කොරෝනා මධ්‍යයේ පාසල් අවසන් වූවන්ට රජයෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියනයක JobTrainer වැඩසටහනක් (SBS සිංහල /වාර්තා)

Welder

Source: Pixabay

වැඩි ඉල්ලුමක් පවතින ප්‍රදේශ වල පාසල් අවසන් වූවන් ඉලක්ක කරමින් මෙම නව වැඩසටහන රජය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙය ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියනයක වැඩසටහනක් වන අතර ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන500ක් මධ්‍යම රජය මගින් දරනු ලැබේ. ප්‍රාන්ත සහ ටෙරිටරි මගින් මෙහි ඉතිරි මිලියන 500යේදායකත්වය දරනු ලබයි.

මෙම නව වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය , ටස්මනියාව , දකුණුඔස්ට්‍රේලියාව , ක්වීන්ස්ලන්තය , නොදර්න් ටෙරිටරිය සහ ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියඅත්සන් තබා ඇති අතර මේ වන තෙක් බටහිර ඔස්ට්‍රේලියාව සිය එකඟතාවය පලකොටනොමැත.

JobTrainer මෙන්ම ආධුනිකයින් සහ පුහුණු වැටුප් සඳහා රජය මගින් තවත් ඕස්ට්‍රේලියානුඩොලර් බිලියන 1.5 ක අමතර මුදලක් යෙදවීමට තීරණය කොට තිබේ.

JobTrainer යනු කුමක්ද?

රජය මගින් මේ වන විට ක්‍රියාත්මක කරනු ලබන JobKeeper, JobSeeker සහ JobMaker යනවැඩසටහන් වලට අමතරව අලුතින් පාසල් අවසන්වුවන් සහ රැකියා අවස්ථා සොයන නිපුණතාසහිත පිරිස ඉලක්ක කරගනිමින් මෙම JobTrainer වැඩසටහන හඳුන්වා දී තිබේ. මෙමගින් සමස්තඔස්ට්‍රේලියාව පුරා රැකියා 340,700 ක් පමණ නිර්මාණය කිරීමට රජය බලාපොරොත්තු වන අතරකර්මාන්ත ක්ෂේස්ත්‍ර රැසකට අදාල පාඨමාලා අඩු වියදමින් හෝ නොමිලයේ හැදෑරීමටඅවස්ථාව සැලසේ.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


පවතින කොරෝනා වසංගතය අතරතුර පාසල් නිමවූ පිරිස සහ රැකියා සොයාගැනීමටවෙහෙසෙන පුද්ගලයින් සඳහා ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහනට ඉදිරියේදී අධිකඉල්ලුමක් හිමි වන බව ජාතික නිපුණතා කොමිෂන් සභාව පෙන්වා දේ.

පවතින COVID-19 තත්වය නොසිතු තත්වයක පැවතියද ඉදිරි අනාගතයේදී රැකියාවන් සඳහාඕස්ට්‍රේලියානුවන් සුදානම් කිරීම මෙහි මුඋලික අරමුණ වන බව අග්‍රාමාත්‍ය Scott Morrison අවධාරණය කොට තිබේ.

මෙය ආධුනිකයන්ට සහාය දැක්වීමට සහ ජනතාව රැකියාවල තබාගැනීම සඳහා ක්‍රියාත්මකවන්නක් නම් ඒ සඳහා සහාය දක්වන බව කම්කරු පක්ෂයද පවසා තිබේ.

කුමන අකාරයේ රැකියා මෙමගින් ආවරණය වේද?

මේ පිළිබඳව ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත බලධාරීන් සමග ජාතික නිපුණතා කොමිෂන් සභාවසාකච්චා සිදුකරමින් පවතී. මෙම වැඩසටහනෙන් සෞඛ්‍ය සේවා , සමාජ ආධාර, ප්‍රවාහන, තැපැල් හා ගබඩා, නිෂ්පාදන, සිල්ලර වෙළඳාම සහ තොග වෙළඳාම වැනි අනාගතයේදී වැඩිඉල්ලුමක් ඇතිවනබවට අපේක්ෂා කෙරෙන ක්ෂේස්ත්‍ර ඉලක්ක වේ.

Transportation
Source: Pixabay

පුහුණූ කටයුතු සිදුකෙරෙන ප්‍රදේශ

ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව මෙම පුහුණු ප්‍රදේශ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි ස්ථාපිතවේ.

 

ප්‍රාන්තය / ටෙරිටරියපුහුණු මධ්‍යස්ථාන ගණන
NSW108,600
Vic88,900
Qld68,500
WA35,200
SA23,500
Tas7,100
ACT5,700
NT3,200
Total340,700

දැනටමත් පුහුනුවන්නකු හෝ ආධුනිකයකු නම්

ආධුනිකයින් සහ පුහුණු වැටුප් සඳහා රජය මගින් තවත් ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 1.5 කඅමතර මුදලක් යෙදවීමට තීරණය කොට තිබේ. මෙම වසර මුලදී ආධුනිකයින්ගේ රැකියාසුරක්ෂිතබව ආරක්ෂා කිරීමට ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 1.3 වැඩසටහනක් හදුන්වාදීමසිදුකළේය. මෙම නව වැටුප් සහනාධාරය ආධුනිකයින්ගේ සහ පුහුණුවන්නන්ගේ වැටුපෙන් 50% ක්ආවරණය කරන අතර 2020 ජූලි මස 1 වැනිදා සේවයේ නිරත වූ කාර්යමණ්ඩලයට කාර්තුවකටඕස්ට්‍රේලියානු ඩොලර් 7,000 ක් දක්වා ආවරණය වේ.

කුසලතා සඳහා වන නවතම ආයෝජනයේ කොටසක් ලෙස රජය මගින්, මෙම නව වැඩපිළිවෙලඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 1.5 දක්වා ඉහල නංවා තිබේ.

මෙම නව වැඩපිළිවෙල ඔස්සේ සමස්ත ඔස්ට්‍රේලියාව පුරා සේවා යෝජකයින් 47,000 ක් , කාර්යමණ්ඩල සාමාජිකයින් 81,000 ක් සහ ව්‍යාපාර ක්ෂේස්ත්‍රය තුල ව්‍යාපාර 90,000 කට ආසන්නසංඛ්‍යාවක් සහ සේවකයින් 180,000 ආවරණය වේ.


3 min read

Published

Updated

By Nipuna Dodangoda



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now