නිව් සවුත් වේල්ස් සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත වලින් දැව ආනයනය කිරීම චීනය විසින් අත්හිටුවා තිබේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
චීනය විසින් මීට පෙරද ඔස්ට්‍රේලියාවේ තවත් ප්‍රාන්ත කිහිපයකින් අපනයනය කරනු ලබන දැව ආනයනය කිරීම අත්හිටුවනු ලැබීය.

දැව ආනයනය කිරීම අත්හිටුවීමට හේතු
නිව් සවුත් වේල්ස් සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත වලින් ආනයනය කළ දැව තොග වල පළිබෝධකයින් සිටි බැවින් එම දැව තොග ආනයනය කිරීම අත්හිටවූ බව චීනය දන්වා ඇත.
මේ පිළිබඳ පසුගිය බදාදා (23/12) දැනුම් දී තිබේ.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
දේශීය රේගු බලධාරීන් ඔස්ට්‍රේලියාවෙන් දැව ආනයනය කිරීම පිළිබඳ පරීක්ෂණ තවදුරටත් ශක්තිමත් කළ යුතු බවට චීනයේ රේගු පරිපලාන වෙබ් අඩවියේ නිවේදනයක් පළ කරමින් ප්‍රකාශ කර ඇත.
එමෙන්ම ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කරන යම් දැව තොගයක පළිබෝධකයින් සිටියහොත් වහාම එම දැව තොග හරවා යවන ලෙසද එහි සඳහන් කර තිබේ.

තවත් ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත වලින් චීනය දැව ආනයනය කිරීම නවත්වයි
නිව් සවුත් වේල්ස් සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත වලට පෙර තවත් ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත කිහිපයකින් දැව ආනයනය කිරීම චීනය විසින් අත්හිටුවීය.
වික්ටෝරියානු, ක්වීන්ස්ලන්ත, ටස්මේනියා සහ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත එම ප්‍රාන්ත වේ.
ටස්මේනියා සහ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත වලින් දැව ආනයනය කිරීම චීනය විසින් අත්හිටුවීමට ද හේතුව ලෙස දක්වා තිබුණේ එම දැව තොග වල පළිබෝධකයින් සිටි බවය.
"පළිබෝධකයන් චීනයට ඇතුළු වීම වැළැක්වීම සහ අපේ රටේ වන වගාව සහ පාරිසරික සුරක්ෂිතතාවය ආරක්ෂා කිරීම" යන පදනම මත එම දැව තොග ආනයනය අත්හිටුවීමට තීරණය කළ බව චීනය ප්‍රසිද්ධියේ කියා සිටියේය.

චීන - ඔස්ට්‍රේලියා වෙළෙඳ යුද්ධය
චීනය සහ ඔස්ට්‍රේලියාව අතර සීතල වෙළෙඳ යුද්ධයක් මේ වන විට හටගෙන තිබේ.
කොරෝනා වයිරසය ලොවට පැමිණි අයුරු පිළිබඳ ස්වාධීන විමර්ශනයක් කළ යුතු බවට ඕස්ට්‍රේලියාව විසින් ජගත් සංවිධානයට කියා සිටීමත් සමග මෙම යුද්ධය උත්සන්න විය.
ඉන් අනතුරුව ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කරන බාර්ලි සඳහා චීනය විසින් විශාල තීරු බදු අය කිරීමට පටන් ගත්තේය.
එමෙන්ම වයින්, දැව, තඹ, ගල් අඟුරු, මස්, කපු වැනි තවත් ඔස්ට්‍රේලියානු අපනයන භාණ්ඩ කිහිපයක්ම චීනය විසින් ආනනයන කිරීම අත්හිටවනු ලැබීය.
මේ අතර චීනය විසින් මෙලෙස ඔස්ට්‍රේලියානු බාර්ලි සඳහා අධික ලෙස බදු පැනවීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඔස්ට්‍රේලියාව, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට යොමු කළේය.
කෘෂි භාණ්ඩයක් සම්බන්ධයෙන් චීනයට විරුද්ධව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ඔස්ට්‍රේලියාව විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කළ පළමු අවස්ථාව ලෙසද මෙය වාර්තා වේ.
ඕස්ට්‍රේලියාව විසින් කරන ලද පැමිණිල්ලෙන් පසු මෙම වෙළඳ ආරවුල් පිළිබඳ උපදේශන දියත් කරන බව ලෝක වෙළඳ සංවිධානය සඳුදා (21/12) තහවුරු කළේය.






