SKIP TO MAIN CONTENT

මෙල්බර්න් දුම්රිය රියදුරන්ට පැනවූ අලුත්ම නීතිය නිසා මෙල්බර්න් දුම්රිය ගමන් වලට බාධා සිදුවේවිද? (SBS සිංහල/වාර්තා)

Metro Trains Melbourne
Metro Trains Melbourne Source: AAP

3 min read

Published

By Madhura Seneviratne


Skip to article content

මෙල්බර්න් Metro දුම්රිය රියදුරන් සිය ගණනක් දුම්රිය, ට්‍රෑම් සහ බස් වෘත්තීය සමිතියෙන් (RTBU) ඉවත් වී තිබේ.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

නව සේවා ස්ථාන නීති රීති ඛේදනීය තත්ත්වයකට තුඩු දිය හැකි බව පවසමින් ඔවුන් මෙම ක්‍රියා මාර්ගය ගෙන ඇත.

Metro Trains Melbourne
Source: Wikipedia

මෙල්බර්න් Metro දුම්රිය රියදුරන්ට නව සේවා ස්ථාන නීති රීති

මෙම වසර මුලදී දුම්රිය, ට්‍රෑම් සහ බස් වෘත්තීය සමිතිය සහ මෙට්‍රෝ දුම්රිය සමාගම අතර ඇති කරගත් ගිවිසුම දුම්රිය මගී ප්‍රජාව අවදානමට ලක් කර ඇති බව දුම්රිය රියදුරන් පවසයි.

එම ගිවිසුම යටතේ දුම්රිය රියදුරන් හට නව සේවා මුර ලේඛන (rosters) ලබාදී ඇති බවත් ඒවා ගැටළු හා අවදානම් සහගත බවත් ඔවුහු පවසති.

අදාළ සේවා මුර ලේඛන වලට අනුව දුම්රිය රියදුරන්ට දිනකට කිහිප වතාවක් එකම දුම්රිය මාර්ගයක දුම්රිය පැදවීමට බල කර ඇති බවත් ඒ හරහා මාරාන්තික අනතුරු ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවූ බවත් දුම්රිය රියදුරන් පැවසු බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


 

මෙයට විරෝධය දැක්වීමක් වශයෙන් තමන් දුම්රිය, ට්‍රෑම් සහ බස් වෘත්තීය සමිතියෙන් ඉවත්වීමට තීරණය කළ බව ඉවත්වූ දුම්රිය රියදුරෝ පවසති.

වසර 2015 දී දුම්රිය ධාවන ජාලය හරහා දිනකට විවිධ දුම්රිය මාර්ග හතරක දුම්රිය ධාවනය කිරීමට රියදුරන් පත් කළ බව එහිදී එක් දුම්රිය රියදුරෙකු පැවසීය.

නමුත් දැන් බොහෝ දෙනෙකුට එකම සේවා මුරයකදී එකම දුම්රිය මාර්ගයයේ තුන් වතාවක් ධාවනය කිරීමට බල කර ඇත.

එකම දුම්රිය මාර්ගයක ගමන් කිරීම හේතුවෙන් රියදුරන් යම් උදාසීනතාවකට පත්වීමක් සිදුවන අතර එනිසා රියදුරු දෝෂ ඇතිවීමේ අවදානම වැඩි බව අදාළ දුම්රිය රියදුරු පැවසීය

තමන් රැගෙන යන්නේ කුසලතාවයෙන් පිරි විශ්වාසවන්ත දුම්රිය රියදුරන් බව මගීන්ට ඒත්තු ගැන්විය යුතු නමුත් මෙහිදී එය විරුද්ධ දෙසට සිදු විය හැකි බව ද ඔහු පෙන්වා දුන්නේය.

එකම දුම්රිය මාර්ගයක දිනකට කිහිප වරක් දුම්රිය ධාවනය කිරීමෙන් රියදුරු අලස වන බවත් විවිධත්වය රියදුරුව නැවුම්ව තබා ගන්නා අතර උදාසීනත්වය වළක්වන බව ඔහු පැහැදිලි කළේය.

නමුත් එක් දුම්රිය මාර්ගයක නැවත නැවත ධාවනය කිරීමෙන් ආරක්ෂිත අවදානම් වැඩි නොවන බව Metro දුම්රිය සමාගම පවසා ඇත.

Peak hour commuters cram into a city loop train
Source: AAP

වෘත්තීය සමිතියේ අදහස

දුම්රිය රියදුරන්ගෙන් 5% ක් පමණ සාකච්ඡාවලින් ලැබුණු ප්‍රතිඵල පිළිබඳ ඔවුන්ගේ අතෘප්තිය හේතුවෙන් වෘත්තීය සමිතියෙන් ඉල්ලා අස් වූ බව දුම්රිය, ට්‍රෑම් සහ බස් වෘත්තීය සමිතිය කියා සිටියේය.

මෙම ගැටලුව සාකච්ඡා කිරීම සඳහා රැස්වීම් 100 කට අධික සංඛ්‍යාවකට සහභාගී වූ බවත් කොරෝනා වසංගතය මධ්‍යයේ සාකච්ඡා වලට පැමිණිමට හැකි වූ නිලධාරීන් සමග සාකච්ඡා කළ පසුව මෙම කොන්දේසි ලැබුණු බවත් ඔවුහු පව්සුහ.

ආරක්ෂිත සේවා ස්ථානයක් සහතික කිරීම සඳහා දුම්රිය රියදුරන්ට මෙම වර්තමාන තත්වයන්හි බලපෑම අවම කර ගත හැකි තවත් ක්‍රම පිළිබඳව මේ වන විට විමර්ශනය කරමින් සිටින බව දුම්රිය, ට්‍රෑම් සහ බස් වෘත්තීය සමිතිය පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now