SKIP TO MAIN CONTENT

ගෝඨාබය රාජපක්ෂ මහතා 7 වෙනි විධායක ජනපති ලෙස දිවුරුම් දෙන්නේ රුවන්වැලි සෑය අභියස

Gotabhaya Rajapaksha
Gotabhaya Rajapaksha

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya



Skip to article content

ශ්‍රී ලංකා ජනාධිපතිවරණයේ ප්‍රථිපල තවමත් නිකුත්වෙමින් පැවතුනද දැනට වාර්තාවී ඇති ප්‍රථිපල වලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ මහතා චන්ද 6,733,406 ක් ලබාගනිමින් 52.39% ක චන්ද ප්‍රතිශතයක් ලබා සිටී. (AEST 8.30 pm , ශ්‍රී ලංකා වේලාවෙන් 17 වැනි ඉරිදා ප.ව. 3.00)

SBS සිංහල සේවයට වාර්තාවන පරිදි මේ වන විට ගෝඨාබය රාජපක්ෂ මහතාගේ තම දිවුරුම් දීම හෙට දිනයේදී (නොවැ 18) ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11 ට අනුරාධපුරයේ රුවන්වැලි සැය ඉදිරිපිටදී සිදුකිරීමට කටයුතු සූදානම් කරමින් සිටින බව සඳහන්.

ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ සිංහල බෞද්ධ චන්ද බහුතරයක් ලබාගැනීම මඟින් ජනාධිපති තනතුරට පත්වුණු පළමු ජනාධිපතිවරයා ලෙසට ගෝඨාබය රාජපක්ෂ මහතා ඉතිහාස ගතවෙයි.

How to listen SBS Sinhala Radio
. Source: SBS Sinhala


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now