නත්තලට පෙර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Greater Sydney සහ Central Coast කලාප වල වැසියන්ට වික්ටෝරියානු ප්‍රාන්ත සීමාවන් විවෘත කිරීම වික්ටෝරියානු බලධාරීන් ප්‍රතික්ෂේප කර තිබේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
සිඩ්නි නුවර උතුරු වෙරළ තීර ප්‍රදේශයේ හටගත් කොරෝනා පොකුර හේතුවෙන් මෙලෙස ප්‍රාන්ත සීමා සඳහා සංචාරක තහනම් පැනවීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය පියවර ගත්තේය.

ප්‍රාන්ත සීමා සඳහා පැනවූ සංචාරක තහනම පිළිබඳ දිනපතා සමලෝචනය කෙරේ
සිඩිනි කොරෝනා පොකුර හේතුවෙන් වික්ටෝරියා - නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සීමා සඳහා ඇති සංචාරක සීමාවන් දිනපතා සමාලෝචනය කරන බව වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා පරීක්ෂණ වල ප්‍රධානී Jeroen Weimar ABC පුවත් සේවයට පැවසීය.
අද (24/12) දිනයේ හෝ හෙට දිනයේ හෝ වික්ටෝරියානු ප්‍රාන්ත සීමාවන් විවෘත කිරීම ඔහු ප්‍රතික්ෂේප කළේය.
එමෙන්ම 2021 නව වසර උදාවන දිනට පෙර දිනයේ ද වික්ටෝරියානු ප්‍රාන්ත සීමාවන් විවෘත කිරීම පිළිබඳ ප්‍රකාශයක් කිරීම ඔහු විසින් ප්‍රතික්ෂේප කළේය.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
සිඩ්නි නුවර උතුරු වෙරළ තීර ප්‍රදේශයෙන් හමුවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පසුගිය දින කිහිපයේම ස්ථාවරව පවතියි.
පසුගිය අඟහරුවාදා සහ බදාදා දිනවල ආසාදිතයින් 8 බැගින් හමුවූ බව නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය බලධාරීහු වාර්තා කළහ.
එනිසා කාලයත් සමග ඉදිරියේදී කුමක් සිදුවේදැයි අනුමාන කිරීමට තමන් සූදානම් නොවන බව වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා පරීක්ෂණ වල ප්‍රධානී Jeroen Weimar පැවසීය.

වික්ටෝරියානු ප්‍රාන්තයේ සක්‍රිය කොරෝනා ආසාදිතයින්
මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තය තුළ ප්‍රජා සම්ප්‍රේෂණය වීම මගින් කොරෝනා වයිරසය ආසාදනය වූ කිසිවෙකුත් නොමැත.
නමුත් හෝටල් නිරෝධයනයේ නිරත එක් ජාත්‍යන්තර ගුවන් මගියෙකු හට වයිරසය ආසාදනය වී ඇති බව සඳහන්.
එමෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ දී වයිරසය ආසාදනය වූ 15 හැවිරිදි ගැහැණු ළමයා ගේ සියලුම නිවසේ සාමාජිකයන් හට කොරෝන පරීක්ෂණ සිදු කළ බවත් ඔවුන් සියල්ලගේම ප්‍රතිඵල ඍණාත්මක බවත් සඳහන්.
අදාළ ගැහැණු දරුවා සහ ඇයගේ ආශ්‍රිතයින් සියල්ලම දින 14 ක් ස්වයං නිරෝධායනය කර තිබේ.
එම පවුලේ සමාජිකයින් කිසිවෙකුත් වික්ටෝරියානු ප්‍රාන්තයේ පොදු ස්ථාන වලට නිරාවරණය වී නොමැති බවද මේ වන විට තහවුරු කරගෙන තිබේ.

වික්ටෝරියානුවන් විශාල ගණනින් කොරෝනා පරීක්ෂාවන්ට බඳුන් වෙයි
පසුගිය අඟහරුවාදා (22/12) වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා පරීක්ෂණ 22,956 ක් සිදු කර ඇති බව වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා පරීක්ෂණ වල ප්‍රධානී Jeroen Weimar පැවසීය.
එය ඇත්තෙන්ම ඉතා ප්‍රශංසනීය ක්‍රියාවක් බවද ඔහු පැවසුවේය.
පසුගිය සෙනසුරාදා හා ඉරිදා දිනවල Greater Sydney කලාපයේ සිට වික්ටෝරියානු ප්‍රාන්තයට පැමිණි පුද්ගලයින් ගේ කොරෝනා පරීක්ෂණ ප්‍රතිඵල ඍණාත්මක නම් තවදුරටත් ස්වයං නිරෝධායනය විය යුතු නැති බව Jeroen Weimar පැවසීය.
Greater Sydney කලාපයේ සිට වික්ටෝරියානු ප්‍රාන්තයට පැමිණීමට පසුගිය සඳුදා 4,296 දෙනෙකු අවසර පත්‍ර සඳහා ඉල්ලා ඇති අතර Greater Sydney කලාපය පසුගිය ඉරිදා මධ්‍යම රාත්‍රියේ සිට රතු පැහැති අවදානම් කලාපයක් ලෙස නම් කෙරුණි.

