නත්තල් සමයේදී Greater Sydney කලාපය තුළ බොහොමයක් කොරෝනා නීති ක්‍රියාත්මක කෙරෙන බව අද (23/12) නිවේදනය කෙරුණි.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
සිඩ්නි කොරෝනා පොකුර හේතුවෙන් මෙලෙස කොරෝනා නීති ක්‍රියාත්මක කරන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පැවසුවේය.

දෙසැම්බර් 24 සිට ක්‍රියාත්මක වන නීති
සිඩ්නි නුවර උතුරු වෙරළ තීර ප්‍රදේශයට මේ වන විට lockdown නීති පනවා තිබෙන අතර එම ප්‍රදේශය දෙසැම්බර් 24 සිට කලාප දෙකකට බෙදා වෙන් කෙරේ.
Narrabeen පාලමෙන් උතුරු කලාපය සහ Mona Vale මාර්ගයේ Bahai Temple වලට නැගෙනහිරින් පිහිටි කලාපය වශයෙන් එම කලාප දෙක වෙන් කෙරේ.
උතුරු කලාපයේ lockdown ප්‍රදේශ වල වෙසෙන පදිංචිකරුවන්ට දෙසැම්බර් 24, 25 සහ 26 යන දිනවල අමුත්තන් 5 දෙනෙකු තම නිවෙස් වලට ගෙන්වා ගත හැකිය.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
එමෙන්ම අනෙක් කලාපයේ වෙසෙන පදිංචිකරුවන්ට අමුත්තන් 10 දෙනෙකු දක්වා තම නිවෙස් වලට ගෙන්වා ගත හැකිය.
කෙසේනමුත්, එම කලාප දෙකේ වෙසෙන ඕනෑම අයෙකුට එම කලාපයෙන් බැහැරව සංචාරය කිරීම තහනම් වේ.
වයස අවුරුදු 12 ට අඩු ළමුන් ඕනෑම ප්‍රමාණයක් සමග උපරිම අමුත්තන් 10 දෙනෙකු දක්වා Greater Sydney සහ Central Coast කලාප වල වැසියන්ට නත්තල සැමරීම සඳහා තම නිවෙස් වලට ගෙන්වා ගත හැකිය.
කොරෝනා නීති සංශෝධනය විය හැකියි
මෙම කොරෝනා නීති ඉතා සුළු ප්‍රමාණයේ ඒවා වන නමුත් පවතින තත්ත්වය තවත් වර්ධනය වුවහොත් මෙම නීති සංශෝධනය විය හැකි බවත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejikilian මාධ්‍ය හමුවේ පැවසුවාය.
"දැනට පවතින කොරෝනා තත්ත්වය ක්‍රමයෙන් විකාශනය වෙමින් පවතින තත්ත්වයක් වන නමුත් ඉදිරි දින තුන සඳහා හැකි තරම් නිශ්චිතභාවයක් ලබා දීමට අපට අවශ්‍යයි." යනුවෙන් ද ඇය පැවසුවාය.
අද දිනයේත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ප්‍රජා සම්ප්‍රේෂණය මගින් කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයින් 8 දෙනෙකු වාර්තා විය.
එයින් 7 දෙනෙකුම සිඩ්නි නුවර උතුරු වෙරළ තීර ප්‍රදේශය ආශ්‍රිතව හමුවූ බව සඳහන්.
ඒ අනුව මේ වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 97 ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඊයේ රාත්‍රී 8 වන විට ගතවූ පැය 24 තුළ කොරෝනා පරීක්ෂාවන් 42,000 කට ආසන්න සංඛ්‍යාවක් සිදුකර ඇති බවද වාර්තා වේ.
බටහිර සිඩ්නි හි සේවය කරන සෞඛ්‍ය සේවකෙයෙකු හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවත් හෝටල් නිරෝධායනයට ගිය ජාත්‍යන්තර මගියෙකු ගෙන් කොරෝනා වයිරසය එම පුද්ගලයාට ආසාදනය වන්නට ඇති බවත් ඊයේ ප්‍රකාශ කෙරුණි.
නමුත් අදාළ පුද්ගලයාට ද වයිරසය ආසාදනය වී ඇත්තේ සිඩ්නි නුවර උතුරු වෙරළ තීර ප්‍රදේශයේ කොරෝනා පොකුරෙන් බව මේ වන විට පැවැත්වූ පරීක්ෂණ වලින් හෙළිවී ඇති බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී Kerry Chant පැවසුවාය.
මේ අතර දෙසැම්බර් 18 වන දින සිඩ්නි සිට ඩාවින් නුවර බලා ගමන් කළ Qantas ගුවන් යානයේ ගුවන් සේවකයකු ජටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙන බව ඇය සඳහන් කළාය.
ආසාදිතයින් ආ ගිය ස්ථාන අතරට සිඩ්නි කලාපයේ කාය වර්ධන මධ්‍යස්ථාන, අවන්හල්, සුපිරි වෙළෙඳ සැල්, pubs 50 කට අධික සංඛ්‍යාවක් නිව් සවුත් සෞඛ්‍ය අංශය විසින් හඳුනාගෙන කොරෝනා අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
එලෙස කොරෝනා අනතුරු ඇඟවීම් සිදුකර ඇති සම්පූර්ණ ලැයිස්තුව මෙතනින් ලබාගන්න.

