SKIP TO MAIN CONTENT

ජනවාරි 04 සිට Greater Sydney වැසියන්ට ඇතැම් පොදු ස්ථානවල මුව ආවරණ පැළඳීම අනිවාර්ය කෙරේ

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Wollongong, Central Coast සහ Blue Mountains යන කලාප ඇතුළුව Greater Sydney කලාපයේ වැසියන් ට දැන් ඇතැම් ගෘහස්ථ පරිශ්‍ර තුළ මුව ආවරණ (Face masks) පැළඳීම අනිවාර්ය කර තිබේ. ඒ අනුව සුපිරි වෙළෙඳ සැල්, සාප්පු සංකීර්ණ, සිනමා ශාලා, රංග ශාලා, පොදු ප්‍රවාහන සේවා තුළ, රූප ලාවන්‍යාගාර හා කොණ්ඩා සැකසුම් මධ්‍යස්ථාන, ආගමික ස්ථාන සහ gaming areas වල අනිවාර්යෙන් මුව ආවරණ පැළඳිය යුතු වේ.

Father helps daughter with mask -  Getty Images - Morsa
Source: Getty Images - Morsa

2 min read

Published

Updated

By SBS Radio, Madhura Seneviratne

Source: SBS



Skip to article content

අද (04/01) සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Wollongong, Central Coast සහ Blue Mountains යන කලාප ඇතුළුව Greater Sydney කලාපයේ වැසියන් ට ඇතැම් ගෘහස්ථ පරිශ්‍ර තුළ මුව ආවරණ (Face masks) පැළඳීම අනිවාර්ය කර තිබේ.

එම නීතිය උල්ලංඝනය කරන පුද්ගලයින්ට ඩොලර් 200 ක දඩයක් පැනවීමට නිව් සවුත් වේල්ස් බලධාරීහු කටයුතු කරන බවද පවසති.

වයස අවුරුදු 12 ට අඩු ළමුන් සඳහා මෙම නීතිය බල නොපාන නමුත් හැකි සෑම අවස්ථාවකදීම සෑම කෙනෙකුම මුව ආවරණ පළඳින ලෙස නිව් සවුත් වේල්ස් බලධාරීහු ඉල්ලා සිටිති.

අවන්හල්, ආපනශාලා, තැබෑරුම් Pubs ඇතුළු සියලුම hospitality ස්ථාන වල සහ casino ශාලා වල සේවකයින් ද මුව ආවරණ පැළඳීම අනිවාර්ය වේ.

ආගමික ස්ථාන, විවාහ මංගල උත්සව සහ අවමංගල උත්සව වලට සහභාගී විය හැකි උපරිම පිරිස 100 ක් වන අතර වර්ග මීටර හතරකට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතිය අදාළ වේ.

රාත්‍රී සමාජ ශාලා විවෘත කිරීම නැවත දැනුම් දෙන තෙක් සම්පූර්නයනේ තහනම් කර ඇත.

කාය වර්ධන පන්ති වලට සහභාගී විය හැකි උපරිම පිරිස 50 සිට 30 දක්වා අඩු කර තිබේ.

එළිමහන් ක්‍රියාකාරකම් සහ විරෝධතා සඳහා සහභාගී විය හැකි උපරිම පිරිස 500 කි.

අසුන්ගෙන, ප්‍රවේශ පත්‍ර ගෙන සංවෘත එළිමහන් පරිශ්‍රයක උපරිම රැස්විය හැකි පුද්ගල ප්‍රමාණය 2000 කි.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


ඔස්ට්‍රේලියාවේ ඔබ වෙසෙනා ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ නවතම කොරෝනා මාර්ගෝපදේශ පහතින් පරීක්ෂා කරන්න:

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය: https://www.nsw.gov.au/covid-19 

වික්ටෝරියා ප්‍රාන්තය: https://www.coronavirus.vic.gov.au/coronavirus-covidsafe-summer

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය: https://www.covid19.qld.gov.au/

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය: https://healthywa.wa.gov.au/Articles/A_E/Coronavirus

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය: https://www.covid-19.sa.gov.au/

Northern Territory: https://coronavirus.nt.gov.au/

ACT: https://www.covid19.act.gov.au/

ටස්මේනියා ප්‍රාන්තය: https://www.coronavirus.tas.gov.au/


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now