SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ මීළඟ නියෝජ්‍ය අගමැති මෙන්න.

Michael McCormack will be Australia's new Deputy Prime Minister.
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධුරයෙන් සහ නැෂනල්ස් පක්ෂ නායකත්වයෙන් Barnaby Joyce ඉල්ලා අස්වීමෙන් අනතුරුව නව නැෂනල්ස් පක්ෂ නායකයා ලෙස Michael McCormack අද (26/02) පෙරවරුවේ තේරී පත්වූ බව වාර්තා වේ.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ මීළඟ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස ඔහු පත්වනු ඇත.

නැෂනල්ස් පක්ෂයේ සාමාජිකයින් අතර අද පෙරවරුවේ පැවති රහස් ඡන්දයකින් අනතුරුව Michael McCormack මේ සඳහා තේරී පත්ව තිබේ.

George Christensen ද ඔහු සමග තරග කළ නමුත් ඔහුට ඒ සඳහා සුදුසුකම් ලැබීමට වරම් නොලැබිණි.

George Christensen ට වඩා Michael McCormack වැඩි ඡන්ද කොපමණ සංඛ්‍යාවක් ලබා ගත්තාදැයි නැෂනල්ස් පක්ෂය තවමත් මාධ්‍යට පවසා නැත.

මේ අනුව Barnaby Joyce පසුපෙළ මන්ත්‍රීවරයෙකු ලෙස අද සිට පාර්ලිමේන්තුවේ අසුන් ගනු ලබන අතර Michael McCormack කැබිනට් මණ්ඩලයට යාමට නියමිතය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now