COVID-19 සහ "උණ සෙම්ප්‍රතිශ්‍යාව" අතර වෙනස දැනගන්නේ මෙහෙමයි (SBS සිංහල/ වාර්තා)

Experts believe testing is the best way of diagnosing the disease given identical signs and symptoms of COVID-19, flu and the common cold.

Experts believe testing is the best way of diagnosing the disease given identical signs and symptoms of COVID-19, flu and the common cold. Source: Getty Images/Westend61

COVID-19 හේතුවෙන් පසුගිය වසර දෙක තුළ ඕස්ට්‍රේලියාවේ පුද්ගලයින් 6,600 කට වඩා ජීවිතක්ෂයට පත් වූ අතර ඉන්ෆ්ලුවෙන්සා වෛරසය හේතුවෙන් 2019 දී පුද්ගලයින් 1,080 ක් සහ 2020 දී පුද්ගලයින් 55 දෙනෙකු මිය ගොස් තිබේ.


 Highlights

  • COVID-19 හි අනෙකුත් රෝග ලක්ෂණ 
  • රෝග ලක්ෂණ ඇත්නම් සහ ඔබේ RAT/PCR පරීක්ෂණය ඍණාත්මක නම් කළ යුතු දේ 
  • උණ රෝග ලක්ෂණ සහ එහි බරපතලකම
  • උණ රෝගය පැතිරීම 
  • රෝග සම්ප්‍රේෂණය
  • උණ පැතිරීම නැවැත්වීම

ප්‍රාන්ත රජයන් මේ වනවිට සංචාරක සීමා කිරීම් සහ සෞඛ්‍ය ආරක්ෂණ පියවර ලිහිල් කිරීම සිදු කරන අතර මේ හේතුවෙන් ඔස්ට්‍රේලියාව තුලට උණ වැළඳි ආසාදිතයින් නැවත පැමිණීමේ සහ ශීත ඍතුවේ දී රෝහල්ගතවීමේ ඉහළ යාමක් දැකිය හැකි බව විශේෂඥයින් පෙන්වා දෙයි.

එමෙන්ම ඔස්ට්‍රේලියානු රජය පවසන්නේ මෙම උණ ඕනෑම කෙනෙකුට වැළඳිය හැකි නමුත් එය ළදරුවන්ට සහ වැඩිහිටියන්ට වැළඳුනහොත් තත්වය බරපතල වන බවයි.

රෝග විනිශ්චය

COVID-19 සහ උණ සෙම්ප්‍රතිශ්‍යාවේ සමාන රෝග ලක්ෂණ පැවතීම මත පරීක්ෂා කිරීම ඔස්සේ රෝග විනිශ්චය කිරීම යහපත් වන බව ප්‍රාන්ත රජයන් සහ විශේෂඥයින් පවසයි.

මේ හේතුවෙන් නිවසේ සාමාජිකයකු හට නාසයෙන් දියර ගැලීම, කැස්ස හෝ උගුරේ අමාරුව, උණ, හිසරදය, ඇඟපත කැක්කුම, වමනය සහ පාචනය තිබේ නම්, RT-PCR පරීක්ෂණයක් හෝ RAT පරීක්ෂණයක් සිදු කරන ලෙස ඔවුන් ඉල්ලා සිටී.
COVID-19 හි අනෙකුත් රෝග ලක්ෂණ

  • හුස්ම හිරවීම සහ පපුව තදවීම
  • තෙහෙට්ටුව
  • මාංශ පේශි වේදනාව
  • තාවකාලික සුවඳ නැතිවීම හෝ රසය පිළිබඳ වෙනස් වූ හැඟීම
  • ඔක්කාරය හෝ ආහාර රුචිය නැති වීම

මෙම රෝග ලක්ෂණ ඇත්නම් සහ ඔබේ RAT/PCR පරීක්ෂණය ඍණාත්මක නම් කළ යුතු දේ

ප්‍රතිශක්තිකරණ පර්යේෂණ සහ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙකු සඳහන් කොට සිටින්නේ, පුද්ගලයෙකුට උණ හෝ සෙම්ප්‍රතිශ්‍යාව වැනි වෙනත් ශ්වසන රෝගයක් සාමාන්‍යයෙන් ඇති විය හැකි වන නමුත් ඒ සෑම විටම එම පුද්ගලයා අන් අයට වෛරසය පැතිරීම වළක්වා ගැනීම සඳහා රෝග ලක්ෂණ පහව යන තුරු නිවසේ සිටිය යුතු බවයි.

මෘදු උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව සාමාන්‍යයෙන් කිසිදු ප්‍රතිකාරයකින් තොරව සුව වන අතර විවේක ගැන්වීම අවශ්‍ය බව SBS වෙත ලිඛිත නිවේදනයක් යොමු කරමින් ප්‍රතිශක්තිකරණ පර්යේෂණ සහ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රකාශකයා අවධාරණය කොට තිබේ.

 


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 

එමෙන්ම මේ අතරතුර ජලය ඇතුළු දියර ගැනීම, වේදනාව සහ උණ අඩු කිරීම සඳහා පැරසිටමෝල් පානය කිරීම සහ නාසයට ඉසින (spray) ඖෂධ භාවිතා කිරීම වැදගත් වේ.

