නිවාස ණය හිමියන්ට දැඩි පීඩනයක් දෙමින් ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතිකය 2.6% දක්වා තවත් ඉහළට (SBS සිංහල/ වාර්තා)

ඒ අනුව මේ වන විට ඇති පොලී අනුපාතිකය 2013 ජූලි මාසයෙන් පසු එහි ඉහළම මට්ටමේ ඇති බවද වාර්තා වේ.

Mortgage holders face more repayment pain as Reserve Bank hikes cash rate to 2.6 per cent

Mortgage holders face more repayment pain as Reserve Bank hikes cash rate to 2.6 per cent Source: AAP

ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව ඔස්ට්‍රේලියාවේ නිල මුදල් අනුපාතිකය 0.25% කින් අද (ඔක්තෝබර් 04) යළිත් ඉහළ දැමුවේය.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ නිල පොලී අනුපාතිකය 2.6% දක්වා ඉහළ ගොස් තිබේ.

උද්ධමනය කළමනාකරණය කිරීම සඳහා පොලී අනුපාතික ඉහළ දැමීම

ඉහළ යන උද්ධමනය කළමනාකරණය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව විසින් අඛණ්ඩව පොලී අනුපාතිකය ඉහළ නැංවූ හයවන අවස්ථාව මෙය වේ.

ඒ අනුව මේ වන විට ඇති පොලී අනුපාතිකය 2013 ජූලි මාසයෙන් පසු එහි ඉහළම මට්ටමේ ඇති බවද වාර්තා වේ.

මධ්‍යම බැංකුව කෙටි කාලයකදී සැලකිය යුතු ලෙස ඔස්ට්‍රේලියාවේ මුදල් අනුපාතිකය වැඩි කර ඇති බව ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ අධිපති Philip Lowe සඳහන් කළේය.


ඔස්ට්‍රේලියාවේ උද්ධමනය සහ ආර්ථික වර්ධනය පිළිබඳ ඉදිරි දැක්ම තක්සේරු කිරීම උදෙසා මෙම මාසයේ මුදල් අනුපාතිකය 0.25% කින් වැඩි කිරීමට මධ්‍යම බැංකු මණ්ඩලය තීරණය කළ බව ඔහු පැවසීය.

ඔස්ට්‍රේලියාවේ මූලික උද්ධමනය 4.9% හි පවතින අතර එය තවමත් ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ ඉලක්කගත පරාසය වන 2% සිට 3% දක්වා මට්ටමට ඉහළින් පවතී.

පොලී අනුපාත වැඩිවීම එම ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට උපකාරී වනු ඇති බවත් ඉදිරි කාලසීමාව තුළ තවදුරටත් පොලී අනුපාතිකය වැඩි කිරීමට ඉඩ ඇති බවත් ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ අධිපති Philip Lowe පැවසුවේය.

නිවාස ණය හිමියන්ට මෙම පොලී අනුපාත ඉහල යාම බලපාන්නේ කෙසේද?

සාමාන්‍ය නිවාස ණය හිමියෙකු පසුගිය වසරේ මෙම කාලයට වඩා නිවාස ණය ආපසු ගෙවීමේදී ඩොලර් සියගණනක් තම වාරිකය ගෙවීමේදී වැඩිපුර ගෙවයි.

ඉදිරියේදී පොලී අනුපාත තවත් ඉහළ යන බවට කෙරෙන පුරෝකථනය සමඟ එය වඩාත් අයහපත් අතට හැරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

2020 නොවැම්බර් සහ මේ වසරේ මැයි අතර පොලී අනුපාත අඛණ්ඩව ඉහළ යාම ආරම්භ වූ විට, ඔස්ට්‍රේලියාවේ නිල මුදල් අනුපාතිකය 0.1% ක වාර්තාගත අවම මට්ටමක පැවතිණි.

ඩොලර් 500,000 ක නිවාස ණයක් ඇති පුද්ගලයින් දැනටමත් නිවාස ණය ආපසු ගෙවීම සඳහා අප්‍රේල් මාසයේ සිට මසකට ඩොලර් 600 කට වඩා වැඩිපුර ගෙවන බව මුල්‍ය පහසුකම් සැසඳීමේ වෙබ් අඩවියක් වන RateCity ඇස්තමේන්තු කර ඇත.



පොලී අනුපාත ඉහළ යාම නිවසක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන අයගේ ණය ගැනීමේ හැකියාවට ද බලපායි.

මෑත කාලීන පොලී අනුපාත ඉහල යාමේ ප්‍රතිඵලයක් ලෙස සාමාන්‍ය පුද්ගලයෙකුගේ උපරිම ණය ගැනීමේ ධාරිතාව ආසන්න වශයෙන් 20% කින් හෝ $134,500 කින් පහත වැටී ඇති බව ද RateCity වෙබ් අඩවිය ඇස්තමේන්තු කර ඇත.


Share

Published

By Amy Hall, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service