SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ නිවාස ණය ලබාගැනීම් අගෝස්තු මාසයේදී පහත වැටුණු හැටි (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියාවේ නව නිවාස ණයවල වටිනාකම 2022 අගෝස්තු මාසයේදී ඩොලර් බිලියන 27.4 දක්වා පහත වැටී ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.

Investors retreat from housing market.
Source: AAP

3 min read

Published

By Madhura Seneviratne

Source: SBS


Skip to article content

ඔස්ට්‍රේලියාවේ නව නිවාස ණයවල වටිනාකම 2022 අගෝස්තු මාසයේදී 3.4 % කින් පහත වැටී ඇති බව වාර්තා වේ.

එය ඩොලර් බිලියන 27.4 දක්වා පහත වැටීමක් බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.

මෙය පසුගිය ජූලි මාසයේදී 8.5% කින් පහත වැටුණු බවද ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය සඳහන් කරයි.

Owner-occupier නිවාස ණය

නව owner-occupier නිවාස ණය බැඳීම්වල වටිනාකම 2022 අගෝස්තු මාසයේදී 2.7% කින් පහත වැටුණු අතර නව ආයෝජක නිවාස ණය බැඳීම්වල වටිනාකම 4.8% කින් පහත වැටුණු බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ මුල්‍ය ප්‍රධානී Katherine Keenan පැවසුවාය.

“2022 ජුනි මාසයේ ඉහළ මට්ටම්වලින් නිවාස ණය දීම අඛණ්ඩව පහත වැටුණද, පූර්ව වසංගත මට්ටම්වලට සාපේක්ෂව අගෝස්තු මාසයේ නිවාස ණය සඳහා කැපවීම්වල වටිනාකම ඉහළ මට්ටමක පැවතුණා. 2020 පෙබරවාරි මාසයට වඩා අගෝස්තු මාසයේ owner-occupier ණය 36% කින් වැඩි වූ අතර ආයෝජක නිවාස ණය 70% කින් වැඩි වී තිබෙනවා." යනුවෙන් ද ඇය පැහැදිලි කළා.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

Owner-occupier පදනමේ පළමු නිවාස ගැනුම්කරුවන් සඳහා නව නිවාස ණය ගත් ප්‍රමාණය 2022 අගෝස්තු මාසයේදී 9,258 දක්වා 10.4% කින් ඉහළ ගියේය.

2021 ජනවාරියේ ඉහළම අගය වූ 16,330 ට වඩා බෙහෙවින් අඩු මට්ටමක පැවතියද, මෙය 2020 අගෝස්තුවෙන් පසු සිදු වූ විශාලතම වැඩිවීම විය.

වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස ණය අලුතෙන් ලබාගත් පිරිස 11.9% කින් ද ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ 14.3% කින් ද බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ 13.9% කින් ද ඉහළ ගොස් ඇති බවත් වාර්තා වේ.

අගෝස්තු මාසයේ owner-occupier පදනම මත පළමු නිවාස ගැනුම්කරුවන්ගෙන් සමහරක් 2022-23 First Home Guarantee ඉල්ලුම වැඩි කළ බව ප්‍රතිචාර මගින් හඳුනාගෙන තිබෙන බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ මුල්‍ය ප්‍රධානී Katherine Keenan පැවසුවාය.

ණය දෙන්නන් අතර owner-occupier නිවාස ණය බැඳීම්වල ණය ගැනුම්කරුගේ refinancing වටිනාකම 2022 අගෝස්තු මාසයේදී ඩොලර් බිලියන 12.8ක නව වාර්තාගත ඉහළ මට්ටමක් දක්වා සියයට 2.8කින් ඉහළ ගොස් ඇත.

General view of housing in Sydney.
General view of housing in Sydney. Source: AAP

පොලී අනුපාතිකය ඉහල දැමීම මධ්‍යයේත් අඩු පොලීයට නිවාස ණය ලබා ගැනීමට උත්සාහ කිරීම්

පසුගිය අගෝස්තු මාසයේදී ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව පොලී අනුපාතිකය ඉහල දැමීම මධ්‍යයේ වුවත් ණය හිමියන් අඩු පොලී අනුපාත සහිත නිවාස ණය ලබා ගැනීමට නොකඩවා උත්සාහ කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ ජාතික මට්ටමින්, owner-occupier නිවාස සඳහා සාමාන්‍ය ණය ප්‍රමාණය අගෝස්තු මාසයේදී ඩොලර් 609,000 සිට ඩොලර් 589,000 දක්වා පහත වැටුණි.

නමුත් එය 2020 පෙබරවාරි මාසයේ දක්නට ලැබුණු ප්‍රමාණයට වඩා 23% කින් ඉහළ මට්ටමක පැවතුනි.

සෑම ප්‍රාන්තයකම සාමාන්‍ය නිවාස ණය ප්‍රමාණය පහත වැටුණද, ටෙරිටරි දෙකෙහිම සුළු වශයෙන් ඉහළ ගොස් ඇත. මේ පිළිබඳ පහත වගුවෙන් පැහැදිලිව දැක්වෙයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now