Highlights
- වසර 1804 දී මෙම දේශයට "ඔස්ට්‍රේලියාව" යන නම තැබිණි.
- වසර 1770 අගෝස්තු 22 වන දින කපිතාන් James Cook, ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළට ගොඩ බැස එහි බ්‍රිතාන්‍ය ධජය එසවීය.
- ඔස්ට්‍රේලියාව නිල වශයෙන් බ්‍රිතාන්‍ය ජනපදකරණයට ලක්වන්නේ වසර 1788 ජනවාරි 26 වන දිනය.
අදට (26/01) යෙදී ඇති ඔස්ට්‍රේලියා දිනය, ඔස්ට්‍රේලියාව පුරා බොහෝ පිරිස් සමරනු ලබන අතර තවත් පිරිස් ඊට විරෝධය පළ කරමින් විවිධ විරෝධතා වල නිරත වන බව වාර්තා වේ.
ඔස්ට්‍රේලියා දිනයේ ඉතිහාසය සහ ඒ පිළිබඳ වර්තමාන තත්ත්වය මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නෙමු.
බ්‍රිතාන්‍ය ආක්‍රමණයට පෙර ඔස්ට්‍රේලියාව
බ්‍රිතාන්‍ය ආක්‍රමණයට පෙර ඔස්ට්‍රේලියාවේ මුල් පදිංචිකරුවන් ලෙස ඇබෝර්ජීනියානු ජනතාව හඳුන්වනු ලබයි.
ඔවුන් සහ ටෝරස් දූපත් වාසීන් ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් ලෙස මේ වන විට හඳුන්වන අතර ඔවුන් මෙම මහාද්වීපයේ වසර 60,000 කටත් පෙර සිටම වාසය කර ඇති බව National Australia Day Council පවසයි.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
බ්‍රිතාන්‍යයන්ගේ පැමිණීමෙන් පසුව වසර 1804 දී මෙම දේශයට "ඔස්ට්‍රේලියාව" යන නම තැබුණු අතර මෙහි පැමිණි බ්‍රිතාන්‍ය ජාතික කපිතාන්වරයෙකු වූ Mathew Flinders විසින් එම නම තබනු ලැබීය.
වසර 1817 පටන් මෙම භූමියේ නාමය නිල වශයෙන් "ඔස්ට්‍රේලියාව" යනුවෙන් හඳුන්වන්නට තීරණය කළේය.

ඔස්ට්‍රේලියාවට සේන්දු වූ පළමු බ්‍රිතාන්‍ය නැව් පන්තිය
ඔස්ට්‍රේලියාවට බ්‍රිතාන්‍යයන්ගේ සම්ප්‍රාප්තිය පිළිබඳ සාකච්ඡා කිරීමේදී කපිතාන් James Cook සුවිශේෂී වේ.
වසර 1770 අගෝස්තු 22 වන දින කපිතාන් James Cook, ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළට ගොඩ බට අතර වර්තමානයේ Possession දූපත ලෙස හැඳින්වෙන ස්ථානයේ බ්‍රිතාන්‍ය ධජය එසවූ බව වාර්තා වේ.
නමුත් ඔස්ට්‍රේලියාව නිල වශයෙන් බ්‍රිතාන්‍ය ජනපදකරණයට ලක්වන්නේ වසර 1788 ජනවාරි 26 වන දිනය.
1788 ජනවාරි 26 වන දින බ්‍රිතාන්‍යයේ සිට සිරකරුවන් රැගත් නැව් 11 ක් සිඩ්නි බොක්කට සේන්දු වීමත් සමග මෙය බ්‍රිතාන්‍ය අත්පත් කරගත්තේය.
එම ප්‍රථම නැව් කණ්ඩායමේ නායකත්වය දැරුවේ කපිතාන් Arthur Philip වූ අතර ඔහු මෙම ජනපද පිහිටුවීම නිල වශයෙන් සනිටුහන් කිරීමට සිඩ්නි බොක්කේ බ්‍රිතාන්‍ය ධජය එසවීය.

Foundation day, Australia Day වූ වගයි
වසර 1788 ජනවාරි 26 වන දින බ්‍රිතාන්‍යයේ ප්‍රථම නැව් පන්තිය ඔස්ට්‍රේලියානු මහද්වීපයට සේන්දු වීම හේතු කොටගෙන ජනවාරි 26 වන දිනය “First landing day” හෝ “Foundation day” ලෙස සිඩ්නි ගැසට් පත්‍රය වසර 1804 දී පටන් නිල වශයෙන් හැඳින්වීම ආරම්භ කළ බව National Australia Day Council පවසයි.
බ්‍රිතාන්‍යයන් ඔස්ට්‍රේලියාවට සේන්දු වී වසර 30 ක් සපිරුණු 1818 දී එවකට සිටි Macquarie ආණ්ඩුකාරවරයා ජනවාරි 26 වන දිනය ප්‍රසිද්ධ නිවාඩු දිනයක් බවට පත් කළේය.
බ්‍රිතාන්‍යයේ පළමු නැව් පන්තිය, ඔස්ට්‍රේලියාවට පැමිණි 100 වන සංවත්සරය වසර 1888 දී සමරන්නට විය.
එම සැමරුම් එතෙක් කලක් පැවතියේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පමණක් වුවද 1888 සැමරුමට ටස්මේනියාව, වික්ටෝරියාව, ක්වීන්ස්ලන්තය, බටහිර ඔස්ට්‍රේලියාව, දකුණු ඔස්ට්‍රේලියාව මෙන්ම නවසීලන්තයද සහභාගී වූ බව වාර්තා වේ.
ඉන් අනතුරුව එම සැමරුම “Foundation day” නමින් ජාතික සැමරුමක් බවට පත් විය.
ඉන් වසර 106 ක් ගතවූ තැන එනම් වසර 1994 දී “Australia Day” හෙවත් “ඔස්ට්‍රේලියා දිනය” සැමරීම ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් නිල වශයෙන් ස්ථාපිත කරන ලදී.

