වික්ටෝරියානු ප්‍රාන්තයේ අක්‍රමවත් හෝටල් නිරෝධායන වැඩසටහන පිළිබඳ සිදුකළ ස්වාධීන විමර්ශනයේ අවසන් වාර්තාව අද (21/12) නිකුත් කෙරුණි.
SBS සිංහල සේවය
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
වික්ටෝරියානු ප්‍රාන්තයේ දෙවැනි කොරෝනා රැල්ලට වග කිව යුත්තේ කවුරුන්දැයි යන්න එම වාර්තාවෙන් අනාවරණය කිරීමට තිබුණි.

වික්ටෝරියානු ප්‍රාන්තයේ දෙවැනි කොරෝනා රැල්ලට වග කිව යුත්තේ කවුද?
හෝටල් නිරෝධායන වැඩසහනට පුද්ගලික ආරක්ෂක සාමාජිකයින් බඳවා ගැනීමත් ඔවුන්ගේ අතින් සිදුවූ අඩු ලුහුඬු කම් නිසාත් වික්ටෝරියානු ප්‍රාන්තයේ දෙවැනි කොරෝනා රැල්ල හටගත් බව මීට පෙර හෙළිවිය.
හෝටල් නිරෝධායන වැඩසටහන සඳහා ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ සාමාජිකයින් යෙදවීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අවස්ථාව ලබා දී තිබුණද වික්ටෝරියානු ප්‍රාන්ත රජය එය ප්‍රතික්ෂේප කළ බව මෙම විමර්ශනයේදී අනාවරණය විය.
නමුත් එම ප්‍රතික්ෂේප කිරීම එක් පුද්ගලයෙකු විසින් සිදුකළ දෙයක් නොවන බව ඒ පිළිබඳ සිදුකළ ස්වාධීන විමර්ශනයේ අවසන් වාර්තාව අද නිකුත් කරමින් හෙළි කෙරුණි.
මෙම විමර්ශන කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලැබුවේ විශ්‍රාමික විනිසුරුවරියක වන Jennifer Coate ය.
මෙම වාර්තාව ඇය විසින් අද (21/12) පෙරවරුවේ වික්ටෝරියානු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවාය.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
වික්ටෝරියානු හෝටල් නිරෝධායන වැඩසටහන සඳහා පුද්ගලික ආරක්ෂාව භාවිතා කරනු ඇති බවට අවබෝධයක් ලබා ගත් පුද්ගලයින් සිටි බව ඇය එහිදී තර්ක කළාය.
එම අවබෝධය තීරණයක් බවට පත්වී එය මෙහිදී ක්‍රියාත්මක කර ඇති බව ඇය අවසන් වාර්තාවේදී පෙන්වා දී ඇත.
ඒ අනුව වික්ටෝරියානු ප්‍රාන්තයේ හෝටල් නිරෝධායන වැඩසටහනේ ආරක්ෂාව පිළිබඳ ඕස්ට්‍රේලියානු ආරක්ෂක බලකායේ පිරිස් යොදවා ගැනීමට පැවැත්වූ රැස්වීම් වලදී කිසිදු සැලකිල්ලක් නොදක්වා ඇති බව Jennifer Coate පැවසුවාය.
අප්‍රේල් 08 වන දින සිට වික්ටෝරියානු ප්‍රාන්තයේ හෝටල් නිරෝධායන වැඩසටහන සඳහා දායක වීමට ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ බොහෝ දුරට බලා සිට ඇති නමුත් ඔවුන්ගේ පැමිණීම හරහා පෞද්ගලික ආරක්ෂක භටයින්ගේ අවශ්‍යතාව ඉවත් කරනු ඇත්දැයි තමන්ට නිශ්චිතව කිව නොහැකි බවත් ඇය වැඩි දුරටත් පැහැදිලි කළාය.

සාක්ෂිකරුවන් සහ ලිපි ලේඛන
මීට පෙර මෙම අවසන් වාර්තාව නිකුත් කිරීමට නියමිතව තිබුණද අමතර සාක්ෂි පිළිබඳ විමසීමට වැඩිපුර කාලයක් අවශ්‍ය නිසා එය සති කිහිපයකින් කල් දැමිණි.
සාමාන්‍ය සාක්ෂි කරුවන් 63 දෙනෙකු හා ඉල්ලා අස්වූ ප්‍රාන්ත රජයේ ඉහළ පෙළේ නිලධාරීන් තිදෙනෙකුගෙන් මෙම විමර්ශනය සඳහා මාස ගණනක් පුරා සාක්ෂි ලබාගෙන තිබේ.
එමෙන්ම මෙම විමර්ශනය සඳහා ලිපි ලේඛන 70,000 ක් පමණ විමර්ශන කමිටුවට බාරදුන් බවද එහි ප්‍රධානී Jennifer Coate පැවසුවාය.
මෙම අවසන් සොයාගැනීම මහජනයා කම්පා කරවන එකක් බව ද ඇය පැවසුවාය.
"මෙම නිරෝධායන වැඩසටහනේ ආරක්ෂක භටයින් විසින් ඉටු කරන ලද කාර්යභාරය මුල සිටම වැරදි ලෙස අර්ථ දක්වා තිබුණි. අවසාන වශයෙන්, සමීප අධීක්ෂණයකින් හා පුළුල් හා අඛණ්ඩ පුහුණුවක් නොමැතිව නිරත වූ ආරක්ෂකයින්ගේ භූමිකාව මෙම වැඩසටහනට නොගැලපෙන භූමිකාවක් වූවා" යනුවෙන් ඇය වැඩි දුරටත් පැවසුවාය.
මෙම අඩුපාඩුව වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා දෙවැනි රැල්ලට මූලිකවම බලපෑ බව මේ අනුව පැහැදිලි බව එහිදී සඳහන් කෙරිණි.
එමෙන්ම වික්ටෝරියානු ප්‍රාන්තයේ හෝටල් නිරෝධායන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා වගකිව යුතු ප්‍රාථමික දෙපාර්තමේන්තුව ලෙස සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව සිය කාර්යභාරය භාරය සිදුකිරීමට අපොහොසත් වී ඇති බව ද මෙම අවසන් වාර්තාවෙන් අනාවරණය විය.

