ග්‍රීෂ්ම කාලයේදී ඔබේ මිදුලේ ඇති තණකොළ නියමාකාරයෙන් නඩත්තු කරගන්නේ කෙසේද?

How do I properly maintain my lawn in summer?

Source: Pixabay/ midascode

ග්‍රීෂ්ම කාලයේදී නිවෙස් වල තණකොළ නියමාකාරයෙන් නඩත්තු කිරීම සම්බන්ධයෙන් බොහෝ ප්‍රයෝගික ප්‍රශ්න මතුවේ.

විශේෂයෙන්ම තණකොළ වල ඇති කොළ පැහැය ඒ අයුරින්ම පවත්වාගෙන යාම ග්‍රීෂ්ම කාලයේදී බොහෝ දුෂ්කරය.

ග්‍රීෂ්ම කාලයේදී ඔබේ නිවසේ මිදුලේ ඇති තණකොළ නියමාකාරයෙන් පවත්වාගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳ මෙම ලිපියෙන් තොරතුරු ඉදිරිපත් කෙරේ.


Highlights

  • ඔස්ට්‍රේලියාවේ ගෙමිදුල් වල බහුලවම භාවිත කරන තණකොළ වර්ග දෙක වන්නේ Buffalo සහ Kikuyu ය.
  • ග්‍රීෂ්ම කාලයේදී තණකොළ කැපිය යුත්තේ සාමාන්‍යයෙන් මිලිමීටර් 30 - 40 අතර උසකිනි.
  • තණකොළ කැපීම සති දෙකකට වරක් අනිවාර්යෙන් සිදුකළ යුතුය.

ගෙමිදුල් වලට භාවිතා කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම තණකොළ වර්ග

ඔස්ට්‍රේලියාවේ ගෙමිදුල් වල බහුලවම භාවිත කරන තණකොළ වර්ග දෙකක් ඇති අතර ඒවා පහත පරිදි වේ.

  • Buffalo grass
  • Kikuyu grass

ඉන් ඔස්ට්‍රේලියාවේ උද්‍යාන අලංකරණයේදී වැඩිම ප්‍රමාණයක් භාවිතා කරන තණකොළ වර්ගය වන්නේ Buffalo grass ය.

නමුත් ඔස්ට්‍රේලියාවේ වැඩිම ප්‍රමාණයක් ව්‍යාප්ත වී ඇති තණකොළ වර්ගය ලෙස Kikuyu grass හැඳින්විය හැකි බව මෙල්බර්න් නුවර උද්‍යාන විද්‍යාව හා භූමි අලංකරණය පිළිබඳ ප්‍රවීණයකු වන ධම්මික ගුණවර්ධන මහතා SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.

Kikuyu තණකොළ දේශගුණයකට ඔරොත්තු දෙන තණකොළ වර්ගයක් ලෙසද හැඳින්වීමට හැකිය.

How do I properly maintain my lawn in summer?
Source: Pixabay

ග්‍රීෂ්ම කාලයේදී තණකොළ කැපීම

තණකොළ කැපිය යුත්තේ සාමාන්‍යයෙන් මිලිමීටර් 30 - 40 අතර උසකින් බව ධම්මික ගුණවර්ධන මහතා SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.

තණකොළ වල වර්ධනය වන කාලය මේ කාලය වීම ඊට හේතුව වේ.

තණකොළ කැපීමේදී තණකොළයේ කොළ පැහැති කොටස හෙවත් Blade එකෙන් තුනෙන් එකක් පමණක් ඉවත් කෙරේ.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


 

ඔබ භාවිතා කරන තණකොළ කපන යන්ත්‍රයේ ඇති ලිවරය මධ්‍යස්ථ අගයේ තබා ග්‍රීෂ්ම කාලයේදී තණකොළ කැපීම වඩා යෝග්‍ය බව ගුණවර්ධන මහතා වැඩි දුරටත් පැවසීය.

තණකොළ කැපීමේදී කැපුණු තණකොළ එකතු කර ඉවත් කෙරිය යුතුය. නැතිනම් ඔබේ තණකොළ වල අලංකාර කොළ පැහැය කැපූ තණකොළ නිසා අව පැහැ ගැන්වෙන බවද ඔහු සඳහන් කළේය.

Summer
Source: Pixabay

ග්‍රීෂ්ම කාලයේදී නිවෙස් වල තණකොළ නියමාකාරයෙන් නඩත්තු කිරීම

ග්‍රීෂ්ම කාලයේදී නිවෙස් වල තණකොළ නියමාකාරයෙන් නඩත්තු කිරීමට පහත උපදෙස් අනුගමනය කිරීම වඩා යෝග්‍ය බව මෙල්බර්න් නුවර උද්‍යාන විද්‍යාව හා භූමි අලංකරණය පිළිබඳ ප්‍රවීණයකු වන ධම්මික ගුණවර්ධන මහතා SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.

  • දෙසැම්බර් මාසයේ මුලදී තණකොළ වලට පොහොර යෙදීම සිදු කළ යුතුය.
  • නැවත මාර්තු මාසයේ මුල් සතියේදී පොහොර යෙදීම සිදු කළ යුතුය.
  • වර්ග මීටර් 100 කට පොහොර කිලෝ ග්‍රෑම් 1.5 ක් පමණ යෙදීම යෝග්‍ය වේ.
  • තණකොළ කිසිවිටෙක අඩු මට්ටමකින් නොකැපිය යුතුය.
  • තණකොළ කැපිය යුත්තේ සාමාන්‍යයෙන් මිලිමීටර් 30 - 40 අතර උසකිනි.
  • තණකොළ කැපීම සති දෙකකට වරක් අනිවාර්යෙන් සිදුකළ යුතුය.
  • දින දෙකකට වරක් හෝ තණකොළ වලට ජලය යෙදිය යුතුය.

SBS සිංහල Facebook පිටුවට පිවිස ඔස්ට්‍රේලියාව පිළිබඳ නවතම තොරතුරු දැනගන්න.


Share

3 min read

Published

By Madhura Seneviratne

Source: SBS Sinhala program



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now