චීනයේ අධික තීරු බදු හමුවේ තනිවූ ඔස්ට්‍රේලියානු බාර්ලි සඳහා නව අපනයන වෙළෙඳපොළක් හමුවෙයි (SBS සිංහල/ වාර්තා)

Tony Quigley and his barley crop

Source: SBS

ඔස්ට්‍රේලියාවේ බාර්ලි සඳහා නව අපනයන වෙළෙඳපොළක් හමුවී තිබේ.

ඔස්ට්‍රේලියානු බාර්ලි සඳහා චීනය අධික ලෙස තීරු බදු පැනවීම් සිදුකරමින් සිටියදී මෙය ඔස්ට්‍රේලියානු බාර්ලි අපනයනකරුවන්ට ඉතා සුබාදායී පුවතකි.


Highlights:

  • ටොන් 35,000 ක ඔස්ට්‍රේලියානු බාර්ලි තොගයක් බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ Albany වරායෙන් නැව්ගත කරයි
  • ඔස්ට්‍රේලියානු බාර්ලි සඳහා සෞදි අරාබියාවේ වෙළෙඳපොළ විවෘත වෙයි
  • Feed බාර්ලි අංශයේ ඔස්ට්‍රේලියානු වගාකරුවන්ටද සුබ ආරංචියක්

ඔස්ට්‍රේලියානු බාර්ලි සඳහා මෙක්සිකෝවේ නව වෙළෙඳපොළක්

බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ධාන්‍ය සමාගමක් වන CBH Group හි මෝල්ට් බාර්ලි තොගයක් මෙක්සිකෝවට අපනයනය කළ බවත් එය මෙක්සිකෝවට අපනයනය කළ පළමු බාර්ලි තොගය බවත් වාර්තා වේ.

ටොන් 35,000 ක මෙම මෝල්ට් බාර්ලි තොගය බීර නිෂ්පාදනය සඳහා භාවිතා කිරීමට ඔවුහු අපේක්ෂා කරති.

එම තොගය බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ Albany වරායෙන් නැව්ගත කළ බව සඳහන්.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

මේ අතර ඔස්ට්‍රේලියානු බාර්ලි සඳහා සෞදි අරාබියාවේ වෙළෙඳපොළ ද විවෘත කෙරෙන බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

එය ගෝලීය වශයෙන් දෙවන විශාලතම බාර්ලි වෙළඳපොල වන අතර සෑම වසරකම දළ වශයෙන් බාර්ලි ටොන් මිලියන 7 ක් සෞදි අරාබියාව විසින් ආනයනය කරයි.

පසුගිය වසර කිහිපය පුරා Feed බාර්ලි වෙළෙඳපොලේ ප්‍රමුඛ අපනයනකරුවන් වූ රුසියාව හා යුක්රේනය සමග සසඳන විට ඔස්ට්‍රේලියානු බාර්ලි වල මිල ඉතාමත් තරගකාරී බව CBH සමාගමේ ප්‍රධාන අලෙවි හා වෙළෙඳ නිලධාරී Jason Craig, ABC පුවත් සේවයට පැවසීය.

Australian Barley
Source: Pixabay

Feed බාර්ලි වලටත් හොඳ කලක්

Feed බාර්ලි අංශයේ ඔස්ට්‍රේලියානු වගාකරුවන්ටද සුබ ආරංචියක් ඇත.

CBH සමාගමට අනුව 2020-21 වසරේදී තායිලන්තයට හා වියට්නාමයට අපනයනය කරනු ලබන ඔස්ට්‍රේලියානු Feed බාර්ලි තොග දෙගුණයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


 

ඔස්ට්‍රේලියාවේ බාර්ලි වලින් වැඩිම අස්වැන්නක් නෙලනු ලබන්නේ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ය.

නමුත් පසුගිය වසරේදී ඔස්ට්‍රේලියාවේ බාර්ලි වල විශාලතම ගැනුම්කරුවා වන චීනය විසින් ඔස්ට්‍රේලියානු බාර්ලි සඳහා 80% ක අධික තීරු බදු පැනවීමත් සමග ඔස්ට්‍රේලියානු බාර්ලි ගොවීහු දැඩි අර්බුදයකට මුහුණ පෑවෝය.

මෙම අර්බුදය සමථයකට පත් කරගැනීම සඳහා ඔස්ට්‍රේලියාව ලෝක වෙළෙඳ සංවිධානයෙන් පවා ඉල්ලීමක් කළේය.

SBS සිංහල Facebook පිටුවට පිවිස ඔස්ට්‍රේලියාව පිළිබඳ නවතම තොරතුරු දැනගන්න.


Share

2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now