ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ කොරෝනා වයිරස් එන්නත් අත්හදා බැලීම අත්හිටුවා තිබේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලය සහ CSL ජෛව තාක්ෂණික සමාගම එක්ව මේ බව අද (11/12) පෙරවරුවේ නිවේදනය කළේය.

ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ කොරෝනා වයිරස් එන්නත් අත්හදා බැලීම අත්හිටුවයි
ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ කොරෝනා වයිරස් එන්නත මිනිසුන් ලවා අත්හදා බැලීමේ දෙවන හා තෙවන අදියරයන් දක්වා ඉදිරියට නොයනු ඇතැයි අද වාර්තා විය.
එම අත්හදා බැලීම් සඳහා සහභාගී වූ ඇතැම් පුද්ගලයින් වෙත අත්හදා බැලීමෙන් අනතුරුව HIV සඳහා ව්‍යාජ-ධනාත්මක ප්‍රතිඵල ලබා දීම හේතුවෙන් මෙලෙස සියලු අත්හදා බැලීම් නවත්වා ඇත.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
ඒ අනුව මෙම එන්නත ලබාගැනීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය, ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලය සහ CSL ජෛව තාක්ෂණික සමාගම සමග ඇති කරගත් ගිවිසුම අවසන් කිරීමට ජාතික ආරක්ෂක කමිටුව තීරණය කළේය.
ඒ අනුව විද්‍යාත්මක උපදෙස් මත ඔස්ට්‍රේලියානුවන් සඳහා ලබාගැනීමට නියමිතව තිබූ කොරෝනා වයිරස් එන්නත් ලැයිස්තුවෙන් මෙය ඉවත් කිරීමට තීරණය විය.
මෙම එන්නත සාර්ථක වුවහොත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මිලියන 50 ක එන්නත් මාත්‍රා ඇණවුම් කර තිබූ අතර ඒ සියල්ල මේ වන විට අවලංගු කර තිබේ.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ වත්මන් ස්ථාවරය
"අපගේ එන්නත් ක්‍රමෝපාය මගින් විද්‍යාත්මක උපදෙස් මත පදනම්ව කොරෝනා එන්නත් හතරක් හඳුනාගෙන තිබුනා. ඒවායේ අත්හදා බැලීම් වල තුන්වන අදියර අවසානයෙන් අනතුරුව සාර්ථක වුවහොත් ඒවා ඔස්ට්‍රේලියාවට ලබාගත හැකි බවට ගිවිසුම් අත්සන් කළා." යනුවෙන් ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison පැවසුවේය.
එම එන්නත් හතරම එම ක්‍රියාවලිය අවසානයේ අපට ලබාගත හැකි වෙතැයි අපි විශ්වාස කළ නමුත් ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ හා CSL සමාගමේ එන්නත ලබාගැනීම අත්හිටුවීමට සිදුව තිබෙන බව ඔහු පෙන්වා දුන්නේය.
ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ හා CSL සමාගමේ කොරෝනා එන්නත ලබාගැනීම අහෝසි කිරීමෙන් පසුව Oxford සරසවිය හා AstraZeneca සමාගම එක්ව අත්හදා බලමින් සිටින කොරෝනා එන්නතේ මාත්‍රා මිලියන 20 ක් අතිරේකව ඇණවුම් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පියවර ගෙන තිබේ.
එමෙන්ම Novavax කොරෝනා එන්නතෙන් තවත් මාත්‍රා මිලියන 11 ක් ද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් දැන් ඇණවුම් කර ඇත.
මේ වන විට කොරෝනා එන්නත් මාත්‍රා මිලියන 140 කට අධික සංඛ්‍යාවක් ලබාගැනීමට ඔස්ට්‍රේලියාව කටයුතු කර ඇතැයි ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසීය.
එම ප්‍රමාණය සමස්ත ඔස්ට්‍රේලියාවේ මුළු ජනගහණය ආවරණය කිරීමට ඕනෑවටත් වඩා වැඩි බව ඔහු පැහැදිලි කළේය.
ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ හා CSL සමාගමේ කොරෝනා එන්නත අත්හදා බැලීම නවතාලීම ඛේදජනක සිදුවීමක් බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk, ABC පුවත් වෙත පැවසුවාය.

