SKIP TO MAIN CONTENT

මෙල්බර්න් lockdown එක සිකුරාදා අවසන් වූවාට පසුවත් තවදුරටත් පැනවෙන සීමා කිරීම් පිළිබඳ තොරතුරු මෙන්න SBS සිංහල සේවයෙන්

හෙට (10/06) රාත්‍රියේ සිට මෙල්බර්න් හි පවතින lockdown තත්වය ඉවත් කිරීම සිදු වන අතර මෙල්බර්න් වැසියන් හට කිලෝ මීටර 25 ක නව travel bubble එකක් හඳුන්වා දෙන බව වාර්තා වේ.

People walk around Albert Park Lake as storm clouds hover over the city skyline in Melbourne.
Albert Park Lake Source: AAP Image/Michael Dodge

3 min read

Published

Updated

By Nipuna Dodangoda

Source: SBS News


Skip to article content

මෙම නව travel bubble එකට අනුව මෙල්බර්න් වැසියන්ට කිලෝ මීටර 25ක දුරක් ඇතුලත පමණක් සංචරණය කිරීමේ හැකියාව පවතී.

මේ අනුව මෙල්බර්න් හි පාසල් සිසුන් හට නැවතත් පාසල් වෙත යාමට හැකියාව හිමි වන අතර මේ වනවිට වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශයන්හි පවතින කොරෝනා සීමාවන්ට සමාන සීමාවන් මෙල්බර්න් මෙට්‍රොපොලිටන් ප්‍රදේශයට පැනවේ.

ඒ අනුව,

  • මෙල්බර්න් වැසියන්ට මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වේ.
  • මෙල්බර්න් වැසියන් හට තම නිවසට අමුත්තන් ගෙන්වා ගැනීමට අවසර හිමි නොවන අතර එළිමහන් රැස්වීම් සඳහා පුද්ගලයින් 10 දෙනෙකුට පමණක් සහභාගී විය හැක.
  • මංගල උත්සව සඳහා සහභාගී විය හැකි සංක්‍යාව 10 දෙනෙකුට සීමා වේ.
  • අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී විය හැකි සංක්‍යාව 50 දෙනෙකුට සීමා වේ.
  • ආගමික උත්සව සඳහා සහභාගී විය හැකි සංක්‍යාව 50 දෙනෙකුට සීමා වේ.
  • රැකියා ස්ථාන සඳහා පුද්ගලයින් 10 දෙනෙකුට හෝ එම රැකියා ස්ථානයේ සමස්ත කාර්යමණ්ඩලයෙන් 25% ප්‍රතිශතයකට නැවත යා හැක.
  • අවන්හල් සහ ආපනශාලා සඳහා පුද්ගලයින් 50 දෙනෙකුගේ උපරිම සීමාවට යටත්ව නැවත විවුර්ත කල හැක.
  • වෙළඳසල් එක පුද්ගලයකුට වර්ග මීටර 4 සීමාවට යටත්ව විවුර්ත කල හැක.
  • රූපලාවණ්‍ය සේවාවන් නැවත ආරම්භ කල හැකි අතර දෙපාර්ශවයම මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වේ.
  • ප්‍රජා ක්‍රීඩා පුහුණු කටයුතු නැවත ආරම්භ කල හැක.
  • පුද්ගලයින් 50 දෙනෙකුගේ උපරිමයකට යටත්ව වෙන්දේසි (Auctions) කටයුතු ඇරඹිය හැක.

ඊයේ රාත්‍රියේ (8 June) සිදු කල සාකච්චා වල තීරණයක් මත වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශයන්හි මේ වනවිට පවතින කොරෝනා නීතීන්ද ලිහිල් කිරීමට තීරණය කොට තිබේ.

ඒ අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශයන්ට බලපාන නීති

  • එක් දිනකට වැඩිහිටි පුද්ගලයින් දදෙනකු හට පමණක් එක් නිවසකට යාමට හැකියාව හිමි වන අතර ඔවුන්ගේ යැපෙන්නන් හටද යාමට අවසර හිමි වේ.
  • මහජන රැස්වීම් සඳහා පුද්ගලයින් 20 දෙනෙකුට සහභාගී විය හැක.
  • අවන්හල් සහ ආපනශාලා සඳහා පුද්ගලයින් 150 දෙනෙකුගේ උපරිම සීමාවට යටත්ව නැවත විවුර්ත කල හැකි වේ. නමුත් සියලුදෙනා අසුන් ගැනීම අනිවාර්ය වන අතර ආවරණය කල ස්ථාන සඳහා සිටිය හැකි උපරිමය 75 දෙනෙකුට සීමා වේ.
  • ආගමික උත්සව සඳහා සහභාගී විය හැකි සංක්‍යාව 150 දෙනෙකුට සීමා වන අතර ආවරණය කල ස්ථාන සඳහා සිටිය හැකි උපරිමය 75 දෙනෙකුට සීමා වේ.
  • මංගල උත්සව සඳහා සහභාගී විය හැකි සංක්‍යාව 20 දෙනෙකුට සීමා වේ.
  • අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී විය හැකි සංක්‍යාව 75 දෙනෙකුට සීමා වේ.
  • රැකියා ස්ථාන සඳහා එම රැකියා ස්ථානයේ සමස්ත කාර්යමණ්ඩලයෙන් 50% ප්‍රතිශතයකට නැවත යා හැක.
  • ප්‍රජා ක්‍රීඩා පුහුණු කටයුතු නැවත ආරම්භ කල හැක.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශය තුල සංචාරය කිරීමට අවසර හිමි වේ.

වික්ටෝරියානු ප්‍රාන්ත James Merlino සඳහන් කොට සිටියේ කිලෝමීටර 25ක් වන සංචරණ සීමා සතියකට පසු ඉවත් කිරීමට ඉඩ පවතින බවයි.


ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න


 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now