මෙවැනි අවස්ථාවන්හිදී එම පුද්ගලයින් ඔවුන්ගේ සාමාන්‍ය වෛද්‍යවරුන් (GP) සම්බන්ධ කර ගත යුතු අතර, රෝග ලක්ෂණ සහ රෝගී තත්වය පරීක්ෂා කිරීමෙන් හෝ රුධිර පරීක්ෂාවකින් උණ තත්වය හඳුනාගත හැකි වේ.
උණ රෝග ලක්ෂණ සහ එහි බරපතලකම

උණ ආසාදනය වූ පුද්ගලයෙකු, ඉහත ලැයිස්තුගත කර ඇති පොදු රෝග ලක්ෂණ සහ රෝග ලක්ෂණ හැර දැඩි සීතල අත්විඳිමට හැකියාව තිබේ.එමෙන්ම වමනය සහ පාචනය ළමුන් අතර බහුලව දක්නට ලැබේ.

මේ හේතුවෙන් පහත පිරිස් රෝහල්ගත වීමේ වැඩි අවදානමක් පවතී:

  • ළදරුවන්
  • වයස අවුරුදු 65 සහ ඊට වැඩි පිරිස
  • ආදිවාසී සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්
  • ගර්භනී කාන්තාවන්
  • දිගු කාලීන වෛද්‍ය ගැටළු පවතින පිරිස
  • තරබාරු පිරිස
  • දුම් පානය කරන පිරිස
  • එන්නත් නොකළ පිරිස
උණ, පුද්ගලයාගෙන් පුද්ගලයාට පැතිරීම සිදු වේ. එහි රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් ආසාදනය වැළඳී දින 1 සිට 3 දක්වා කාලය තුළ ආරම්භ වන අතර එහි බරපතලකම එකිනෙකාට වෙනස් වේ.

උණ හේතුවෙන් පහත සඳහන් සෞඛ්‍ය තත්වයන් ඇති විය හැක:

  • බ්රොන්කයිටිස් (Bronchitis)
  • කෲප් (Croup)
  • නියුමෝනියාව
  • කන් ආශ්‍රිත ආසාදන
  • හදවත සහ අනෙකුත් අවයව වලට හානි සිදු වීම
  • මොළයේ දැවිල්ල සහ මොළයට හානි සිදු වීම
  • මරණය
දරුණු ආසාදනයක් ඇති වූ විට දිගුකාලීන වෛද්‍ය තත්වයන්ට ඇතුළත් වන්නේ:

  • හදවත් රෝග
  • ඩවුන් සින්ඩ්‍රෝම තත්වය
  • පෙනහළු අසාදන
  • ස්නායු පද්ධතියේ තත්වයන් (multiple sclerosis වැනි)
  • අක්මා අසාදන
  • වකුගඩු අසාදන
  • දියවැඩියාව
  • රුධිර අසාදන
  • පරිවෘත්තීය ආබාධ

උණ රෝගය පැතිරීම

උණ රෝගය සාමාන්‍යයෙන් පවුල්, සේවා ස්ථාන, ළමා සුරැකුම් මධ්‍යස්ථාන සහ පාසල් මගින් පැතිරීම සිදු වේ.

රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන සඳහන් කොට සිටින්නේ ආසාදිත පුද්ගලයෙකුට අඩි හයක් පමණ දුරින් සෙසු පිරිස හට ආසාදනය සම්ප්‍රේෂණය කළ හැකි බවයි.

රෝග සම්ප්‍රේෂණය සිදු වන අයුරු:

  • අවට සිටින ආසාදිත පුද්ගලයින්ගේ කැස්ස සහ කිවිසුම් යාමේදී ඇතිවන ජල බිඳිති මිනිසුන් ආශ්වාස කිරීම ඔස්සේ
  • උණ වෛරසය සහිත මතුපිටක් ස්පර්ශ කිරීමෙන් පසු ඔවුන්ගේ මුඛය, ඇස් සහ නාසය ස්පර්ශ කිරීම ඔස්සේ

රෝග වැළැක්වීම

එන්නත් කිරීම ආසාදන හා දරුණු රෝග වැලැක්වීම සඳහා යහපත් ක්‍රමයයි

ඔස්ට්‍රේලියානු රජය සඳහන් කොට සිටින්නේ උණ තත්වයන් නිරන්තරයෙන් වෙනස් වීම හේතුවෙන් පුද්ගලයින් සෑම වසරකදීම නව එන්නතක් ලබා ගත යුතු බවයි.

උණ පැතිරීම නැවැත්වීමට වෙනත් ක්‍රම පහත දැක්වේ:

  • තමාට වැළඳී ඇති රෝගය සනීප වන තුරු, ළමා රැකවරණ, පාසල්, රැකියා හෝ වෙනත් ස්ථාන වලින් ඈත්ව සිටීම
  • කැස්ස සහ කිවිසුම් ඇරීම සිදු කරන විට මුඛය ආවරණය කිරීම
  • නිතර අත් සේදීම
මෙම ලිපියේ ඇති තොරතුරු ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සහ අනෙකුත් සෞඛ්‍ය බලධාරීන්ගේ වර්තමාන සෞඛ්‍ය උපදෙස් මත පදනම් වේ. නිශ්චිත තොරතුරු සඳහා කරුණාකර ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

Share

Published

By Sahil Makkar

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service