නත්තල් නිවාඩුවේ කෲස් සංචාරයක් යනවාද? එහෙනම් මේ ගැනත් දැනගන්න

Ruby Princess කෲස් නෞකාව වසර 2020 දී සිය ගණනක් COVID රෝගීන් සිඩ්නි වෙත ගෙන ආ පසු, Majestic Princess කෲස් නෞකාව ඉතිහාසය නැවත අලුත් කර ඇත. සයුරේ නිවාඩුවක් ගත කිරීමට දැන් අමතර සෞඛ්‍ය ආරක්ෂණ checklist එකක් සැපිරිය යුතුවේ. ඒ පිළිබඳ වැඩි විස්තර මෙම ලිපියෙන් දැනගන්න.

Cruise and COVID.jpg

Koa and Sara have long awaited their postponed cruise trip. But is it still safe to go on a cruise? Credit: Yuya Jingu

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ වසරේ අප්‍රේල් මාසයේදී කෲස් නෞකාවන්ට ඔස්ට්‍රේලියාවට ඇතුළුවීම සඳහා වූ තහනම ඉවත් කළ දා සිට, Coral Princess වැනි නෞකාවල COVID ආසාදන වාර්තා වී ඇති අතර, 2020 දී ජීවිත 28 ක් අහිමි කර පුද්ගලයින් 660 කට වඩා කොවිඩ් ආසාදනය වූ Ruby Princess කෲස් නෞකාවද අපට සිහිපත් කර දෙයි.

කෙසේ වෙතත්, ඒ කාලයට වඩා දැන් තත්ත්වය ඉතා වෙනස් බව දකුණු ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාලයේ වසංගත රෝග විද්‍යාඥ මහාචාර්ය Adrian Esterman පවසයි.

“එකල අපට කොවිඩ් එන්නත් හෝ ප්‍රතිවයිරස් නොතිබූ අතර ප්‍රතිශක්තිය අඩු වුණා. මේ දිනවල, ආසාදිත මගීන් සිය ගණනක් බැස ගියත්, ගොඩබෑමේ වරායෙන් ප්‍රජා සම්ප්‍රේෂණයට එය සැබවින්ම කරන්නේ සුළු වෙනසක්." යනුවෙන් ඔහු පැහැදිලි කළේය.

කෙසේ වෙතත්, යාත්‍රාවක යෙදී සිටියදී අසනීප වීම තවමත් ප්‍රසන්න දෙයක් නොවන අතර ආසාදිත මගීන් දිගු කාලීන සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දිය හැකි බව මහාචාර්ය Esterman තවදුරටත් පවසයි.

COVID MAJESTIC PRINCESS CRUISE SHIP
The Ruby Princess COVID outbreak of 2020 led to a ban on cruiseships which was lifted only this year. Source: AAP / DEAN LEWINS/AAPIMAGE

Ruby Princess නෞකාවෙන් උගත හැකි පාඩම්

ඔස්ට්‍රේලියානු රජය, සංචාරක සමාගම් සමඟ එක්ව, Ruby Princes සිදුවීමෙන් පසු COVID සම්ප්‍රේෂණය අවම කිරීම සඳහා නීති රෙගුලාසි සකස් කර ඇත.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය ඔවුන්ගේ පාලන පද්ධතිය භාවිතා කරමින් පැමිණෙන යාත්‍රා සම්බන්ධයෙන් COVID අවදානම් ද ප්‍රකාශයට පත් කරයි.

“මෙහිදී ප්‍රධාන කරුණ නම් වාතාශ්‍රය වන අතර බොහෝ නෞකාවන් HEPA ෆිල්ටර සහ කුටියේ වාතය නිතර ප්‍රබෝධමත් කිරීම ඇතුළත් ඔවුන්ගේ වාතාශ්‍ර පද්ධති විශාල ලෙස වැඩිදියුණු කර තිබෙනවා” යනුවෙන් මහාචාර්ය Esterman පවසයි.

තමන්ට නවීකරණය කරන ලද වාතාශ්‍ර පද්ධතියක් මෙන්ම අනෙකුත් COVID-19 ආරක්ෂක පියවරයන් තිබේද යන්න මගීන්ට නෞකාව බාර සමාගමෙන් විමසා දැනගත හැකිය.

බොහෝ විට මෙම තොරතුරු ඔවුන්ගේ වෙබ් අඩවියේ ද ඇති බව ඔහු තවදුරටත් පවසයි.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

අසනීප නම් නෞකාවට ගොඩ නොවන්න

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සහ ඔස්ට්‍රේලියාවෙන් පිටතට යන සංචාරකයින්ට ඔවුන්ගේ COVID-19 එන්නත පිළිබඳ සාක්ෂි සැපයීමට තවදුරටත් අවශ්‍ය නොවේ.

කෙසේ වෙතත්, සෞඛ්‍ය හා Aged Care දෙපාර්තමේන්තුව නිර්දේශ කරන පරිදි ඔබ ඔබේ කොවිඩ් එන්නත් කිරීම පිළිබඳව යාවත්කාලීන නොවන්නේ නම් කෲස් නෞකා චාරිකා පිළිබඳ නැවත සලකා බැලිය යුතුය.

එලෙසම, ඔබ COVID-19 ආසාදනය වුවහොත් දරුණු රෝගාබාධවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් තිබේ නම් ඒ ගැනද සැලකිලිමත් විය යුතුය.

රෝග ලක්ෂණ ඇති අය හෝ පිටත්වීමට සතියකට පෙර COVID-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති අය, “COVID ඇතුළු ඕනෑම රෝගයක් සඳහා වාහකයන් විය හැකි බැවින්, නෞකාවලට ගොඩ නොවිය යුතු බවට විශේෂඥයින් අනතුරු අඟවයි.

"මගීන් සීමිත ඉඩක් තුළ එකට එකතු වී ඇති අතර වෛරසය ඉතා සම්ප්‍රේෂණය වේ," මහාචාර්ය එස්ටර්මන් පවසයි.

Cruise Sara.jpg
Passengers spend days together on a cruiseship in a constrained space leading to a higher risk of infection. Credit: Emi Jingu

මහාචාර්ය Esterman මෙම නිවාඩු සමයේ කෲස් නෞකාවක සංචාරය කරන පුද්ගලයින්ට සිය කොවිඩ් එන්නත් යාවත්කාලීන කරගන්නා ලෙස සිහිපත් කරයි.

එය තවමත් බරපතල රෝගාබාධවලින් ආරක්ෂා වීමට ඇති හොඳම ක්‍රමය ලෙස ඔහු පවසයි.

“නෞකාවේ ඇතුළත සිටින සෑම විටම හොඳ තත්ත්වයේ මුව ආවරණයක් (KN95/N95/P2) පළඳින්න. ඔබට COVID රෝගය ආවරණය කරන සංචාරක රක්ෂණයක් ඇති බවට වග බලා ගන්න. ඔබ බරපතල ලෙස රෝගාතුර වුවහොත්, ඔබව නෞකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය වනු ඇත" යනුවෙන් ඔහු විස්තර කරයි.

කෲස් නෞකාවක සංචාරය කිරීමට අදහස් කරන පුද්ගලයන් සඳහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය checklist එකක් සකස් කර ඇත.

වැඩි විස්තර සඳහා සෞඛ්‍ය හා Aged Care දෙපාර්තමේන්තුවේ කෲස් නෞකා සංචාර පිළිබඳ තොරතුරු වෙත හෝ Smartraveller වෙබ් අඩවියට හෝ පිවිසෙන්න.


Share

3 min read

Published

Updated

By Yumi Oba, Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now