ඔස්ට්‍රේලියාවේ ගෑස් නිෂ්පාදකයින් සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අනිවාර්ය ගෑස් ආචාර්ය සංග්‍රහය දැන් නීතියක් බවට පත්වී ඇත.
නමුත් එය දැනටමත් කොන්ත්‍රාත්තුවක් යටතේ පවතින ගෑස් සැපයුම්වලට බලපාන්නේ නැත.
ඒ අනුව ගෑස් බිල්පත් හදිසියේ පහත වැටෙන්නේ නැති බව එයින් කියවෙයි.
රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කිරීමෙන් පසු ඇතැම් ව්‍යාපාර බලශක්ති පිරිවැය හතර ගුණයකින් වැඩි වීමට මුහුණ දුන් විට ගෑස් මිල විශාල ලෙස ඉහළ යාමෙන් පසු හදිසි මිල සීමාවක් පසුගිය දෙසැම්බර් මාසයේදී ක්‍රියාත්මක විය.
ගිගාජූල් එකකට ඩොලර් 12 ක සීමාවක් එහිදී සාධාරණ වනු ඇති බවට සිතා එම මිල සීමාව පැනවීය.
මෙම මිල සීමාව 2025 දක්වා දීර්ඝ කර ඇති නමුත් එය තොග මිලට පමණක් බලපාන අතර සිල්ලර මිලට බලපෑමක් ඇති නොකරයි.
බොහෝ නිෂ්පාදන ජාත්‍යන්තර කොන්ත්‍රාත්තු මගින් හිරකර ඇති නිසා ඔස්ට්‍රේලියාව ඉක්මනින්ම ගෘහස්ථ භාවිතය සඳහා අමතර liquefied natural gas හෙවත් LNG ආනයනය කරනු ඇත.
මිල සීමාවට යටත් වන ගෑස් ප්‍රමාණය කොපමණද?
සියලු නිදහස් කිරීම් සමඟින්, ඔස්ට්‍රේලියාවේ කොපමණ ගෑස් ප්‍රමාණයක් ඇත්ත වශයෙන්ම මිල සීමාවට යටත් වනවාද යන්න විමසීම සාධාරණ බව EnergyQuest විශ්ලේෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Rick Wilkinson පැවසීය.
"පිළිතුර දැනට එතරම් නොවේ යන්නයි. එය මුළු නැගෙනහිර වෙරළ කලාපයේ නිෂ්පාදනයෙන් (LNG ඇතුළුව) ආසන්න වශයෙන් 6% ක් ලෙස අපි එය ඇස්තමේන්තු කරනවා, නමුත් දේශීය සැපයුමෙන් 21% ක්," ඔහු පැවසීය.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
නැඟෙනහිර වෙරළ ගෑස් වෙළඳපොලේ බේරුම්කරුවෙකු ලෙස ඇතුළත් කර ගැනීමෙන්, කෘතිමව අඩු මිල ගණන් නව සැපයුම දිරිමත් නොකරන බැවින් මධ්‍යම හා දිගු කාලීනව දුෂ්කර තීරණ ගැනීමට රජයට බල කෙරෙනු ඇතැයි Wilkinson සඳහන් කළේය.
යුක්රේනයේ යුද්ධය සහ ජාත්‍යන්තර ගෑස් මිල වාර්තාගත ලෙස ඉහළ යාම නැගෙනහිර වෙරළ ගෑස් වෙලඳපොල කඩාකප්පල් කිරීමට හේතුව බවට වන නිල මතය ඔහු ප්‍රතික්ෂේප කළේය.
දිගුකාලීන ගෑස් සැපයුම් හිඩැස් පිළිබඳ අනතුරු ඇඟවීම
ඔස්ට්‍රේලියානු බලශක්ති වෙළඳපොල ක්‍රියාකරු දිගු කාලීන ගෑස් සැපයුම් හිඩැස් ගැන අනතුරු අඟවා ඇති අතර, විශේෂයෙන් දරුණු කාලගුණික තත්ත්වයන් ඇති වුවහොත්, එළඹෙන ශීත ඍතුවේ දී ගෑස් හිඟ වීමේ අවදානමක් ඇති බව පවසා ඇත.
නව දේශීය ගෑස් සැපයුම හෝ LNG ආනයනය ස්ථාපිත කර තිබේද සහ ගල් අඟුරු බලාගාර නැවත්වීම කළමනාකරණය කරන්නේ කෙසේද යන්න මත පදනම්ව, මේ දශකය අවසන් වන විට නැගෙනහිර වෙරළ ගෑස් වෙළඳපොළ සැපයුම හිඟ වනු ඇති අතර ඇතැම් විට බොහෝ ඉක්මනින් එය සිදුවනු ඇතැයි EnergyQuest පුරෝකථනය කර තිබේ.
කාලගුණය අනුව ඉහළ ඉල්ලුම නිසා ඇතිවන ගෑස් හිඟය කලින් පැමිණිය හැකිය.
"මධ්‍යම රජය විසින් ගෙනා ආචාර්ය සංග්‍රහය මෙම ගැටළු විසඳන්නේ නැත," EnergyQuest විශ්ලේෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Rick Wilkinson පැවසීය.
රජය කරන දේ ප්‍රමාණවත්ද?
ගෑස් මිල සීමාව ගෘහස්ත ගෑස් මිල පහළට ගෙන ඒමට පීඩනයක් ඇති කිරීමට උපකාරී වන අතර, රජය තවත් බොහෝ දේ කළ යුතු බව ඔස්ට්‍රේලියානු සමාජ සේවා කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී Cassandra Goldie පැවසුවාය.
ඔස්ට්‍රේලියානු භූමියෙන් පිටත ගෑස් නිෂ්පාදනය සඳහා 10% ක කර්තෘභාගය ගෑස් වලින් ඉවත් වීමට හේතුවක් සපයන බවද ඇය සඳහන් කළාය.
"ජාත්‍යන්තර ගෑස් සමාගම් පොදු සම්පත් වලින් අතිවිශාල ලාභයක් උපයා ගන්නා අතර ඉහළ යන බලශක්ති බිල්පත් අඩු ආදායම්ලාභීන්ට තම නිවෙස් උණුසුම් කිරීම හෝ දිනකට ආහාර වේල් තුනක් ගැනීම යන දෙකින් එකක් තෝරා ගැනීමට බල කරයි," ලෙසද ගෝල්ඩි Cassandra Goldie පැවසුවාය.
බලශක්ති දුෂ්කරතා ඇති ජනතාවට බලශක්ති ණය සහන ලබාදීමට බලශක්ති සිල්ලර වෙළෙන්දන් සමඟ ද රජය කටයුතු කළ යුතු බව ඇය පැවසුවාය.