සිඩ්නි නුවර උතුරු වෙරළ තීර ප්‍රදේශය ආශ්‍රිතව හටගත් කොරෝනා පොකුර අද (21/12) උදෑසන වන විට ආසාදිතයින් 83 දෙනෙකු දක්වා වර්ධනය වී තිබේ.
SBS සිංහල සේවය
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
මේ අතර සිඩ්නි නුවර උතුරු වෙරළ තීර ප්‍රදේශයේ හටගෙන ඇති කොරෝනා පොකුරෙන් සිඩ්නි නුවර සෙසු කලාප වලටද කොරෝනා වයිරසය පැතිරී ඇත්දැයි බියක් මේ වන විට මතුව තිබේ.

සිඩ්නි කොරෝනා පොකුර තවත් වර්ධනය වෙයි
සිඩ්නි නුවර උතුරු වෙරළ තීර ප්‍රදේශය ආශ්‍රිතව හටගෙන ඇති කොරෝනා පොකුර ඊයේ වන විට 70 දෙනෙකු වී තිබුණු නමුත් අද උදැසන වන විට එය 83 දෙනෙකු දක්වා වර්ධනය වී තිබේ.
ඊයේ රාත්‍රී 8 ට අවසන් වූ පැය 24 තුළ එම ප්‍රදේශයේ වැසියන් 38,000 ක් පමණ කොරෝනා පරීක්ෂාවන් සිදුකරගැනීමට ඉදිරිපත්වූ බවද සඳහන්.
මේ අතර සිඩ්නි කලාපය පුරා කොරෝනා වයිරසය තවදුරටත් පැතිරී ඇති බවට නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නවතම දත්ත අනතුරු අඟවයි.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
ඒ අනුව පහත සඳහන් ප්‍රදේශ වෙත නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කොරෝනා අනතුරු ඇඟවීම් සිදු කර තිබේ.
- Artarmon
- Bondi Junction
- Cronulla
- Double Bay
- Darling Point
- Erskineville
- Eveleigh
- Homebush
- Kirribilli
- Lane Cove
- Newtown
- Peakhurst
- Penrith
- St Peters
- Riverstone
- Rosebury
- Surry Hills
- Terry Hills
- Turramurra
- Woolloomooloo
- Forster
- Raymond Terrace

පහත සඳහන් ස්ථාන වලට ගොස් ඇත්නම් වහාම කොරෝනා පරීක්ෂාවක් කරගත යුතුය
අදාළ දිනවල ඒ ඒ වේලාවන් හිදී පහත සඳහන් ස්ථාන වලට ගොස් ඇත්නම් එම පුද්ගලයින් වහාම කොරෝනා පරීක්ෂාවක් කරගත යුතු බව නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
තම කොරෝනා පරීක්ෂණ ප්‍රතිඵල ඍණාත්මක වුවද ඔවුන් දින 14 ක් නිරෝධායනය විය යුතුය.
- Avalon Bowlo (4 Bowling Green Ln, Avalon Beach): දෙසැම්බර් 13, ඉරිදා පස්වරු 5 සිට රාත්‍රී 7 දක්වා සහ දෙසැම්බර් 15, අඟහරුවාදා පස්වරු 3 සිට පස්වරු 5 දක්වා
- Avalon Beach RSL Club: දෙසැම්බර් 11, සිකුරාදා මුළු දිනයම
- Manly Skiff Club, Manly: දෙසැම්බර් 12, සෙනසුරාදා මධ්‍යහනයේ සිට පස්වරු 2.30 දක්වා
- Donny's Bar, Manly: දෙසැම්බර් 12, සෙනසුරාදා පස්වරු 3.15 සිට රාත්‍රී 9.00 දක්වා
- Old Manly Boat Shed, Manly: දෙසැම්බර් 12, රාත්‍රී 9.00 සිට පසුදා අලුයම 12.30 දක්වා
- Rusti Fig, Newport: දෙසැම්බර් 12, සෙනසුරාදා පෙරවරු 9 සිට පෙරවරු 10.30 දක්වා
- Café Junior, Woolworths Neutral Bay Village, Neutral Bay: දෙසැම්බර් 13, ඉරිදා පස්වරු 12.45 සිට පස්වරු 2.30 දක්වා
- BoThai, Crows Nest: දෙසැම්බර් 13, ඉරිදා පස්වරු 4.30 සිට පස්වරු 5.30 දක්වා
- Pearly Nails, Mona Vale: දෙසැම්බර් 14, සඳුදා පස්වරු 4.30 සිට පස්වරු 5.30 දක්වා
- Salon X, Paddington: දෙසැම්බර් 16, බදාදා පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා සහ දෙසැම්බර් 17, බ්‍රහස්පතින්දා පෙරවරු 9 සිට රාත්‍රී 8 දක්වා
- Mona Vale Golf Club, Mona Vale: දෙසැම්බර් 16, බදාදා පස්වරු 5 සිට රාත්‍රී 10 දක්වා
- Garfish Seafood Restaurant, Manly: දෙසැම්බර් 17, බ්‍රහස්පතින්දා පස්වරු 6.45 සිට රාත්‍රී 8.30 දක්වා
- Salon for Hair, Turramurra: දෙසැම්බර් 15, අඟහරුවාදා සිට දෙසැම්බර් 18, සිකුරාදා දක්වා ඕනෑම වේලාවක
- Hair by Erika, Lane Cove: දෙසැම්බර් 11, සිකුරාදා පස්වරු 2.30 සිට පස්වරු 4.30 දක්වා

සිඩ්නි කලාපයට යළි කොරෝනා නීති
සිඩ්නි නුවර උතුරු වෙරළ තීර ප්‍රදේශයට බදාදා (23/12) මධ්‍යම රාත්‍රිය වන තෙක් lockdown නීති පනවා තිබේ.
ඒ අනුව සෞඛ්‍ය සේවා ලබාගැනීම්, ආහාර පාන වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ මිලට ගැනීම්, රැකියා කටයුතු සහ යමෙකු රැකබලා ගැනීම් යන අත්‍යවශ්‍ය හේතු මත එම ප්‍රදේශ වල පුද්ගලයින්ට නිවසින් බැහැරව යා හැකිය.
එමෙන්ම උදාවී ඇති තත්ත්වය හේතුවෙන් සිඩිනි කලාපය පුරාවට, Blue Mountains සහ Central Coast කලාප වලට යළි කොරෝනා නීති පනවා තිබේ.
ඒ අනුව ඉහත කලාප වල නිවෙස් වලට අමුත්තන් 10 දෙනෙකුට පමණක් රැස්වීමට අවසර ලැබේ.
එමෙන්ම උත්සව ශාලා සහ වැඳුම් පිදුම් කරන ස්ථාන වලට වර්ග මීටර් 4 කට එක් අයෙකු බැගින්වූ නීතිය අදාළ වන අතර උපරිම රැස්විය හැකි ප්‍රමාණය 300 ක් බව වාර්තා වේ.
ආගමික ස්ථාන වල නර්තන, ගායන හා ආශිර්වාද කිරීම පුද්ගලයින් 5 දෙනෙකු ගේ උපරිමයකට සීමා කර තිබේ.

