විශේෂිත farm work වීසා බලපත්‍රයක් හඳුන්වා දෙන ලෙසට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නව පීඩනයකට මුහුණ දී සිටී.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
මෙම පීඩනය ලිබරල් සන්ධාන රජයේ සභාපතිත්වයෙන් යුත් පාර්ලිමේන්තු කමිටුවක් විසින්ම රජයට එල්ල කරන ලද එකක් වීම විශේෂත්වයකි.

විශේෂිත farm work වීසා බලපත්‍රයක් හඳුන්වා දෙන ලෙසට ඉල්ලීම්
වසර 2030 වන විට ඔස්ට්‍රේලියාවේ කෘෂිකාර්මික අංශය ඩොලර් බිලියන 100 ක කර්මාන්තයක් දක්වා වර්ධනය කිරීම පිළිබඳ විමර්ශනයක් පහළ මන්ත්‍රී මණ්ඩලයේ කෘෂිකාර්මික කමිටුව විසින් සිදුකරන ලද අතර එහි සොයාගැනීම් පිළිබඳ වාර්තාවක් ඊයේ (14/12) නිකුත් කළේය.
එම කමිටුවේ සභාපති ලෙස කටයුතු කරනු ලැබුවේ බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී Rick Wilson ය.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
ඔස්ට්‍රේලියාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය වර්ධනය කිරීම සඳහා එහි ශ්‍රම හිඟයට විසඳුම් සෙවිය යුතු බවත් ඒ සඳහා විශේෂිත farm work වීසා බලපත්‍රයක් හඳුන්වා දිය යුතු බවත් එම කමිටුව තම අවසන් වාර්තාව නිකුත් කරමින් පවසා සිටියේය.
මෙම කම්කරු හිඟය පිළිබඳ ගැටළුව රජය පිළිගෙන ඇති අතර ගෙන්වා ගන්නා විදෙස් ශ්‍රමිකයින්ව අදාළ ප්‍රාන්තයේ පමණක් රැකියා කිරීමට සීමා පැනවිය යුතු බව ජාතික කැබිනට් මණ්ඩලය ද කැමැත්ත පළ කර තිබුණි.

රජයට අලුතින් පීඩනයක්
2018 වසරේදී අගමැති Scott Morrison ද මෙම විශේෂිත farm work වීසා සඳහා සිය සහයෝගය පළ කර තිබූ නමුත් පවත්නා සංක්‍රමණ වැඩසටහන් පුළුල් කිරීම යන්නෙන් අදහස් කරනුයේ විශේෂිත රැකියා වීසා ඛාණ්ඩයක අවශ්‍යතාවක් නොමැති බව යන්න පසුව ඔහු පැවසීය.
කෘෂිකාර්මික වීසා බලපත්‍රයක් දැනට පවතින වැඩසටහන් වෙනුවට ආදේශ කිරීමට අපහසු බව මෙම කමිටුව පැවසීය.
"විශේෂිත කෘෂිකාර්මික වීසා බලපත්‍රයක් මගින් සංක්‍රමණිකයින්ට අඩු නිපුණතා සහිත රැකියා වල සේවය කිරීමට ඉඩ දිය යුතුයි. එමෙන්ම අවම වශයෙන් අවුරුද්දක්වත් ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමට හෝ සෘතුමය පදනමක් මත නිතිපතා ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා අයදුම් කිරීමට ඉඩ දිය යුතුය" යනුවෙන් මෙම විශේෂ වාර්තාව පවසා ඇත.
"මෙහි වීසා කොන්දේසි නිශ්චිත සේවා යෝජකයෙකුට පමණක් සම්බන්ධ නොවිය යුතු නමුත් නිශ්චිත කර්මාන්ත ක්ෂේත්‍රයකට (උදාහරණ ලෙස උද්‍යානලංකරණ) හෝ නිශ්චිත කලාපයකට හෝ සම්බන්ධ විය යුතුය. මෙම කොන්දේසියේ අරමුණ වනුයේ සේවකයින්ව සූරාකෑම අවම කිරීමයි" යනුවෙන්ද එම වාර්තාවේ දැක්වෙයි.
ඩොලර් බිලියන 100 ඉලක්කය වෙත යාමේ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අරමුණට ජාතික ගොවි සම්මේලනයේ සහය පළ කර තිබේ.
නමුත් ශ්‍රම බලකායේ හිඟය ප්‍රධාන වශයෙන් බලපාන බව පසුගිය සතියේ ඔවුහු ප්‍රකාශ කළහ.
Nationals පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් මීට පෙර කෘෂිකාර්මික වීසා බලපත්‍රයක් සඳහා සහාය ලබා දී ඇති නමුත් කැබිනට් මණ්ඩලය තුළ ඒ සඳහා ඉඩක් ලබා ගැනීමට අසමත් විය.

