ඔස්ට්‍රේලියාවේ රතු කට්ට පනී, චීන - ඔස්ට්‍රේලියා වෙළෙඳ අර්බුදය විසඳා ගැනීමට ඔස්ට්‍රේලියාව ලෝක වෙළෙඳ සංවිධානයෙන් ඉල්ලයි (SBS සිංහල/ වාර්තා)

Trade Minister Simon Birmingham.

Trade Minister Simon Birmingham. Source: AAP

ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ හට චීනය විසින් අධික තීරුබදු අයකිරීම් සහ ඇතැම් ඔස්ට්‍රේලියානු භාණ්ඩ ආනයනය කිරීම චීනය විසින් නවත්වා දැමීම හේතුවෙන් චීන - ඔස්ට්‍රේලියානු වෙළෙඳ අර්බුදය තවත් උග්‍රවී තිබේ.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

මේ නිසාම මෙම අර්බුදය විසඳා ගැනීමට ඔස්ට්‍රේලියාව විසින් මෙම ප්‍රශ්නය ලෝක වෙළෙඳ සංවිධානයට යොමු කරනු ඇතැයි වාර්තා වේ.

Australian Barley
Source: Pixabay

චීනයේ අධික තීරු බදු පැනවීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවෙන් ජාත්‍යන්තර විනිසුරුට පැමිණිල්ලක්

චීන - ඔස්ට්‍රේලියා වෙළෙඳ අර්බුදය තවත් උණුසුම් කරමින් ඔස්ට්‍රේලියාවෙන් චීනයට අපනයනය කරනු ලබන බාර්ලි සඳහා චීනය විසින් අධික තීරු බදු පැනවීමට තීරණය කර තිබේ.

මෙම අර්බුදය සමථයකට පත් කරන ලෙස ඔස්ට්‍රේලියාව ලෝක වෙළෙඳ සංවිධානයෙන් ඉල්ලා සිටිනු ඇත.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ වෙළෙඳ අමාත්‍ය Simon Birmingham මෙම ගැටළුව ලෝක වෙළෙඳ සංවිධානය වෙත ඉදිරිපත් කිරීමට යන බව අද (16/12) ප්‍රකාශ කළේය.

වෙළඳ නීතිවලට පටහැනිව නිෂ්පාදිතය ආනයනය කර ඇති බව කියමින් මැයි මාසයේදී ආනයනය කරනු ලැබූ ඔස්ට්‍රේලියානු බාර්ලි සඳහා චීනය 80% ක තීරුබදු පැනවීය.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


 

බාර්ලි වලට අමතරව මේ වන විට ඔස්ට්‍රේලියානු වයින්, තඹ, ගල් අඟුරු, සීනි, දැව සහ පොකිරිස්සන් යන භාණ්ඩ සඳහාද චීනයේ මෙම දරුණු සැලකිලි වලට භාජනය වී තිබේ.

මේ තත්ත්වය හමුවේ මෙම ගැටළුව විසඳා ගැනීමට ඔස්ට්‍රේලියාව ගත යුතු තාර්කික හා සුදුසුම ඊළඟ පියවර මෙය බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ වෙළෙඳ අමාත්‍ය Simon Birmingham අද (16/12) කැන්බරා නුවරදී මාධ්‍ය අමතමින් පැවසුවේය.

"අප දැනටමත් එකතු කර ඇති සාක්ෂි, දත්ත සහ විශ්ලේෂණයන් මත පදනම්ව, ඔස්ට්‍රේලියාවට ඉතා ශක්තිමත් පැමිණිල්ලක් ගොනු කළ හැකි බව විශ්වාසයි." යනුවෙන් ද ඔහු පැවසුවේය.

අධික තීරු බදු පැනවීමට හේතු

ඔස්ට්‍රේලියානු භාණ්ඩ මත මෙලෙස අමතර තීරුබදු පැනවීමට හේතුව තත්ත්වයෙන් පහළ නිෂ්පාදන විරෝධී පරීක්ෂණයක ප්‍රතිඵලයක් බව චීනය කියා සිටියි.

නමුත් එම චෝදනා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සහ වගාකරුවන් විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

ඔස්ට්‍රේලියාවේ ඩොලර් බිලියන ගණනක ගල් අඟුරු අපනයන කර්මාන්තය අවහිර කරලීම ඉලක්ක කර ගනිමින් චීනය තම ආනයන රේගු නීති සංශෝධනය කර ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළ බව මේ සතිය මුලදී අනාවරණය විය.

මේ සියලු තත්ත්වයන් හමුවේ චීනය සමඟ වෙළඳාම් කිරීම සහ ව්‍යාපාර කිරීම පිළිබඳ අවදානම වසර පුරා වැඩි වී ඇති බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ වෙළෙඳ අමාත්‍ය Simon Birmingham පැවසීය.

වර්තමාන බාර්ලි අස්වැන්නෙන් ඩොලර් මිලියන 500 කට ආසන්න වටිනාකමකින් යුත් බාර්ලි මෙම තීරුබදු වලින් අවදානමට ලක් කෙරෙන බව ඔස්ට්‍රේලියාවේ ජාතික ගොවි සම්මේලනය අනතුරු අඟවා තිබේ.

මේ අතර ජාත්‍යන්තර වෙළඳ නීති උල්ලංඝනය කර ඔස්ට්‍රේලියාවේ ආයෝජනය කිරීමේ හැකියාවට බාධා කරමින් ඔස්ට්‍රේලියාව චීන සමාගම්වලට වෙනස්කම් කර ඇති බව චීනය චෝදනා කර තිබේ.


Share

3 min read

Published

Updated

By Tom Stayner, Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now