Home Affairs' budget was cut by the previous Morrison government. Source: AAP / JAMES ROSS

ෆෙඩරල් අයවැය වීසාවලට බලපාන්නේ කෙසේද?

පසුගිය මොරිසන් රජය යටතේ කප්පාදු කළ ඩොලර් මිලියන 875 අරමුදල් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ස්වදේශ කටයුතු සඳහා වැඩි මුදලක් යෙදවීමට කම්කරු පක්ෂ රජය සැලසුම් කරන්නේද යන්න පැහැදිලි නැත

ස්වදේශ කටයුතු සඳහා දැනටමත් පොරොන්දු වී ඇති ඩොලර් මිලියන 36.1 ට වඩා වැඩි බර ප්‍රමාණයක් රජයට සිදු කිරීමට අවශ්‍ය වනු ඇති බව ආගමන කටයුතු දෙපාර්තමේන්තුවේ හිටපු ලේකම් Abul Rizvi පැවසුවේය.

මුදල් ප්‍රතිපාදන කප්පාදුව මෙම ගැටලුවේ කොටසක් පමණක් වන අතර අනෙකුත් ගැටළු ද පසුගිය දශකය තුළ වර්ධනය වෙමින් පවතින බව ඔහු පෙන්වා දුන්නේය.


එයට වීසා සැලසුම් කිරීම ඇතුළත් වන අතර ඒවා නිලධාරිවාදයට යටත්ව වෙනස් කර ඇති බව ඔහු පැවසීය.

වීසා අයදුම්පත් පිළිබඳ තීරණ ගන්නන් ඇතැම් විට ඉතා සුළු හේතු නිසා ද අයදුම්පත් ප්‍රතික්ෂේප කරන බව ආගමන කටයුතු දෙපාර්තමේන්තුවේ හිටපු ලේකම් Abul Rizvi පැවසුවේය.

කෙසේවෙතත්, ඔස්ට්‍රේලියාවේ වීසා පද්ධතියට යම් යම් සංශෝධන ගෙන එන බවට කම්කරු පක්ෂ රජය මේ වන විට පොරොන්දු වී තිබේ.

Temporary Skilled Migration Income Threshold හෙවත් තාවකාලික පුහුණු සංක්‍රමණ වීසා බලපත්‍රලාභීන්ගේ ආදායම් සීමාවද ඉහළ නංවන බවට ද කම්කරු පක්ෂ රජය පොරොන්දු වී තිබේ.

එම සීමාව වසර ගණනාවක සිටම වසරකට $53,900 පවතින අතර එය ඉතා අඩු මට්ටමක් බවට චෝදනා එල්ලවෙමින් පවතියි.
A man in a suit
Jim Chalmers will deliver the October Budget on 25 October. Source: AAP / Mick Tsikas

ඉදිරියේදී වැඩි වීසා ප්‍රමාණයක් ලබා දේවිද?

2022-23 මුල්‍ය වර්ෂය සඳහා වාර්ෂික සංක්‍රමණ කෝටාව 160,000 සිට 195,000 දක්වා මධ්‍යම රජය මේ වන විට ඉහළ දමා තිබේ.

මෙය පුහුණු සංක්‍රමණිකයින්ට මෙන්ම ඔවුන්ගේ පවුලේ උදවියටද අදාළය.

මේ අතර මානුෂීය වීසා වැඩසටහනේ කොටසක් ලෙස සරණාගතයින්ට ලබාදිය හැකි වීසා ප්‍රමාණය පිළිබඳ තීරණයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.

නමුත් temporary protection වීසා බලපත්‍රය අහෝසි කිරීමට කම්කරු පක්ෂය මැතිවරණයට පෙර සිටම ප්‍රබල පොරොන්දුවක් ලබා දුන් අතර එම වීසාවල සිටින සරණාගතයින්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාදෙන බවට පැවසීය.

මානුෂීය වීසා වැඩසටහන යටතේ 2022-23 මුල්‍ය වර්ෂය සඳහා වාර්ෂික කෝටාව 13,750 කි.

තවද ඉදිරි වසර 4 උදෙසා ඇෆ්ගනිස්තානයේ සරණාගතයින් සඳහා අමතර වීසා 16,500 ක් ලබා දීමටද මධ්‍යම රජය අපේක්ෂා කරයි.


Share

Published

By Charis Chang, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service