මෙම ග්‍රීෂ්ම සෘතු නිවාඩු සමයේදී වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපයක සංචාරය කරන ඔබට ඩොලර් 200 ක වවුචරයක් පිරි නැමීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය පියවර ගෙන තිබේ.
මේ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාප වලට සංචාරය කිරීම සඳහා වික්ටෝරියානුවන් දිරිමත් කෙරේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
2019-20 වසරේදී ලැව් ගිනි වලින් සහ මෙම වසරේ කොරෝනා වසංගතයෙන් අධිකව ආර්ථික පීඩාවට පත් වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාප වල ව්‍යාපාර සඳහා ආර්ථිකමය වශයෙන් අත දීමක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

ප්‍රාදේශීය කලාපීය සංචාරක වවුචර් වැඩසටහන
මෙම වවුචර් වැඩසටහන අදියර තුනක් යටතේ ක්‍රියාත්මක වන බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය පවසයි.
එම අදියර තුන සඳහා මෙම වවුචර් වෙත අයදුම් කළ හැකි දින වකවානු සහ සංචාරය කළ යුතු දින වකවානු පහත පරිදි වේ.

අයදුම් කළ හැක්කේ කාහටද?
වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම වික්ටෝරියානුවෙකු හට මෙම ඩොලර් 200 වවුචරය ලබාගත හැකිය.
නමුත් එක් නිවසකට එක් වවුචරයක් පමණක් නිකුත් කෙරේ.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
වික්ටෝරියානු ප්‍රාදේශීය කලාපයක සංචාරය කරන විට නවාතැන් පහසුකම් සඳහා, සංචාරක කටයුතු වලදී හෝ යම් ස්ථාන නැරඹීමේදී ඩොලර් 400 ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් වියදම් කරන පුද්ගලයින්ට මෙම ඩොලර් 200 වවුචරය ලබාගත හැකිය. නමුත් ඒ සඳහා වික්ටෝරියානු ප්‍රාදේශීය කලාපයක පිහිටි නවාතැන්පොලක මුදල් ගෙවා රාත්‍රී 2 ක් නැවතී සිටිය යුතුය.
සියලු වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප, Yarra හා Dandenong Ranges සහ Mornington Peninsula ප්‍රදේශ මේ සඳහා ඇතුළත් වේ.
වවුචරය ලබා ගැනීමට අයදුම් කිරීමේදී අදාළ නොවන වියදම්
මෙම ඩොලර් 200 වවුචරය ලබා ගැනීමට අයදුම් කිරීමේදී අදාළ නොවන වියදම් වික්ටෝරියානු ප්‍රාන්ත රජය පහත පරිදි ලැයිස්තුගත කර ඇත.
- gaming සඳහා වන වියදම්
- ඇල්කොහොල් වියදම් (නමුත් වයින් හෝ අනෙකුත් බීර වර්ග රස බැලීමේ චාරිකා වලදී එයට අදාළ වියදම් ඇතුළත් කළ හැකිය)
- ඉන්ධන වියදම්
- winery චාරිකාවකදී ආහාර ඇතුළු සියලු දෑ පැකේජයක් ලෙස දෙන අවස්ථා හැර අනෙකුත් ආහාර පාන වියදම්
- සිල්ලර බඩු සඳහා වන වියදම් (groceries)
- ඇඳුම් පැළඳුම් වැනි පුද්ගලික දේවල් සඳහා වන වියදම්
- ගමනාගමන වියදම් (වාහනයේ කුලී ගාස්තු, බස් ටිකට්)

මේ සඳහා අයදුම් කරන්නේ කෙසේද?
අයදුම්කරුවන් අන්තර්ජාලය හරහා ලියාපදිංචි වීමක් සිදුකළ යුතුය.
අයදුම්කරුවන්ව වික්ටෝරියානු ප්‍රාන්ත රජය හෝ එහි නියෝජිතයින් විසින් විගණනයකට භාජනය කළ හැකි අතර, මෙම වවුචරය අනුමත කිරීමෙන් පසු වසර 4 ක කාලයක් සඳහා වික්ටෝරියානු රජයේ ඉල්ලීම පරිදි එම වියදම් සඳහා සාක්ෂි ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ.
ලියාපදිංචියේ දී ඇති කිසියම් තොරතුරක් අසත්‍ය හෝ නොමඟ යවන සුළු බව පෙනී ගියහොත්, අයදුම්කරුට ලබාදෙන ඕනෑම මුදලක් වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ ඉල්ලීම මත ආපසු ගෙවිය යුතුය.
මේ සඳහා ලියාපදිංචි වීමට මෙම වෙබ් අඩවියට පිවිසෙන්න.

