Medicare නොමැති පුද්ගලයින්ට ඔස්ට්‍රේලියාවේ COVID-19 මුඛ ප්‍රතිකාර ලබාගත හැකි ආකාරය මෙන්න

ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට, ස්ථිර පදිංචිය හිමි අයට සහ ජාත්‍යන්තර සංචාරකයින්ට ප්‍රතිවෛරස් පෙති සහ ගෙවීම් විකල්ප පිළිබඳ නොමිලේ උපදෙස් සඳහා නම් කරන ලද පවුලේ වෛද්‍යවරුන්ගේ ශ්වසන සායනයකට පිවිසිය හැකිය.

sick person taking a painkiller pill medicine in hand with a glass of water, sitting on cozy bed under blanket. sick at home

This image is a representation Source: Moment RF / asiandelight/Getty Images

ප්‍රතිවෛරස් පෙති ලබාගැනීම සඳහා සුදුසුකම්

අවදානම් සාධක සහ රෝග ලක්ෂණ නොසලකා වයස අවුරුදු 70 සහ ඊට වැඩි අයට, අමතර අවදානම් සාධක දෙකක් සහිත අවුරුදු 50 සහ ඊට වැඩි අයට, එක් අමතර අවදානම් සාධකයක් සහිත වයස අවුරුදු 30 සහ ඊට වැඩි ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ට සහ මධ්‍යස්ථ මට්ටමේ සිට බරපතල මට්ටම දක්වා ප්‍රතිශක්තීකරණය හීන වූ වැඩිහිටියන්ට ප්‍රතිවෛරස් පෙති දැනට ඔස්ට්‍රේලියාවේ ලබාගත හැකිය.

ප්‍රධාන වශයෙන් Paxlovid සහ Lagevrio යන පෙති, concession කාඩ්පත් හිමියන් සඳහා ඩොලර් 10 ට අඩු සහ Pharmaceutical Benefits Scheme (PBS) යටතේ සුදුසුකම් ලබන පුද්ගලයින් සඳහා ඩොලර් 45 ක් පමණ වන බව සෞඛ්‍ය හා Aged care දෙපාර්තමේන්තුව පැවසුවේය.

ඔබට Medicare කාඩ්පතක් නොමැති නම්, ඔබේ සෞඛ්‍ය තත්ත්වය අනුව ප්‍රතිකාර සඳහා වන පිරිවැය වෙනස් වන බවද දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එනිසා ගෙවීම් විකල්ප ගැන ඔබේ වෛද්‍යවරයා හෝ සාමාන්‍ය ශ්වසන සායනය සමඟ කතා කරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.

"ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවන් නොවන නමුත් පුද්ගලික සෞඛ්‍ය හෝ සංචාරක රක්ෂණයක් ඇති පුද්ගලයින් ඔස්ට්‍රේලියාවේ COVID-19 ප්‍රතිකාර පිරිවැය පිළිබඳ ඔවුන්ගේ රක්ෂණ ක්‍රමයෙන් විමසා බැලිය යුතුය.

නොමිලේ සෞඛ්‍ය උපදෙස් සඳහා සාමාන්‍ය ශ්වසන සායනයක් ඔබේ ප්‍රාන්තය අනුව පහතින් සොයා ගන්න

Australian Capital Territory New South Wales Northern Territory

Queensland South Australia Tasmania Victoria Western Australia

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

COVID ප්‍රතිවෛරස් ලබා ගැනීමේ හැකියාව

ඇතැම් ඔසුසැල්වල COVID ප්‍රතිවෛරස් පෙති ගබඩා කර තබාගන්නේ නැත.

COVID ප්‍රතිවෛරස් පෙතිවල අධික මිල හේතුවෙන් බොහෝ ඔසුසැල් ඒවා ගබඩා කර තබාගන්නේ නැති බව ඖෂධවේදී Kelly Lim පැවසුවාය.

“ඔවුන් මෙම ඖෂධ ඇණවුම් කරන්නේ ඖෂධ වට්ටෝරුවක් ලැබීමෙන් පසුවයි,” Kelly Limපැවසුවාය.

Kelly Lim.jpg
Sydney-based pharmacist Kelly Lim. Credit: Kelly Lim

නමුත් රට තුළ ප්‍රමාණවත් තරම් Paxlovid සහ Lagevrio සැපයුම් පවතින බව සෞඛ්‍ය හා Aged Care දෙපාර්තමේන්තුව පැවසුවේය.

"PBS හරහා සැපයීමට අමතරව, රජය විසින් ජාතික වෛද්‍ය තොග ගබඩාව හරහා සියලුම ප්‍රාන්ත සහ ටෙරිටරි සෞඛ්‍ය දෙපාර්තමේන්තු වෙත මුඛ ප්‍රතිවෛරස් ප්‍රතිකාර සැපයුම් යොදවා ඇත," යනුවෙන් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

වඩාත් අවදානමට ලක්විය හැකි අයට ඔස්ට්‍රේලියාව පුරා මෙම ප්‍රතිකාර සඳහා පහසුවෙන් ප්‍රවේශ විය හැකි බව සහතික කිරීම පිණිස මධ්‍යම රජය විසින් මෙම ප්‍රතිවෛරස් ප්‍රතිකාර residential aged care නිවාස (Lagevrio පමණි), ස්වදේශික ඔස්ට්‍රේලියානු ප්‍රජා පාලිත සෞඛ්‍ය සේවා සහ Royal Flying Doctor Service හෝ පෙරාතුව සූදානම් ස්ථානගත කර ඇත.

ඔස්ට්‍රේලියාවේ Pharmacy Guild විසින් Find a Pharmacy වෙබ් අඩවියේ Paxlovid® සහ Lagevrio® යන දෙකම ඇතුළත් කර ඇත.

මෙම වෙබ් අඩවිය මගින් රෝගීන්ට තමන් අසල ඇති ඖෂධ තොග තිබෙන ෆාමසි සොයාගැනීමට අවස්ථාව ලබා දේ.


Share

3 min read

Published

By Yumi Oba, Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now